රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ යන්ත්‍රාගාරයක විශාල කොටසක් අද ගලවාගෙන ගිය බව රතුපස්වල පරිසර කමිටුව කියයි.
කම්හල ගෙන යෑමේ ප්‍රීතිය සමරමින් ප්‍රදේශවාසීහු රතිඤ්ඤා පත්තු කරති.
වැලිවේරියට පොලිස් ආරක්ෂාව යොදා ඇත.
කම්හල බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දී ලබන අප්‍රේල් මාසයේ ඇරැඹීමට නියමිතය.
කම්හල රතුපස්වලින් ගෙන යන්නැයි ඉල්ලමින් පසුගිය වසරේ ජූලි 27 වැනි දා සිට උද්ඝෝෂණ පැවැති අතර අගෝස්තු පළමු වැනි දා වැලිවේරියේ දී උද්ඝෝෂකයන් හා යුද හමුදාව අතර ඇති වූ ගැටුමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් මිය ගියහ. තිස් ගණනක් තුවාල ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමට ඉස්සෙල්ලම කර්මාන්තය ආව එක මේ එක්කෙනෙක්ටවත් පෙනුනේ නැහැ නේද? ඊට පස්සේ මිනිස්සු ගමට ඇවිත් දෙගොල්ලොම එකට ගමනක් ගියා. නමුත් එන්.ජී.ඕ කාරයෝ තව අපේම කොන්ත්‍රාත් ගත්තු අයත් මේවගේ කර්මාන්ත නැතිකරන්න බලාගෙන ඉන්නේ.
අනේ බන්දුල නොදුටු මොක් පුර. (නදී)
ප්‍රනාන්දු ඔයා දන්නා දෙයක් නැහැ.(නදී)
අනේ බන්දුල පෙරේරා කඩේ යන්නේ නැතුව ඉන්න තැනක ඉදන් කරන දෙයක් කරගෙන ඉන්න. ඔය කියන දෙයක් මෙතන වෙන්නේ නැහැ වතුර සවුත්තු වුනේ රසායනික ද්‍රව්‍ය පොලවට ගිය නිසයි. මිට කලින් වතුර හොදට තිබුනා රතුපස්වල. ඔයාල වගේ අය නිසා තමයි ලංකාව ගොඩ ගන්නම බැරි.(නදී)
පරිසර වාර්තා නිවැරදි වුනත් ගමේ බලපෑමට ගැලෙව්ව එකේ පාඩුව මතක් වෙයි තව ඉස්සහට රටේ ආර්ථිකය පහත වැටුනු දාට.(නදී)
අපි කැමතියි ඒ වෙනසට (දී)
ඔය ටික මුලිම්ම කලානම් ඉවරනි.ඡන්දයක් එනකම්ම ඉන්න ඕනවුනාද?අපරාදේ ගැටුමෙන් නැතිවුණු ජීවිත.කව්ද ඒ මිල කරන්න බැරි ජිවිත වලට වගකියන්නේ. (දී)
අනේ බන්දුල කිසිම වර්තාවක නැහැ මේ විනාශය උනේ මේ කර්මාන්ත ශාලාව නිසා නෙමෙයි කියලා. අනික රත්පස්වල පැත්තේ කර්මාන්ත ශාලාවට කඩේ ගිය ඔක්කොම දැන් නල ජලයත් ගන්න හදන්නේ. දැන්වත් ඔය කඩේ යන එක නවත්තන්න බබෝ.(නදී)
රතුපස්වල සිද්ධියට සම්බන්ධ සියලුම පාර්ශවයන්ම ජයග්‍රාහකයෝය.(නදී)
ප්‍රමිත මහත්තයෝ.රොෂාන් මහත්තයෝ...කාලය විසින් කවුද වැරදි කවුද නිවැරිදි කියල තීරණය කරාවි .මොන්ටිසෝරියෙන් එලියට ඇවිත් ස්කෝලෙකට ගිහින් සමාජය දකින්න ගත්තට පස්සේ පොඩ්ඩක් මේ ප්‍රස්නේ එදාට තත්වේ හොයල බලන්න..එදාට ඔබ තුමාලට ස්ථිරව මාව මතක් වේවි...(දී)
දැන්නම් ඇත්තටම මේ කම්හල ගලවගන යනවා වගේ මේ වැඩේ මේ විදිහට ඉවර වන එක පාඩු වන අය අතර ඉහලින්ම ඉන්නේ මේක නිසා ගොඩ යන්න හිටපු බංකොලොත් දේශපලකයෝන්ට තමා (දී)
දැන්වත් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න (නි)
කම්හලේ පොඩි පොඩි වැඩ කරපු ගමේ දුප්පත් මිනිස්සුන්ගේ බත් වේල කවුද දැන් දෙන්නේ? කම්හල ළඟ පොඩි පොඩි දේවල් විකුණමින් ජීවත් වුන අහිංසක වෙළෙන්දන්ගෙන් දැන් කවුද බඩු ගන්න එන්නේ ? එයාලටත් බියගමට යන්න වෙනවද? (දී)
උද්ඝෝෂකයන් හා හමුදාව අතර ගැටුමක් ඇති වෙන්න කලින්ම මේ ප්‍රශ්නේ විසදා ගන්න තිබ්බා (දී)
කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමෙන් දේශීය සම්පත් යොදාගැනීම ,විදේශ විනිමය, රැකියා ලැබෙන බව ඇත්ත.මධ්‍යම පරිසර අධිකාරිය,ආයෝජන මණ්ඩලය ,භූ විද්‍යා මණ්ඩලය,ප්‍රාදේශීය සභාව ආදීන්ගේ අනුමැතියෙන් තොරවද ඉංජිනේරුවෝ ඉදිකිරීම් ආරම්භ කලේ.දැවැන්ත යන්ත්‍ර ,සුත්‍ර ඇදගෙන යනවිට දුකකුත් ඇතිවෙනවා 100% ක් ම ලාංකික සමාගම් අයිතිකරුවන්ට සිදුවූ පාඩුව ගැන.නමුත් ජනතාවගේ සෞඛ්‍යය ඊටත් වඩා වැදගත්.ලංකාවේ රබර් මිල නම් වැඩිවෙයි ටික කලක් යනකම් ,මොකද ? යන්ත්‍ර සවිකර යථා තත්වයට ගෙනෙන තෙක් මලේශියාවෙන් අමු රබර් කිරි බදු සහන යටතේ ගෙන ඒම ටිකක් ප්‍රමාද වන නිසා. (දී)
කලින් තීරණ ගත්තා නම් අර තරුණ ජීවිත නැතිවෙන්නේ නැහැ නේද? (නදී)
දැන්නම් කොහොමත් ඔය කර්මාන්ත ශාලාව රතුපස්වලින් යන එක කරනවා වගේ. (නදී)
මේවා කෙරෙන්නේ නම් චන්දෙ ඉලක්ක කරගෙන වෙන්න පුළුවන්....නමුත්...ජනතාවගේ උද්ගෝෂණය කිරීමේ අයිතියට විරුද්දව කතාකළ අයට මේක හොඳ පිළිතුරක් ..සටන් නොකර ජනතා අයිතීන් නොලැබෙන බවත්...පාලකයින් ..තැටියේ තිය..ජනතා අයිතීන් ලබා නොදෙන බවටත්...(දී)
ඔය වගේ කර්මාන්තශාලා මේ වගේ දියුනු රටවලින් පවා ඉවත් කලේ වස විස පොලවට එකතු වෙන ප්‍රමාණය වැඩි නිසා ඒවා ලංකාව වගේ දියුනු වෙමින් පවතින රටවලට අරගන ගියේ අපි ඕනෑම කුණුගොඩක් බාරගන්න නිසා ...ලින් ජාලයන් ජීවත් වෙන අපේ රටට මේ වගේ දේවල් උචිත නැහැ ...... මොකද .....අපේ රටේ . මිනිසුන්ගේ ...බඩේ ...බත් නැතුව ඉන්න්කලේ ....බෝතල් වතුර වලට ....වලට ....චියදම් කරන්න ...පුලුවන්ද.....(නදී)
අහෝ ..බන්දුල..ඔබ නම් ..පුදුම කඩේ යාමක් ..කරන්නේ..එහෙමත් නැත්නම් ඔබ වතුර නොබී හැදුනු ඝන ද්‍රව්‍ය පමණක් ආහාරයට ගත් කෙනෙක්.(දී)
පව් බන්දුල පෙරේරාගේ පුස් වෙඩි. අන්තිමේ දේශප්‍රේමී අති උත්තරීතර ආණ්ඩුව රැවුල්කාර මල්ලිලා හා එන් ජී ඕ කාක්කො දණ ගැස්සුවා එහෙනම්.(නදී)
නියම වැඩක් ගමේ උදවිය දින්නා එහෙනම් ජයවේව හැමෝටම චන්ද ගුන්ඩුවක් නොවෙවයි පෝය දවසේ ඉති සිතින් ප්‍රර්ථනා කරමි (දී)
මැරුණ අයගේ අහිංසක ජීවිත ආයේ ගේන්න බැහැ.(නදී)
ජනතාව එකමුතුනම් ඕනෑම හස්ති රාජයෙක් බිම දැමිය හැකියි, (දී)
අනේ! බලන්නත් ලස්සන රථ පෙරහරක්? ඡන්දයක් ළඟ එනකොට මෙවැනි මනරම් මාධ්‍ය සංදර්ශන නරඹන්න තරම්, කොතරම් නම් අපි වාසනාවන්තද? බලාගෙන ගියාම ජයග්‍රහණය පැමිණෙන්නේ, අපි කාටත් හොරමයි නේද???(දිල්)
බන්දුල, දම්. කර්මාන්ත ශාලාව ගලවල දවස් දෙක තුනෙන් වතුර හොඳ වෙන්නේ නෑ. හැබැයි ටික කලකින් වෙයි. දැන් බලන්න පුළුවන් හොඳ වීමේ ප්‍රවනතාවයක් තියෙනවද කියල විතරයි. ඉස්කෝලේ ගියේම නැද්ද? (අ)
ඡන්ද කාලෙට හරි කමක් නැහැ මේක අරගෙන යන එක නම් ලොකු දෙයක්. (දිල්)
හැබැයි ලිං වතුර නම් තාම ඒ වගේලු.(නදී)
ඇබිලිපිටියේ කෙනෙක් කියල තිබුනා ගමේ දුප්පත් අයට ජීවත් වන්න දැන් බියගම යන්න වේවි කියලා.ඒ තරම් රතුපස්වල හිගන්නෝ නැහැලු.අනික චන්ද තිබුනත් නැතත් රතුපස්වල මිනිස්සු සමගියන් ඉන්නකල් ඔය කර්මාන්ත ශාලාව එහෙ නිෂ්පදනනම් කරන්න වෙන් නේ නැ (දී)
නැද්ද පොඩි දුකක් කනගාටුවක් හිත ඇතුලේ (දී)
ලංකාවේ ගොඩක් වැඩ මේ වගේ තමයි ගොන් විදියට අවසන් වෙන්නේ.(නදී)
වැරදි ආදර්ශයක් රජය රටට දුන්නේ..වාර්තා නිවරිදිනම් බලපෑම් වලට යටත්ව හෝ ලග එන මැතිවරණය වෙනුවෙන් හෝ මේ ගත්ත තීරණය අනුවන එකක් .මේ රටේ කිසිම තැනක කර්මාන්ත ශාලාවක් පිහුටුවන්න බැරිවේවි මේ ආදර්ශය මත ඉදිරියට. ඒ වගේම දැනට තියෙන කර්මාන්ත ශාලාවලටත් ප්‍රස්න එල්ල වේවි. කොහොම උනත් එක දෙයක් පැහැදිල්යි. රතුපස්වල මිනිස්සුන්ට ස්වබාව දර්මයෙන් ලැබුණු දඩුවම රතුපස්වලට ඉදිරියටත් උරුමව තියේවි..ඔය වතුර වල පී එච් අගය තව වසර දෙක තුනකින් බැලුවත් ඔය තත්වෙම තියේවි..බොහොම ඉක්මනට මේ මිනිස්සු තේරුම් ගනීවි තමන් අන්දුණු ඇන්දිල්ලත් තමන්ව අන්දවපු කට්ටියත් කවුද කියල ...හැබයි ගමට තිබුණු වටිනා සම්පතක් අහිමි කරගෙන.(නදී)
කර්මාන්ත පුරයක් තියෙද්දි ගමක් මැද මෙය පවත්වාගෙන ගිය එක තමයි වැරැද්ද. ඡන්දෙ බලාගෙන හරි දැන්වත් මේක නිසි ස්ථාන කරා ගෙනයාමට බලදාරින් ඉදිරිපත්වීම ගැන අපි කවුරුත් සතුටු වෙනවා.(නදී)
ඊට පස්සේ බියගමට මොනව වෙයිද.? (නදී)
ඕනෑම දෙයක් දිනා ගැනීමට නම් අරගලයක් කළ යුතු බවට තවත් කදිම සාක්ෂියක්.(නදී)
ඔක්කොම හොඳයි. ඒත් කොහාටද මේවා ගෙනිහින් වැඩ පටන්ගන්නේ ? (නදී)
අනේ මෝඩ මිනිස්සු මේකත් හොද ජන්ද ගුන්ඩුවක් තමා.(නදී)