(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රජයට අයත් අක්කර 05 ක ඉඩමක් වංචා සහගත ලෙස මූල්‍ය සමාගමට මිලියන 100 ක මුදලකට විකුණූ නීතීඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්වරියක් සහ වතු සමාගමක හිටපු විධායක නිලධාරීවරයෙක් අත්අඩංගුවට ගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 5 තලකොටුව උද්‍යානය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්වරියක් සහ හෝකන්දර හෝකන්දර පාර පදිංචි 75 හැවිරිදි හිටපු විධායක නිලධාරීවරයෙකි.
සපුගස් තැන්න වතු සමාගම් භාරයේ තිබූ රජයට අයත් එම ඉඩම එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රධාන විධායක නිලධාරී සහ නීතිඥවරුන් සමග එක්ව එලෙස විකුණා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd