"උලත් එකයි පිලත් එකයි" තිරනාටක රචක/නළු මාධ්‍ය‘වේදී ප්‍රසාද් සමරතුංග
“හොඳට හිනාවෙන්න පුළුවන් විනෝදදායී චිත්‍රපටයක් බැලුවා කියන ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබෙන අන්දමේ චිත්‍රපටයක් ලෙසයි මම "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටය හඳුන්වන්නේ. මෙම චිත්‍රපටයේ චරිත විකාශනය වන අන්දමට එම චරිත හැසිරෙන්නේ ඕනෑම අවස්ථාවකට අනුවර්තනය විය හැකි අන්දමට. එම කතාවේ සංයුතියට අනුව මෙම නම ගැළපෙනවා කියලා මම හිතනවා. ඒක අපේ ජනවහරට සමීපයි." යනුවෙන් පවසමින් "අද" පුවත්පත හා සංවාදයට එක්වන්නේ මාධ්‍ය‘වේදී ප්‍රසාද් සමරතුංගයි.
මේ දිනවල ප්‍රදර්ශනය වන හර්ෂ උඩකන්දගේ "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටයේ තිරනාටක රචකයා වන ඔහු එහි චරිතයක්ද නිරූපණය කරයි. මීට අමතරව දැන් තිරගත වන ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ "ආදරණීය කතාවක්" සහ ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ "මෝටර් බයිසිකල්" චිත්‍රපටවලද රංගනයේ යෙදෙන ප්‍රසාද්, ටෙලි තිරය මත වඩාත් ජනප්‍රිය වූයේ "උතුම් පැතුම්" ටෙලිනාට්‍ය‘යේ "නුවන්" ලෙසයි.
තවදුරටත් අප හා සංවාදයේ යෙදෙමින් ප්‍රසාද් මෙසේද පැවසීය.
ඔබ කලාවට අවතීර්ණ වූයේ කොහොමද?
මගේ ගම කිරිබත්ගොඩ. මට මුලින්ම ආශාව තිබුණේ රඟපෑම හා ගීත රචනය. මේ අරමුණ හිතේ තියාගෙන නිර්මාණවල කැමරාවට පිටුපස සිදුවන කටයුතුවලට මම සම්බන්ධ වෙලා යම් අධ්‍යයනයක යෙදුණා. මම රඟපාන්න අවස්ථාවක් ඉල්ලගෙන ශ්‍රීමාල් වෙඩිසිංහ මහතාව හම්බවෙන්න ගිය අවස්ථාවක ඔහු මාව ඔහුගේ ප්‍රකාශන ආයතනයේ සේවයට අරගෙන පසුව ලේක්හවුස් අයාතනයේ සරසවිය පුවත්පතේ ලියන්න ගාමිණී සමරසිංහ මහතාට යොමුකළා. එවකට සරසවිය උප කතුවරයෙක් ලෙස කටයුතු කළ චතුර ගීතනාත් බණ්ඩාර මහතාත් මට උදවු කළා. ඉන් අනතුරුව පැමිණි කතුවර අරුණ ගුණරත්න මහතා මට "සරසවිය" පුවත්පතේ නිදහස් ලේඛකයෙකු ලෙස ස්ථාවරත්වයක් හදල දුන්නා.
ඔබ රංගනයට යොමු වුණේ කොහොමද?
එවකට අපිත් එක්ක වැඩ කරපු බුද්ධිනී ජයවර්ධනගේ උදවුවෙන් හඳුනාගත් කැලුම් පාලිත මහීරත්න මහතාගේ "විසුල අහස යට" ටෙලිනාට්‍ය‘යේ කොටස් කිහිපයක මම මුලින්ම රඟපෑවා. අනතුරුව "සූරියබාහු", "ආදර දෑසක්" "අම්මාවරුනේ", "මැද ගෙදර", "මොණර කඩදාසි" යන ටෙලිනාට්‍යවල රඟපෑවා. සරත් දික්කුඹුරගේ "දුර්ග ආත්ම" ටෙලි නාටය‘යේ දීර්ඝ චරිතයකට දායකවුණා. "උතුම් පැතුම්" ටෙලි නාට්‍ය‘යේ "නුවන්"ගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් මාව හඳුනා ගත්තා කියලා මට හිතෙනවා.
ශමීර රංගන නාඔටුන්ගේ "මෝටර් බයිසිකල්" චිත්‍රපටයේ රඟපෑ චරිතය තමයි මගේ මුල්ම සිනමා රංගනය. "නෝනේ මගේ සුදු නෝනේ", "ආදරණීය කතාවක්", "මහරජ අජාසත්" සහ "අනගාරික ධර්මපාල ශ්‍රී මතාණෝ" සහ දැන් පෙන්වන "උලත් එකයි පිලත් එකයි" යන සිනමාපටවලටත් මම රංගනයෙන් දායක වුණා.
"උලත් එකයි පිලත් එකයි" රංගනයට වඩා "මෝටර් බයිසිකල්" චිත්‍රපට‘යේ ඔබ කරන රංගනය සාර්ථකයි නේද?
ඒකට හේතුව මම මෝටර් බයිසිකල් චිත්‍රපටයට සම්බන්ධ වුණේ, එම චරිතයේ රඟපෑමට පමණක් වීමයි. හැබැයි "උලත් එකයි පිලත් එකයි "චිත්‍රපට‘යේ නිෂ්පාදන කටයුතුවලටත් මම සම්බන්ධ වුණ නිසා යම් අඩුපාඩුවක් එම චරිතයෙන් දිස්වෙනවා ඇති.
පුවත්පත් කලාවේදීන් හා මාධ්‍ය ආයතනවල සේවය කරන අය තමන්ගේ නිර්මාණවලට නළු නිළියන් ලෙස හෝ ගීත රචකයන් ලෙස හෝ වෙනත් අන්දමකින් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ නිර්මාණවලට අනියම් අන්දමකින් ප්‍රචාරයක් ලබාගන්නා බවට චෝදනාවක් තියෙනවා නේද?
ඔව්. ඒකෙ ඇත්තකුත් තියෙනවා. එහෙම යම් අරමුණක් ඇති යමක් බලාපොරොත්තු වන නිර්මාණකරුවන් පිරිසකුත් ඉන්නවා. හැබැයි මම එවැනි බලපෑම්වලට කවදාවත් යටවෙලා නැහැ. එම චෝදනාව ක්ෂේත්‍ර‘යේ තියෙන නිසාම දැන් මා කෙරෙහි පැමිණෙන ආරාධනා කිරීම් පිළිබඳව මම කල්පනා කරලා බලලා තමයි වචනයක් දෙන්නේ.
අනෙක් අයට නොලැබෙන ඉක්මන් ප්‍රදර්ශනයක් ඔබගේ "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටයට ලැබුණේ කොහොමද?
ඒක සිදුවූයේ සුනිල් ටී. ප්‍රනාන්දු මහතා නිසයි. ඔහු මම හඳුනගෙන හිටියට චිත්‍රපටය නිෂ්පාදනය කරපු චමින්ද රණසිංහ මහතාගේත් හිතවතෙක්. සුනිල් ටී. ප්‍රනාන්දු මහතා තමන්ගේ MPI හා LFD මණ්ඩලයේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට අවස්ථාව ලබාදීම අප ලද භාග්‍යයක්. මෙම චිත්‍රපටය නිෂ්පාදනයෙන් චමින්ද රණසිංහ මහතා සමග එකතු වන කේ.ජේ.ඒ. නිශාන්ත, "උලත් එකයි පිලත් එකයි" අධ්‍යක්ෂණය කළ හර්ෂ උඩකන්ද යන මහත්වරුන් හා ඊට එක්වූ නළු නිළි, කාර්මික ශිල්පීන් ආදී සියලුදෙනා මේ අවස්ථාවේ මම ආදරයෙන් මතක් කරනවා.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉක්මන් ප්‍රදර්ශනය ලැබුණේ සුනිල් ටී. මහතා නිසා