පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තෙවන වරට සංවිධානය කරන ‘විදුලි හා විද්‍යුත් ඉංජිනේරු පර්යේෂණ හා ව්‍යාපෘති සම්මේලනය 2016’ මෙම මස 5 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වීමට නියමිතය.
‘පර්යේෂණාත්මක ව්‍යාපාති තුළින් ජාතිය සංවර්ධනය කිරීමේ මඟ‘ තේමාව යටතේ උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන්ගේ සන්නිවේදන පද්ධති සහ තොරතුරු තාක්ෂණ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති, රොබෝ තාක්ෂණ හා පද්ධති පාලනය, විද්‍යුත් තාක්ෂණ සහ මෙවලම්කරණය, අධි වෝල්ටීයතා ඉංජිනේරු විද්‍යාව, විදුලි යන්ත‍්‍ර සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව හා නිනිති තාක්ෂණය යන ක්ෂේත‍්‍ර ව්‍යාපෘති නිර්මාණ පස්වරු 1.00 සිට ඉදිරිපත් කිරීමට නියමිතය.
සම්මේලනයේ ආරම්භක සැසිය එදින සවස 4.30 ට ආරම්භ කෙරන අතර එහි ප‍්‍රධාන දේශනය එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවි සිල්වා මහතා විසින් පවත්වන අතර ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී මහාචාර්ය ජනක ඒකනායක මහතා විසින් ‘ස්මාර්ට් ග්රිඩ්’ තාක්ෂණය බලගැන්වීම පිළිබඳව දේශන පැවැත්වීමටද නියමිතය. වත්මන් හා ආදි විද්‍යාර්ථින්ගේ සුහද හමුවද එදින රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සම්මේලනය පැවැත්වෙන අතර විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා ඇතුළු අමුත්තන් රුසක් සහභාගිවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අපි විශ්ව විද්‍යාල වල ළමුන්ගෙන් බලාපොරුත්තු විය යුත්තේ මෙවැනි දේවල් , නමුත් අවාසනාවකට අපේ විශ්ව විද්‍යාලවල වැඩි හරියක් ළමුන් කරන්නේ පාරවල් ගානෙ උද්ගොශ්න කරලා අධ්‍යාපනය කඩ කප්පල් කර ගැනීමයි .(රේ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය පවත්වනවා නම් වැඩේ හොඳයැයි මම සිතමි. (නි)
ඇත්තටම හොඳයි මේ වගේ වැදගත්, ප්‍රයෝජනවත් දෙයක් කරන එක, නිකන් බොරුවට වීරයෝ වගේ පාරේ කෑගහන්නේ නැතුව (නි)
නියම වැඩක්. පේරාදෙණිය ඉංජිනේරු පීඨය කොහොමත් කෑගහන්නේ නැතුවනේ වැඩ. (නි)