ඉතාලියේ වෙරෝනා නුවර ‘අදීජේ‘ ගඟට වැටුණු බව කියන ශ්‍රී ලාංකික තරුණියක (22) ඉතාලි ජාතිකයන් විසින් බේරා ගනු ලැබිය.
වසර දෙකක්ම රැකියාවක් නොමැතිව සිටි බව කියන ඇය ගඟට පැන්නේ දැයි සැකයක් පවතින බව ඉතාලි පොලීසිය කියයි. මේ දිනවල ගඟේ වතුර අඩු වීම නිසා ඇගේ ජීවිතය බේරී ඇතැත් ගලක වැදීමෙන් ඇගේ හිස සහ පාදයක් තුවාල විය.
පසුගිය වසර දෙකේ ශ්‍රී ලාංකිකයෝ විසි පස් දෙනෙක් පමණ ඉතාලියේදී දිවි නසා ගත්හ.
ඉතාලියේ සිටින වෙනත් ජාතීන් හා සසඳන කළ එය ඉහළ ප්‍රතිශතයක් බව ඉතාලි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණත් කමක් නැහැ ඉතාලියට ගිහිල්ලා. අනේ මෙහෙමත් මෝඩයෝ? අපේ මිනිසුන්ට මේ මොනවද වෙලා තියෙන්නේ? (නි)
වසන්ත, ඔබ හරි. සැවොම සොයන්නේ රජයේ රැකියාවක්. තමාගේ දැනුමෙන් දියුණුවන රැකියාවකට යන්නේ නැහැ. (නි)
ඉතාලියේ පිරිමි අයට කෙසේවෙතත් ගැහැණු අයට බොහෝ වෙලාවට රැකියාවන් තිබෙනවා.හරි පුදුමයි මෙහෙම දෙයක් වුණා කිව්වහම.හැබැයි ලංකාවෙ සිට මෙහෙ ආ මිනිස්සු හරි දුෂ්ටයි.කිසිම කෙනෙකුට උදව් කරන්නේ නැහැ (නි)
වසන්ත තමයි ලංකාවේ ඉන්න ලොකුම මොඩයා. (නදී)
වසන්ත පේනවා නේද ඔයාට අනික් අය කියල තියෙනවා දේවල්. එ්ක නිසා ඔයාගේ මෝඩ කම ලෝකෙට පෙන්වන්න එපා. ඇණිය ඔයා මට මොලේ දෙන්න ඕනි නහැ මට හොද මොලයක් තියෙනවා. මම කරන්නේ සමාජ සේවය නිසා. (නදී)
වසන්ත හරි, ලංකාවේ ඕන තරම් රස්සාවල් තියෙනවා. පත්තරයක් ගත්තම දවසකට පුරප්පාඩු කොච්චර තියෙනවද, මමම අපේ ගමේ ගොඩ දෙනෙක්ට රස්සාවල් හොයල දීල තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ කම්මැලි කම සහ ලොකු කම, මොන උපාදිය ගත්තත් හැකියාවක් නැත්නම රැකියාවක් ලැබෙන්නේ නෑ. පිටරට උපාධි ගත්ත මිනිස්සු පවා මුලින් කරන්නේ කඩේක හරි හෝටලේක හරි වැඩ කරන එක. අපේ හීන මානයෙන් ඉන්න මිනිස්සුන්ට ලංකාවේ පොඩි කඩයක් දාගෙන දියුණු කරගන්න එකටත් වඩා ඔෆිස් එකක පියන් කෙනෙක් වෙනවාටත් වඩා පිටරට ගිහින් වැසිකිලි හෝදන එක නම්බුවක් වෙලා. වැරැද්ද තියෙන්නේ රටේ නෙමෙයි මිනිස්සුන්ගේ හිතේ (නදී)
මම ජපානයේ අවුරුදු 5 කට ළංවෙන්න රැකියාවක් නැතුව හිටියා. හැබැයි කිසි ප්‍රශ්නයක් නැතුව මගේ ජපන් බිරිඳ මට කන්න බොන්න වියදමට ඇයගේ රැකියාවෙන් සල්ලි දුන්නා.ඒ නම් සැබෑම ආදරේ හින්දයි කියලයි මම නම් හිතන්නේ.ඇය මම වෙනුවෙන් ඇයගේ ගොඩක් දේවල් ආර්ථික පැත්තෙන් අහිමිකර ගත්තා. කැපකළා. ඒ හින්දම මට නම් මැරෙන්න හිතුනේ නැහැ (නි)
කවුරුන් හෝ පිටුපසින් සිට තල්ලුකළා වෙන්න බැරිද? ලංකාවේ මිනිස්සු පිටුපසින් සිට තල්ලු කරන්න හරිම දක්ෂයි. (නි)
ලංකාවේ රැකියා නැතුවාම නෙමෙයි, රැකියා අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු ගොඩක් ඉහළයි. (නි)
මාගලී,කණගාටුයි ඔයාලා වගේ අයට මොළය දෙන්න බැරිඑකට.ලංකාවේ විතර රැකියා ඇබෑර්තු තිබෙන රටක් දකුණු ආසියාවේ නැහැ.ප්‍රශ්නය තියෙන්නේ පිටරට වල ගිහින් වහල් වැඩකළාට ලංකාවේදී සොයන්නේ ඉහළම රැකියා.අපි වහල් මානසිකත්වයෙන් මිදෙන්න ඕනෑ.අපේ රට ගැන අවතක්සේරුවෙන් හිතන එක නවත්වන්න ඕනෑ. (නි)
වසන්ත, තරහා වෙන්න එපා කිව්වට. ඔහේ නම් පුදුම මෝඩ මනුස්සයෙක් (නි)
කොටන කුකුළාට කොයි ගමත් එකයි. දියුණුවෙන මනුස්සයා ලංකාවේ හිටියත් සෝමාලියාවේ හිටියත් දියුණු වෙනවා. හැබයි පිටරටවල විශේෂ අමාරුකම් සහ බාධක තිබෙන බව ඇත්ත. (නි)
ලංකාවේ ඕනෑ තරම් රස්සාවල් තියෙද්දී ඉතාලියේ ගංගාවල් වලට පනින්නේ පෙර පව් වලට තමා. (නදී)
වසන්ත, අදනේ දන්නේ ලංකාවේ ඕනි තරම රස්සාවල් තියෙනවා කියලා. එ්ක තමයි තරුණ තරුණියන් සේරම රස්සාවල් නැතිව ඉබාගාතයේ යන්නේ. විශ්ව විද්‍යාලවල දරුවෝ සේරම උපාදි ගත්තු අය. පිස්සු දොඩවන්න එපා (නදී)
වසන්ත, මෝඩ කතා කියන්න එපා. ලංකාවේ ලොකුම ප්‍රශ්නය තරුණ තරුණියන්ට රැකියා නැතිවීම. අන්න ඒක නිසා තමා හැමෝම පිටරට යන්නේ. (නි)