ඉඩම් ලියාපදිංචි කිරීම හා ඊට අයත් ක්‍රියාවලිය ක්ෂණිකව පරිගණකයෙන් කර ගැනීමට හැකියාව සලසා දෙන හිමිකම් ලියාපදිංචි කිරීමේ මෘදුකාංගයක් සකස් කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යන ආයතනයේ මෘදුකාංග සංවර්ධන ඒකකය සමත් වූ බව එහි අංශ ප්‍රධානී හර්ෂ විජයවර්ධන මහතා පැවසීය.
එසේ සකස් කළ පද්ධතිය ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට භාර දුන් බවත් විජයවර්ධන මහතා කීවේය.
සිංහල, දෙමළ, ඉංග්‍රිසි භාෂා තුනෙන්ම මෙම පද්ධතිය සමන්විතය.
හිමිකම් සහතිකය මුද්‍රණය කිරීමටවත් මෙමගින් හැකියාව ලැබීම විශේෂත්වයකි.
හිමිකම් ලියාපදිංචියට අමතරව ඉඩම් පැවරීම, උකස් කිරීම, කොටස් කර විකිණිම, ඉඩමේ මුල් අයිතිකරු ඇතුළුව ඉඩමේ ඉතිහාසය යන මේ සතුටට කාරණාවක්ම ක්ෂණිකව ලබා ගැනීමට මෙම පද්ධතියෙන් හැකියාව සැලසෙයි.
මේ මෘදුකාංගය නිසා ඉඩම් සම්බන්ධ තොරතුරු දැනගැනීමට දීර්ඝ කාලයක් ගතවීම නැත්තට නැති කිරීමට හැකි වෙතියි. විජයවර්ධන මහතා කීවේය.
කන්තෝරු බැලීම, පත් ඉරු ගැනීම වැනි කාලය වැය වන දේ ක්ෂණික පිළිතුරු පද්ධතියේ ලබාගත හැකිවීමද විශේෂත්වයකි.
තොරතුරු හා සන්නිවේදන නියෝජන ආයතනයෙන් සංවිධානය කරන ලද ‘ස්වාභිමාන සම්මාන‘ උළෙලේදී මෙම නිර්මාණයට විශිෂ්ඨ කුසලතා සහතිකයක් හිමිවිය.
කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාගේ මඟපෙන්වීම යටතේ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරු දිනුෂ අමරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් ව්‍යාපෘති නිලධාරී ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු සමීර කොඩිතුවක්කු මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවන් වන සුපුන් බණ්ඩාර, දුලංජන් ගුණසේකර, රුවන්ති වර්ණසූරිය මහත්ම මහත්මීහු පද්ධතිය නිර්මාණයට දායක වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ගේ කටයුත්ත අගය කරන අතර, මෙම ක්‍රම වේදය මීට අවුරදු 10 කට පමණ පෙරත් රජයේ දෙපාර්තමේන්තුවක් කිසිම පෞද්ගලික ආයතනයක සහාය නොමැතිව ක්‍රියාවට නංවා, මෘදුකාංග සංවර්ධනය කලා, නැවැත්තුවාද, කඩාකප්පල් කරාද යන්න විමසීම වටී - මේ ශ්‍රී ලංකාවයි. (ස)
නියම වැඩක් (අ)
හොර ඔප්පු හදල ඉඩම් විකුණන එක නතර කරන්න පුළුවන් . (නදී)
නූතන පරිගණක තාක්ෂණය තුළ වළ්මත්වී ඇති තරුණ පරපුරට මෙවන් වැඩසටහන් යහපත් ආදර්ශයක් සපයයි. එසේම ඉඩමි කාර්යාලවල අරක්ගෙන සිටින "කාක්කන්"ද අසරණවෙි. (නදී)
මෙවැනි නිර්මාණ අගය කල යුතුයි. ඒ වගේම ඉතා ඉක්මනින් අදාළ කාර්යාංශ නිලධාරින් දැනුවත් කර පුහුණු කර ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ඉතා වැදගත්. ඒ සමගම ඉඩම් ලේඛන කටයුතු කරන නීතිවේදී සහ නොතාරිස් වරුන් ද සම්බන්ධ කර ගනිමින් ගැටළු ගැන දැනුවත් වීමත් අවශ්‍යයි. උත්සාහයට සුභ පතමි. (නදී)
හොඳ වැඩක්. (නදී)
අගයමි මෙවැනි වටිනා සොයාගැනීම්. නමුත් ක්‍රියාවට නැංවීමට බලධාරීන්ගේ නොපමාව ඉවහල් වේ යැයි සිතමි! (නි)
දැනට ලංකාවේ මරනීය දණ්ඩනය ලැබූ සිරකරුවන්ගෙන් 2/3 ක් ඉඩම් ආරවුල් හේතුවෙන් මිනී මැරීම් සිදු කල අයය. ඉඩම් නඩුවක නඩු තීන්දුව ලබා ගැනීම සඳහා අවු 5ත් 20ත් අතර කාලයක් ගතවේ. නඩුව සඳහා විශාල මුදලක් වියදම් වේ (අනුන්ගේ ඉඩමකට නඩු කීවා වගේ) ඉඩමක මායිම අයිතිය ක්ෂණිකව හඳුනාගෙන ප්‍රශ්න නිරාකරණය කිරීමට හැකිනම් රජයේ හා මිනිසුන්ගේ මුදලුත් කාලයත් ඉතිරි වේ මිනිසුන් මිනීමරුවන් වී හිරේ යන ප්‍රමාණය අඩු වනු ඇත. (අ)
බොහොම අගෙයි . මේ වගේ දියුණු ක්‍රමවේදයන් ඕනෑම දියුණු රටක භාවිතා වෙනවා. දියුණු ක්‍රම භාවිතාවන නවීන රාජ්‍ය දෙපාර්තුමේන්තු ඇත්නම් රටේ සංවර්ධනය කිහිප ගුණයකින් වේගවත් වනු ඇත. හොර ඔප්පු සදා ඉඩම් විකිණීම වැනි වංචා සහ එමඟින් ඇතිවන පරම්පරා ගණන් ඇදෙන නිමක් නැති ඉඩම් නඩු, ඒ සමඟ එන වැටමායිම් කෝලාහල, මිනීමැරුම් නතර කරගෙන නිදහසේ ඉන්න ලැබෙනවා මේ තුළින්. මෙය මිනිසුන්ට, දේපළ වෙළදාමට, උසාවියට වගේම පොලිසියටත් ඉතා හොඳ මෙවලමක්. අපේ ග්‍රාම නිලධාරීන්ටත් පරිගණකයක් දීලා මෘදුකාංග නිපදවා පුහුණුව දුන්නා නම් ගොඩක් වටිනවා. (නි)
ජය වේවා! (නි)