බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් බළකාය එනම් එස්.ඒ.එස් නමින් හඳුන්වන ආයතනයට සමාන විශේෂ බළකායක් ලංකාවේත් නිර්මාණය කැරිණි. එම ආයතනයද ඉංග්‍රීසි අකුරු තුනකින් හඳුන්වයි.
අසූව දශකයේ එවැනි ආයනයක් නිර්මාණය කිරීමට එරෙහිව ඒ කාලයේ විවිධ විරෝධතා පැන නැගුණු අතර නමුත් අවසානයේ එවැන්නක් නැතිව බැරිවිය. එම බළකායේ සිටි අයකුට එරෙහිව මෑත කාලීනව මහත් ආන්දෝලනයකට ලක්වූ සිදුවීමකදී චෝදනා එල්ලවිය. ඒ නිලධරයාද එම බළකායේ ඉංග්‍රීසි අකුරු තුනකින් හඳුන්වන නිලයක් දරයි.
නමුත් එම නිලධරයා බේරා ගැනීමට තවත් ඉංග්‍රීසි අකුරු තුනකින් යුතු නිලයක් දරන ඉහළ ලොක්කකු ඉදිරිපත්වී සිටී. ඒ එකම මල්ලේ ලුණු කාපු නිසාලු.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඉතා අවංක සඳුන් ගසත් වන් කෙනෙක් පරීක්ෂණ පැවැත්වූවාලු. නමුත් ඔහුගේ පරීක්ෂණවලින් ප්‍රයෝජනයක් වේදැයි ඔහුගේ සහායකයින්ටත් අනෙක් අයටත් ලොකු සැකයක් ඇතිවෙලාලු. හේතුව ඉහළින්ම ඉන්න ඉංග්‍රීසි අකුරු තුනට තිබෙන බලය නිසා සිද්ධිය යට ගහන්න පුළුවන් ඉඩකඩ වැඩි නිසාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ අය කවුදැයි කෙළින්ම නම සඳහන් කරලා කියන්නකෝ (නි)
මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ (නි)
මොනවද මේ ලංකාවේ පත්තර. කෙලින් කතා කරගන්න බැරි. එකට අපි ඉන්න රටේ නම් ගම ඇතිව පැහැදිලිව විස්තරය තියෙනවා. (අ)
එස්ටීඑෆ්, ඕඅයිසී, ඒඑස්පී, ඩීඅයිජී, අයිජීපී (බ)
කවුද මේ ඉතා අවංක කෙනා? (නි)
මම නම් දන්නවා මේ කියන එක ගැන (නි)
මම නම් මේවා දන්නෙ නැහැ (නි)