මීගලෑවේ දනිඳු යෂේන් ඒකනායක දරුවා පැහැරගත් සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිපදෙනකුගේ වාහනවලට පහරදුන් බව කියන පිරිස හඳුනාගැනීමේ පෙරට්ටුවක් ගල්ගමුව මහේස්ත්‍රාත් උසාවියේදී අද (30) ඉටි පන්දම් එළියෙන් පැවැත්විණි.
මහ වැසි සමඟ සවස 4 ට පමණ විදුලිය විසන්ධි වීය.ඉන්පසු ඉටි පන්දම් දැල් විණි.පෙරට්ටුව අවසන් වන විට සවස 5.30 වී තිබිණි.සැකකරුවන් 14 දෙනාගෙන් සිව් දෙනකු හඳුනා ගැනීමට නීතීඥවරු සමත් වුහ.
දිනිදුගේ පියා පෙරට්ටුවට ඉදිරිපත් නොකැරිණි.ඔහුගේ මව මීට පෙර ඇප ලබා සිටියාය.
හඳුනාගත් සැකකරුවනට රුපියල් පන්දහසක මුදල් ඇප සහ ලක්ෂයක ශරීර ඇප නියම විය.හඳුනා නොගත් දස දෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප නියම විය.
මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා දිවා ආහාරයට ද නොගොස් අවසන් වන තුරුම විනිශ්චාසනයේ රැදී සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු කබා දාගෙන ඉන්නේ බලපත්‍ර පගා කාරයෝ. (ස)
දනිඳුගේ පියාගේ රුපය පසුගිය කාලේ හැමදාම හැම පත්තරයකම තිබුනා. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මටත් එයාව අඳුනාගන්න අපහසු වෙන එකක් නැහැ. (ස)
වැස්ස එක්ක හෙනයක් වත් පාත් උනේ නැහැනේ. (ස)
කොහොමද නීතීඥ මහතුන්ගේ මුදල් වලට තියන කෑදර කම මුහුණු වලින් සබැ ලෙසම පෙන්නුන් කරනවා (දී)
දරුවා පැහැරගත් සැකකරුවන් හැඳින ගැනීමට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවති අතර දරුවාගේ පියා ඇතුළු අනෙක් අය හැඳින ගැනීමටත් එවැනිම හඳුනාගැනීමේ පෙරට්ටුවක්....මොන තරම් දෛවෝපගතද, එකිනෙකට වෙනස් මේ සිද්ධීන් දෙකම ! (ස)
'දෙපැත්තම අසනු' යන ස්වාභාවික යුක්ති මුල ධර්මය රැකීමට සියලුම ශිෂ්ට ලෝකයේ රටවල් බැදී සිටිනවා. නීතිඥවරුන් මෙතැනදී කලේ සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමයි. ඒ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති දෙයක්. කරුණු දැක් වුවා කියන්නේ නිදහස් කිරීමක් නොවෙයි. මේ කිසිත් නොතකන, හැගීම් වලට වහල් වූ මිනිසුන් නීතිය අතට ගැනීම ඉතාම භයානකයි. (නදී)
හොඳින් රාජකාරිය ඉටුකිරීමක් (නි)
මොවුන්ගේ තියෙන්නේ කාගෙන් හරි හුරගෙන කන ජරා මුනු ටිකක්. ඕනෑම බලු වැඩක් කරන උන් වෙනුවෙන් පෙනී සිට වැරදි දේ හරි කියලා මොවුන්ට යන්න අපාය වෙනම හදන්න ඕනා (නදී)
ළමයව හොයාගන්න මේ අය මේ තරම් උනන්දුවක් දක්වන්න ඇතිද. සල්ලිවලට මොන ජරා වැඩ නොකරයිද මේ කට්ටිය. (නදී)
දයාබර දෙමාපියනි ලොකු උනාම පෙරකදෝරුවකු විම ඔබගේ දරුවාගේ සිතට ඇතුල් කරන්න එපා. එය ඔබ කරගන්නා විශාල පාප කර්මයක්. (නදී)