IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉතාලි ගිය පුතා නුදුටු අම්මා සොයයි

දහතුන් වසරකට පෙර ඉතාලියට ආ ශ්‍රී ලාංකිකයෙක්  ශ්‍රී ලංකාවේ සිටින මව සොයයි.ඔහු තම මව දැක නැත.මීගමු රෝහලේදී 1972.11.28 වැනිදා  උපන් බව පමණක් ඔහු දනී.

මවගේ නම හෙට්ටිආරච්චිගේ සීලවතී බවත් ඇය මහරගම උපන් බවත් හෙට්ට්ආරච්චිගේ හේමන්ත නම් ඇගේ පුත්‍රයා පවසයි.

තමා උපදින විට මවගේ වයස අවුරුදු 18 ක් බවද ඔහු කියයි.

තම මව්පියන් පිළිබද ඊට වඩා කිසිත් නොදන්නා බවත්  ඔවුන් සොයා ගැනීමට උදව් පතන බවත් ඔහු ඉතාලියේ බ්‍රෙසියා නුවර සිට ලංකාදීපයට කිහිපවරක්ම කතා කළේය.

ඇය ගැන තොරතුරක් දන්නේ නම් පහත සඳහන් විද්‍යුත් ලිපිනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

[email protected]

 



අදහස් (0)

ඉතාලි ගිය පුතා නුදුටු අම්මා සොයයි

ලකී දොඩන්ගොඩ Wednesday, 30 July 2014 12:11 PM

අම්මාත් පසුව වෙනත් රටකට ගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

කමල් Wednesday, 30 July 2014 12:38 PM

අම්මා මහරගමදී 1954 දී ඉපදුනා කියලා දන්නවා නම් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අම්මාගේ උප්පැන්න සහතිකය හොයාගෙන විස්තර හොයාගන්න පුළුවන් නේද? (නි)

:       0       0

බණ්ඩා Wednesday, 30 July 2014 02:21 PM

මෙයා අවුරුදු 28 ක් ලංකාවේ ඉද්දි අම්ම ගැන හොයා බලන්න හිතුනේ නැද්ද ? (නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 30 July 2014 03:52 PM

අනේ පුතේ ! ඔබට දැන් අවුරුදු 32 කි.වැදු මව කෙසේ වෙතත් හැදු මව් සමග ඉතිරි කාලයත් ගත කරන්න.ඒක තමා ලොකුම ආදර්ශය මේ රටේ සිදුවී හා සිද්ධවෙන දේවල් ගැන අසන විට ! (අ)

:       0       0

ෆස්රුල් ගෆුර් - කටාර් Thursday, 31 July 2014 07:45 AM

මේක දැන් විලාසිතාවක් වෙලා වගේ. තමන් වැදු මව සොයල ලංකාවට එන එකයි. ලංකාවෙන් පිටත්වෙලා මව සොයන එකයි. අනික අවුරුදු 13 කියන්නේ ලොකු කාලයක් නැහැ. නමුත් මව සොයන කිසිකෙනෙක් කවදාවත් පියා ගැන හොයල බලල නැහැ. මේකෙන්ම පේනවා මවු-පිය සෙනෙහස කොහොමද කියලා. (නදී)

:       0       0

කරු මලේ Thursday, 31 July 2014 10:06 AM

මට නම් පිස්සු වගේ මේකේ කමෙන්ට්ස් කියවල. (අ)

:       0       0

ඇන්ටන් Wednesday, 30 July 2014 08:47 PM

ගාමිණී -සිරි, අනේ මේ කෙනාගේ දැන් වයස අවුරුදු 32 ක් කියලා ගණන් හදපු විදිය පැහැදිලි කරන්න පුලුවන්ද ? (නි)

:       0       0

සමන්ති Thursday, 31 July 2014 12:59 AM

ඇයි එයා ලංකාවේ ඉන්නකොට අම්මාව සෙව්වේ නැත්තේ? (නි)

:       0       0

රසික කටාර් Thursday, 31 July 2014 11:43 AM

දෙය්යෝ දනී අපි නොදනී නේද? (අ)

:       0       0

ගාමිණී Thursday, 31 July 2014 02:56 AM

ඔහු අවුරුදු 28ක් ලංකාවේ සිටියා නම් මව නොහඳුනන්නේ කොහොමද? මව සෙවීමට කලින් උත්සාහ නොකළේ මොකද? (නි)

:       0       0

අජිත් Thursday, 31 July 2014 01:41 PM

මේක මහා අපබ්‍රංස කතාවක් නේ අප්පා.. (අ)

:       0       0

ගයාන් Wednesday, 30 July 2014 11:56 AM

ඉක්මනින් අම්මාව දැක ගැනීමට ලැබේවා! මේ පුද්ගලයාගේ වයස අවුරුදු 41 ක් විය යුතුයි. ඔහු ඉතාලියට ගිහිල්ලා තියෙන්නේ අවුරුදු 28 දී නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 344 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site