මීගලෑවේ දනිඳු යෂේන් ඒකනායක දරුවා පැහැරගත් සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිපදෙනකුගේ වාහනවලට පහරදුන් බව කියන පිරිස හඳුනාගැනීමේ පෙරට්ටුවක් ගල්ගමුව මහේස්ත්‍රාත් උසාවියේදී අද (30) ඉටි පන්දම් එළියෙන් පැවැත්විණි.
මහ වැසි සමඟ සවස 4 ට පමණ විදුලිය විසන්ධි වීය.ඉන්පසු ඉටි පන්දම් දැල් විණි.පෙරට්ටුව අවසන් වන විට සවස 5.30 වී තිබිණි.සැකකරුවන් 14 දෙනාගෙන් සිව් දෙනකු හඳුනා ගැනීමට නීතීඥවරු සමත් වුහ.
දිනිදුගේ පියා පෙරට්ටුවට ඉදිරිපත් නොකැරිණි.ඔහුගේ මව මීට පෙර ඇප ලබා සිටියාය.
හඳුනාගත් සැකකරුවනට රුපියල් පන්දහසක මුදල් ඇප සහ ලක්ෂයක ශරීර ඇප නියම විය.හඳුනා නොගත් දස දෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප නියම විය.
මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා දිවා ආහාරයට ද නොගොස් අවසන් වන තුරුම විනිශ්චාසනයේ රැදී සිටියේය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ඉටි පන්දම් එළියෙන් පෙරට්ටුව :4ක් හඳුනා ගැනෙති
කුරුවිට Wednesday, 01 October 2014 06:12 AM
කළු කබා දාගෙන ඉන්නේ බලපත්‍ර පගා කාරයෝ. (ස)
සෑම් Tuesday, 30 September 2014 09:06 AM
දනිඳුගේ පියාගේ රුපය පසුගිය කාලේ හැමදාම හැම පත්තරයකම තිබුනා. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මටත් එයාව අඳුනාගන්න අපහසු වෙන එකක් නැහැ. (ස)
රසික Wednesday, 01 October 2014 07:55 AM
වැස්ස එක්ක හෙනයක් වත් පාත් උනේ නැහැනේ. (ස)
ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 30 September 2014 05:29 PM
කොහොමද නීතීඥ මහතුන්ගේ මුදල් වලට තියන කෑදර කම මුහුණු වලින් සබැ ලෙසම පෙන්නුන් කරනවා (දී)
දයාජ Tuesday, 30 September 2014 10:48 AM
දරුවා පැහැරගත් සැකකරුවන් හැඳින ගැනීමට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවති අතර දරුවාගේ පියා ඇතුළු අනෙක් අය හැඳින ගැනීමටත් එවැනිම හඳුනාගැනීමේ පෙරට්ටුවක්....මොන තරම් දෛවෝපගතද, එකිනෙකට වෙනස් මේ සිද්ධීන් දෙකම ! (ස)
උපාලි Tuesday, 30 September 2014 08:07 PM
'දෙපැත්තම අසනු' යන ස්වාභාවික යුක්ති මුල ධර්මය රැකීමට සියලුම ශිෂ්ට ලෝකයේ රටවල් බැදී සිටිනවා. නීතිඥවරුන් මෙතැනදී කලේ සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමයි. ඒ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති දෙයක්. කරුණු දැක් වුවා කියන්නේ නිදහස් කිරීමක් නොවෙයි. මේ කිසිත් නොතකන, හැගීම් වලට වහල් වූ මිනිසුන් නීතිය අතට ගැනීම ඉතාම භයානකයි. (නදී)
එරංග Tuesday, 30 September 2014 10:55 PM
හොඳින් රාජකාරිය ඉටුකිරීමක් (නි)
සරත් Wednesday, 01 October 2014 03:58 AM
මොවුන්ගේ තියෙන්නේ කාගෙන් හරි හුරගෙන කන ජරා මුනු ටිකක්. ඕනෑම බලු වැඩක් කරන උන් වෙනුවෙන් පෙනී සිට වැරදි දේ හරි කියලා මොවුන්ට යන්න අපාය වෙනම හදන්න ඕනා (නදී)
හේමන්ත Wednesday, 01 October 2014 04:03 AM
ළමයව හොයාගන්න මේ අය මේ තරම් උනන්දුවක් දක්වන්න ඇතිද. සල්ලිවලට මොන ජරා වැඩ නොකරයිද මේ කට්ටිය. (නදී)
ජයසිරි මනිමේන්ද්‍ර Wednesday, 01 October 2014 04:55 AM
දයාබර දෙමාපියනි ලොකු උනාම පෙරකදෝරුවකු විම ඔබගේ දරුවාගේ සිතට ඇතුල් කරන්න එපා. එය ඔබ කරගන්නා විශාල පාප කර්මයක්. (නදී)