ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම සිව්දින සංචාරයක් සදහා ලබන 14 වැනිදා ශ්‍රි ලංකාව බලා පිටත්වන බව ඉතාලි ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
එහිදි ශ්‍රි ලංකාවේ ප්‍රධාන අන්තර් සමාජ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් සමග පුහුණු තරගාවලියකට මුහුණ දිමෙන් පසු 19 වැනිදා තවත් ක්‍රිකට් තරගාවලියකට සහාභාගි විමට සිංගප්පුරුව බලා පිටත්විමට නියමිතය.
ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඉතාලි ජාතික ක්‍රිඩකයින් අටදෙනෙකු සමග අතිරේක ක්‍රිඩකයින් දෙදෙනෙකුත් ඇතුළුව ශ්‍රි ලාංකිකයින් අටදෙනෙකු ඈතුලත් බව ඉතාලි ජාතික කණ්ඩායමේ උප පුහුණුකරු ඉතාලි ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති හා ඉතාලි ඔලිම්පික් කමිටු සාමාජික කැලුම් පෙරේරා මහතා පවසයි.
ගයශාන් මුණසිංහ, ජෝයි පෙරේරා,ඩිලාන් ප්‍රනාන්දු,මදුප ප්‍රනාන්දු,තරිදු ප්‍රනාන්දු,දිනිදු මාරගේ,ඩේමියන් ප්‍රනාන්දු,නිමෙෂ් රොද්‍රිගෝ යන ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැමෝගෙම මොලේ හොද නැද්ද? ඔය ලිපියේ තියෙනවා නේද එන්නේ පුහුණු තරග වලට කියලා. අත කරකවන්න පුරුදුවෙයි. අපේ රටත් ඔයවගේ තමා ඒ කාලේ සෙල්ලම් කලේ දැන් නො 1 උනාට. අනුන්ට හිනා වෙන්න එපා.(නදී)
ලංකාවේ කණ්ඩායම ලංකාවේ නැති අතරේ මේ අය ලංකාවට එන්නේ මොනා කරන්නද? (අ)
මේ ගැන අදහස් දාල තියෙන සමහර අයගේ සිතුවිලි ගැන හිතාගන්නත් බැහැ. නන්දන මහතා ඔබ සමහර විට ක්‍රිකට් ක්‍රීඩාවට කැමැති නැද්ද දන්නේ නැහැ. ඉතාලි ක්‍රිකට් කණ්ඩායම මේ යන්නේ සිංගප්පුරුවේ පැවැත්වෙන හතරවන කාණ්ඩයේ තරගාවලියට. මෙය සංවිදානය කරන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය මගින්. දවස් හතරක් ලංකාවට යන්නේ වැඩිපුර යමක් ලබාගන්න. නමුත් මෙය නිල මට්ටමේ සංචාරයක් නෙමේ. ඉතාලියේ ක්‍රිකට් සම්මේලනයේ ක්‍රියාකාරකම්වල විනිවිද බාවයක් නොතිබුනත් ලාංකිකයන් ලෙස මෙහි ජීවත්වන ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයන්ට මහගු අවස්ථාවක්.(නදී)
ඉතාලියේ ක්‍රිකට් කණ්ඩායම් අතර පකිස්තාන් ,බංග්ලාදේශ්,ඉන්දීය ක්‍රීඩකන් බහුලව ඇත .පකිස්තාන් එක ක්‍රීඩකයෙකු හැර අනිත් සියලුම විදේශ ක්‍රීඩකයන් ලාංකිකයන් .ඉතාලි ක්‍රිකට් කණ්ඩායමේ ඉතාලියේ ඉපිදුන අය නැත.දකුණු අප්‍රිකාව ,ඕෂ්ට්‍රලියව එංගලන්තය ,ඉපදුන ඉතාලි සම්භවය ඇති ක්‍රිකට් වලට දක්ෂ ක්‍රීඩකයන් මේ සදහා තෝරාගෙන ඇත .මේ අය ඉතාලි ජාතිකයන් ලෙස මෙම කණ්ඩායම නියෝජන කරති.(අ)
මේ කණ්ඩායම යුරෝපා කප් එක දිනපු කණ්ඩායමක්. ඔක්කොහ හොඳට සෙල්ලම් කරනවා. තුන් දෙනෙක්ම වෙන්ප්පුවේ ජෝෂප් වාස් විදුහලේ. ඉතාලි අය ඉන්නේ හතරක් නැත්නම් 5 ක් විතරයි. සේරම හොඳට ක්‍රිකට් ගහන්න දන්න අය. මේ කණ්ඩායම ලංකාවට එන එක ගැන සතුටුයි.(නදී)
ක්‍රිකට් සහ ෆූට් බෝල් යනු අන්ත දෙකක්. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම අපට ආඩම්බරයක්. රුවන් කියනවා වාගේ අපේ රටත් ඔයවගේ තමා ඒ කාලේ සෙල්ලම් කලේ දැන් නො 1 උනාට අනුන්ට හිනා වෙන්නේ අපේ ක්‍රිකට් (සහ ක්‍රීඩා ) ඉතිහාසය දන්නේ නැති අය. 2012 සාර්ක් ෆූට් බෝල් කප් එකේදී ලංකාව මාලදීවයිනට පැරදුනේ 10-0 ලෙස.ක්‍රිකට් සෙල්ලම් කරන රටවල් මොනවද ෆූට් බෝල් සෙල්ලම් කරන රටවල් මොනවද කියල හොඳට හොයල බලන්න. අඩුම ගානේ ඉතාලිය ගැනවත් ටිකක් හොයල බලන්න එතකොට අපි ඉන්නේ කොහෙද කියල තේරෙයි.(නදී)
නන්දන,ඔයාගේ අදහස් දාන්න කලින් මේක ඔයා හරියට කියවන්න එහිදි ශ්‍රි ලංකාවේ ප්‍රධාන අන්තර් සමාජ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් සමග පුහුණු තරගාවලියකට (අ)
පනාගොඩ මහත්තයා මේ අයට ලංකාවේ ටීම් එක එක්ක ගහන්න කලින් ලංකාවේ ඉස්කෝල ටීම් එක්ක ගහල පුරුදු වෙන්න ඕන.මෙයාලා තාම ක්‍රිකට් වලට පොඩි ළමයි.මොකද අපි ඉතාලියට ගියොත් ෆූට් බෝල් ගහන්න අපිට ඉතාලි ඉස්කෝල ටීම් එකක් වත් එක්ක ගහන්න දෙන්න නැ. (අ)
දිනිදු මරගේ ලංකාවේ 17පහල ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් වගේම ඔහු වරක් 19 පහල තුන් එරියුව් සම්මානය දිනාගත් ක්‍රීඩකයෙක් මම ඔහුට සුබපතනවා (අ)
නන්දන පනාගොඩ මිලානෝගේ ක්‍රිකට් දැනුමේ හැටියට තමයි පිළිතුර දීල තියෙන්නේ. නන්දන ලංකාවේ කොයි පළාතේ එල්ලේ ටීම් එකටද සෙල්ලම් කලේ? (නදී)
නිමල් ඔබ කියන්නේ ඇත්ත. මේකේ ඉන්න සමහර අයට අත කරකවලා හරියට 'බෝල්' කරන්නවත් බැහැ. ලංකාවේ පිට්ටනි වල 'ටෙනිස් බෝල්' ක්‍රිකට් ගහන ටීම් එකක් එක්ක වත් දිනන්න බැරිවෙයි. (නදී)