
(ඩයනා උදයංගනී)
ඩොලරයේ මිල අඩුවීමට සමානුපාතිකව ගුවන් ටිකට්පත්වල මිල ද සියයට 20කින් පමණ අඩුවී ඇතැයි වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඩොලරයේ මිල අඩුවීම හේතුවෙන් ගුවන් ටිකට්පත්වල මිල ගණන් අඩු කරන ලෙසට තමා ශ්‍රී ලංකාවේ සිටින ගුවන් සේවා සමාගම් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත්, ඉදිරියේදී ගුවන් ටිකට්පත්වල මිල තවදුරටත් අඩු කිරීමට ඔවුන් පොරොන්දු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ගුවන්සේවා සමාගම්වල නියෝජිතයින් සමඟ ඉකුත් 17 වැනිදා පැවති සාකාච්ඡාවකදී අදහස් දක්වමිනි.
රටේ පවතින ආර්ථික අර්බුදය ක්‍රමයෙන් අඩු වීමත් සමඟම විශාල සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇති අතර, ඒ අනුව නව ගුවන් සේවා 7ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද මෙහිදී හෙලි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd