අධ්‍යාපනය පිළිබදව රටට නිවැරදි අවබෝධයක් ලබා දීමටත් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමටත් රූපවාහිනී නාලිකාවක් අරඹන බවත් ඒ සදහා තමාට තිබු දිගු කාලීන සිහිනය සබෑ කර ගැනීමට දැන් අවස්ථාව ඇති බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
ග්‍රේරු මහතා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අද (10) නුගේගොඩ සිරි ධම්මාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති බෝගම්බර රතනජෝති හිමියන් හමුවී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව එහි සිටි මාධ්‍යවේදීන් හමුවේ මේ බව කීය.
‘ජනාධිපතිතුමා විසින් හදුන්වා දුන් ද්වීතිය පාසල් දහසේ වැඩ පිළිවෙල ඉදිරියට රැගෙන යාමට අවශ්‍යය භාර ධුර වගකීම මට පැවරී තිබෙනවා. මානව හා හෞතික සම්පත් සංවර්ධනය කර රටේ සමස්ත දු දරු පරපුර වෙනුවෙන් ඒ වගකීම ඉටු කරනවා.’ යැයිද වැඩි දුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ ඉංග්‍රීසි භාවිතා කරන්නේ එන්ගලන්තයේ පමණයි. අපේ මිනිස්සු ඉංග්‍රීසි වලට වදිනවා (නි)
සියලුම විෂයයන්ට වෙන වෙනම නාලිකා පටන් ගත යුතුයි. ඒ විතරක් මදි. ටෙලි නාට්‍ය වලට, චිත්‍රපටි වලට වගේ හැම දෙයකටමත් නාලිකා වෙන වෙනම පටන් ගත යුතුයි. (අ)
මම හිතන්නේ අපේ රටේ අධ්‍යාපනයේ වගකීම අමතර අධ්‍යාපන ගුරුවරුන්ට භාරදීම හොදයි කියලයි (නි)
හොද අදහසක් (නි)
අද ගම්බද පාසල් වල ඉංග්‍රීසි ඉගැන්වීමට දක්ෂ ගුරුවරු නැහැ. මේ හොද තීරණයක් (නි)
කාර්යය පටන් ගන්නත් පෙර අපේ අයගේ උපහාර? ඒ හින්දා තමයි දේශපාලකයොත් ජනතාව විහිලුවකට අරගෙන තියෙන්නේ. පොඩ්ඩක් බලා ඉඳලා හරියට කරනවා නම් සුභ පැතුවා නම් නේද හොඳ? (නි)
ඕකට අමුතුවෙන් නාලිකා පටන් ගන්න ඕනෑ නැහැනේ. දැන් තිබෙන් එක ටෙලිනාට්‍යයක් අඩු කරලා ඔය වගේ වැඩසටහන් කළා නම් හරි. (නි)
අර මීට පෙරත් එක්කෙනෙක් පටන්ගත්තේ ඔය විදියටම තමයි. එයා මෙහෙ නැද්ද දැන්? (නි)
පරමාර්ථය හොදයි.නමුත් ලංකාවේ නිවැරදි වැඩක් කරන්න අමාරුයි. (නි)
මොහු ඇමතිකමකට සුදුසුයි (නි)
අපේ ගුරු පියාණන්ට ජයවේවා! හොඳ වැඩපිළිවෙලක්. (නි)
සුදුස්සාට ලැබුන එකම නියෝජ්‍ය ඇමතිකම මෙයමයි. ඔබතුමාට දැයේ දරුවන්ට සෙතක් කරන්න ශක්තිය ලැබේවා! (නි)
පහුගිය කාලේ කියු දේවල් නම් හරිගියේ නැහැ (අ)
ඕකට ඉතින් වෙනම එකක් ඕනද ? මේ තියෙන රුපවාහිනිය , කඩේ යන කාලේ නවතාල ඒ වෙලාව ගමු මේ වැඩේට , අමුතු වියදමක් යන්නෙත් නැහැ (අ)
පරක්කු කරන්න එපා අදම ක්‍රියාත්මක වන්න ඉතාම හොඳ දෙයක් යුගයේ අවශ්‍ය තාවයක්.(නදී)
බුද්ධිය,,ආචාරධර්ම,,විනය, සංවර්ධනයවන වඩක් කලොත් හොඳයි(අ)
එහෙම කළොත් ඔබගේ පාසලටත් ළමයි අඩු වේවි නේද?
නියමයි (නි)
හොද වැඩක්. ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කළා නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. (නි)
ඇත්තම කියනවා නම් ඔබ සුදුසු නියෝජ්‍ය අමාත්‍ය ධුරයකට නොව අමාත්‍ය ධුරයකටයි. මගේ සුභ පැතුම්! (නි)
නාලිකාව ඉංග්‍රීසි උගන්නන්න විතරමද? (නි)
අනේ හොද අදහසක් සාර්තක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා (දිල්)
හොද වැඩක්. එක වසරේ සිට 13 වසරට යනකම් ඉංග්‍රීසි උගන්නලා ඒත් බැරි එකේ මේක ඉතා හොද වැඩක්. (නි)
හොඳ අදහසක්. හැබැයි ඒකත් අර වගේ ආවඩන එකක් වුණොත් නම් ඉංග්‍රීසිත් එපා වෙයි (නි)
හොද වැඩක් ඔබට ජය වේවා (අ)
මෙතුමාට පලුවන් ගරා වැටෙන පාසැල් පද්දතිය ගොඩගන්න!!! වැසීගෙන යන පාසල් ටික ඉක්මනට ගොඩ දාන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා!!
අධ්‍යාපනයේ ප්‍රශ්න අඩු කරන්න මෙතුමාව අපිට ප්‍රයෝජනවත් වේවි (නි)
ඉතා හොඳ අදහසක්. ටියුෂන වලට යන කාලය ඉතුරුවෙනවා. අනේ ඇමතිතුමනි, අලුතෙන් හඳුන්වා දුන් තාක්ෂණ විෂයත් රූපවාහිනිය හරහා උගන්වන්න විදියක් හදන්නකෝ. ළමයින්ට ටියුෂන් යන්නේ නැතුව දැනුම ලබාගන්න. ඔබට පින් (නි)
ඉංග්‍රීසි භාෂාව කතා කරන රටවල, නොයෙකුත් වෙනස්කම් තිබෙනවා. එක උදාහරණයක්, ඇමෙරිකන් ඉංග්‍රීසි. නමුත් අපේ රටේ පිළිගැනුම බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි සම්ප්‍රදායටයි. අපේ රට තුල ඉංග්‍රීසි උච්චාරණය වුණත් ටිකක් වෙනස්, එම නිසා දැන් කාලයට ගැළපෙන විදියට අප රටට ගැළපෙන විදියට මෙම පාඨමාලාව සකස් කරලා විකාශනය කරනවා නම් හොදයි. (නි)
මෙතුමාට පින්සිද්ධ වෙන්න මමත් භෞතික විද්‍යාව සමත් වුණෙමි. ඉංග්‍රීසි භාෂාවට වගේම නියම සිංහල භාෂාවටත් වෙනම රූපවාහිනී නාලිකාවක් අරඹන මෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද, බොහෝ නාලිකාවල අද යන වැඩසටහන් ඉදිරිපත් වන්නේ ඉංග්‍රීසි කැවූ සිංහල භාෂාවෙනි. (නි)
උගන්වන්න යන්නේ මොන ගුරුවරුන් ද යන්නත් ඉතාම වැදගත්. කරුණාකර නියම සුදුසුකම් ඇති දක්ෂ ගුරුවරු පමණක් යොදවන්න. එහෙම නැතුව මෙතනටත් දේශපාලන සුදුසුකම් පමණක් ඇති ගුරුවරු දැමුවහොත් නාලිකාව බලන සිසුන් සහ වැඩිහිටියන් සියල්ල අමාරුවේ. (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබුණා වගේ (දිල්)
ග්‍රේරු සර් අධ්‍යාපනයට ගොඩාක් වැඩක් කරපු කෙනෙක් තව තවත් වැඩ කරන්න ශක්තිය ලැබේවා ඔබට ජයම වේවා (අ)
වැඩක් කරයි වගේ (අ)
නියම වැඩක්.ඉංග්‍රීසි ඉගෙන ගත්තට මදි, කතාකරන්නත් ඕන. හුගක් ළමයි ඉංග්‍රීසි කතා කරන්න බයයි සහ ලැජ්ජයි.මෙයට පිලියමක් සෙවිය යුතයි. (අ)
ඔබ තුමා සැබෑ දක්ෂයෙක් (දිල්)
ඔබතුමාට මගේ ආචාරය. මෙතුමාට මීට වඩා ඉහල තනතුරක් දියයුතුයි. මෙතුමාට කලින් තනතුර දුන්න නම් ළමයින්ගේ ඔලු පලන්නේ නැතිව ප්‍රයෝගික යමක් කරාවි.(දිල්)
තව ගානක් හොයාගන්න වගේ. (අ)
මෙය පැලවෙන මුල්ගලක් නොවේව.(අ)
අපි යන පන්සල දැක්කම යන්න හිතෙනවා සාදු සාදු සාදු(අ)
මෙය මගේ භෞතික විද්‍යාව ගුරුවරයා. හෙබඊ අපිට ඒකාලේ පන්තියේ දී කිව්වා දේවල් නෙමේ නේ දැන් කර්රණේ. අපිට එක නිසා මේය ගැන ලජ්ජයි (අ)
ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා රුපවාහිනි නාලිකාවක් ආරම්භ කිරීම ඉතාමත් හොඳ දෙයක්.කාලෝචිතයි . අනාගත සිසුපරපුරට වගේම වැඩිහිටි දෙපාර්ශවයටම මහඟු සේවයක්.අධ්‍යාපනයට වඩා වෙළඳ දැන්වීම් බල බලා ඉන්න සිදු උනොත් තමා වැඩේ කියන්නේ....(දිල්)
හොඳ ආරම්භයක්. ඔබට මීට වැඩි තැනක් ලැබිය හැකිය .යුගයේ අවශ්‍යතාවයක් සැපිරීම ගැන ස්තුතියි.(දිල්)
ඉතා වැදගත් කටයුත්තක් වගේම කාලීන අවශ්‍යතාවයක්. සුභ පැතුම්(දිල්)
කාලෝචිත සහ දූර දර්ශි තීරණයක්. ඔබ තුමාට ජය !(දිල්)
ග්‍රේරෝ සර් මව සුබද්‍රරාම පන්තියෙන් එලවපු හැටි මතක් වෙනවා සර් එක්ක මම තරහ නැහැ .(දිල්)
ඇත්තටම ඔබතුමාට ගොඩක් පිං! මම ගොඩාක් සතුටු වෙනවා මේ ගැන. අනෙකුත් ඇමැතිලා වගේ වචනයට පමණක් සීමා නොකර රටට වැඩක් කරන්න (නි)
ඉංග්‍රීසි වෙනුවෙන් විශේෂ නාලිකාවක් ආරම්භ කරන එක හොඳයි. (ත)
ඔන්න නියම කෙනා වැඩේට අතගැහුවා. 1980 මම සර්ගේ භෞතික විද්‍යාව පන්ති ගියා.අපිට අවශ්‍ය මේ වගේ නව නිර්මාණ ගෙනෙන උගතුන්.රේජිනෝල්ඩ් කුරේ,බන්දුල ගුනවර්ධන වගේ අයත් හොඳ ගුරුවරු.රටට වැඩක් කරන්න පුළුවන්.(නි)
ඔය හැමෝම තමන්ගේ ප්‍රසිද්ධිය භාවිතා කරලා කරන්නේ බිස්‌නස්.ඔය නාලිකාව පටන් ගත්තාම තේරෙයි. (ස)
හා හා පුබුදු, අතුල, අජිත් බොළඳ පැටවුනේ, කවුද එතකොට 1981 ප්‍රශ්න පත්තරේ විභාගෙට කලින් පිටකලේ? වන්නි තිලක් එහාට වෙලාම ඉන්න කොල්ලෝ, එක්කෝ පොත් කියවලා මිනිස්සු ගැන ඉගෙන ගන්න. දන්නේ නැති දේවල් කියන්න එපා. (අ)
සුදුස්සාට සුදුසු තැන ලැබුණ දුර්ලබ අවස්තාවක්. ඔබට ජය. (අ)
ඉතාම හොඳ තීරණයක්. ඉංග්‍රීසියට ලෝක භාෂා අතර තිබෙන ප්‍රමුඛතාවය නිසිලෙස වටහාගෙන ගමේ දරුවන්ටත් සෙතක් කරන්න ග්‍රේරෝ මැතිතුමා ගත් තීරණය ඉහලින්ම අගය කලයුතුයි. මෙහි අදහස් පළකර ඇති වැඩි දෙනා සමග මමත් එකතුවී ඔබතුමාට සුබපතනවා. (අ)
ප්‍රේම සහ පිටබෙද්දර ජයා ගේ අදහස් අනුමත කරමි. (නි)
කලු සුද්දන්ට දැන් තරහා යයි හොදටම (නි)
මට මතක් වෙන්නේ පාසලේ විවාද කණ්ඩායමේ ඉමිටියාස් බකිර්මාකර්ට පස්සේ නැගිටලා "මා මේ නැගී සිටියේ මගේ නායකයාගේ මතය සනාථ කිරිමටයි " කියපු ග්‍රේරෝ . ඔබේ උත්සාහය සඵල වෙනු ඒකාන්තයි. ඔය රුපවාහිනී නාලිකාවට අමතරව එම පසුගිය පාඩම් මාලා නැවත නැරබිය හැකි වෙබ් අඩවියකුත් පටන්ගන්නවනම් එකවරක් අසා නොතේරුණු යට නැවත නැවතත් බැලියහැකියි. එමගින් ළමයින්ට විවේක ඇති වෙලාවට තම අධ්‍යාපනය කරැගෙන යන්නට පුළුවනි. හැමෝටම පරිගණක නැති උනත් තිබෙන යට එමගින් වැඩක් වේවි. ඉදිරියේදී වෙනත් විෂයයන් සඳහාද අත්වැල් පාඩම් ප්‍රචාරය කරන්නේනම් ටිඋෂන් පන්ති ඉබේම වැහිලා යාවි. ළමයින් පන්ති යනවා කියා නිවාඩු දිනවල කරන අයාලේ යම් ද නවතීවි. නිවාඩු දිනවල ප්‍රවාහනය සඳහා වැයවන මුදල් ද ඉතිරිවේවි. (අ)
මේ ගැන එතරම් කලබල වෙන්න දෙයක් නැහැ. (නි)
හැමදෙනාම පටන් ගන්නේ ඔහොම තමයි.පටන් ගන්නකොට කියූ දේවල් කරලා තිබුනා නම් අද ලංකාව ලෝකය පරාද කරලා. කොහොම වුණත්ලංකාව ලෝකය පරාද කරලා තිිබෙනවා ඇමති මණ්ඩලයෙන් (නි)