(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
ඉංගිරියේ පදිංචිව සිටි අධි රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන් පීඩා විඳි මව මියගොස් ඇත්තේ පිළිකා ඖෂධය භාවිත කිරීමෙන් ශරීරයේ ඇති වූ අසාත්මිකතාව හේතුවෙන් යැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
ඉංගිරිය නගරයේ ෆාමසියකින් වැරැදි ලෙස පිළිකා ඖෂධයක් ලබාදීමෙන් පසුව එම ඖෂධ ලබාගත් පී.එම්. සෝමාවතී නමැති 62 හැවිරිදි කාන්තාවක මියගිය අතර එම මරණය සම්බන්ධයෙන් හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත්දා සිදු කරනු ලැබීය.
පිළිකා ඖෂධ ලබාගැනීමෙන් පසුව ශරීරයේ අභන්තරයේ සිදුවූ අසාත්මිකතාවක් හේතුවෙන් එම කාන්තාව මියගොස් ඇතැයිද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇතැයිද පොලිසිය කියයි.
හෘදය වස්තුවට රුධිරය ගමන් ගන්නා නාල අවහිරවීම නිසාත් තවත් හේතූන් නිසාත් ඇයගේ මරණය සිදුවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වන බවද පොලිසිය පවසයි.
මියගිය කාන්තාවගේ සැමියා සිය බිරිඳගේ මරණය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට පැමිණිලිකර තිබූ අතර පොලිසිය එම පැමිණිල්ල සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
හොරණ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා හොරණ මූලික රෝහලට පැමිණ මළසිරුර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන්නැයි පොලිසියට නියෝග කළේය.
ඒ අනුව හොරණ මූලික රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය පනිත සෙනෙවිරත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට හොයල බැලුවොත් දොස්තර ලියපු අකුරු කියවගන්න බැරිව උන දෙයක් වෙන්නත් ඇති
බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .