දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණවලදි එක්සත් ජාතික පක්ෂය සහයෝගය දැකිවිම පිණිස පැවැත්වෙන රැස්වීමක් හෙට (23) සවස හතරට මිලානෝ නගරයේ මොන්කුක්කෝ මාවතේ අංක 29 දරණ ස්ථානයේ පැවත්වේ. ඉතාලියේ එක්සත් ජාතික පක්ෂ මිලානෝ ලොම්බාර්දියා පක්ෂ ශාඛාව මෙය සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර නම් මිලානෝ වල හොඳ ජවයක් තියෙන තරුණ කොල්ලෝ ටිකක් ඉන්නවා වගේ. කොහොම හරි මේ පාරවත් පක්ෂේ ගොඩ දාගන්න බලමු. සෙනග එකතු කරන්න බස් දන්නා ඕන නැහැ නේද? (අ)
අපේ ආසන සංවිධායක තුමා අද හමුවෙච්ච වෙලාවේ මිලානෝවල බොහොම බලවත් කට්ටියක් අපේ පක්ෂෙට සහාය දෙන්න ලක ලෑස්තිවෙලා ඉන්නවා දන්නවද කියල ඇහුවම උන්නැහේ මගෙන් ඇහුවේ, " අපිට නම් එහෙම ආරංචියක් නැහැ. ඕනනම් මම පක්ෂෙන් අහල බලන්නද?" කියලයි. අනේ මටනං ඕන කමක් නැහැ කියල මම කිව. කොහොමටත් අයියල කරන දෙයක් නායක තුමා, නායකත්ව මණ්ඩලය සහ අනෙකුත් ඒක නායකලා දෙනුවත් කරලම පටන් ගත්තොත් හොඳයි නේද? (දී)
මෙහෙමවත් අපි සංවිධානය වීම හොඳයි.ඇ මල්ලියෝ. එතකොට ඔය රැස්වීම තියනකොට ශබ්ද විකාශන යන්ත්‍රත් දානවා නේද? නැත්නම් චන්දෙ තියෙන පලාතට ඇහෙන්නේ නැහැනේ. මම සවුන්ඩ්ස් කරනවා. ඕන නම් මම නොමිලේ දෙන්නම්. (දී)
ජයවේවා අපි බලමු මොකද වෙන්නේ කියලා (දී)
ලෝකේ පුරා චන්දෙ තියෙනවාද (දී)
ඔය කට්ටිය මොන පිලේ ද ?සජිත් පිලේද රනිල් පිලේද? (දී)
විකුම් මල්ලි. මමත් ඔයා කිවුව එකම මේ දැන් කිවුවා ලෝකේ පුරාම අපේ ඡන්දෙ තියෙනවානම් මරුනේ.(නදී)