IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉක්මන් කොට වේ

චීනයේ හුවැන්හු ප්‍රදේශයේ ජීවත් වු ඔහු සෑම දිනකදීම අධික සෙල මත් පැන් බීවේය.

පසු ගිය සතියේ  දිනක ඔහු සේවය අවසන් වී පදමට වෙරි වී  වැනි වැනී නිවසට පැමිණියේය. ඉක්මනට නිවසට යාම සදහා පාරේ උසට තිබු   කොන්ක්‍රීට් වහලයකට ගොඩ වී  වහළ දිගේ නිවසට ගමන් කරන විට වහළ දෙක අතර තිබු දෙබොක්කාවට වැටී ගියේය.

ආපසු ගොඩට එන්නට උත්සාහ කලත් එය අසාර්ථක විය.ඔහු මහ හඩින් හඩා වැටුණේය. කිසිවෙක් නොපැමිණියහ. පසුව පසුදා පහන් වන තුරු  දෙබොක්කාවට වී  නිදාගෙන අවදීවීමෙන් පසුව යළිත්  හයියෙන් ඇඩුවේය.

 පාරේ ගිය  කවුදෝ කෙනකු  එම ස්ථානයට විත් බලන විට වැටී සිටි පුද්ගලයා දුටුවේය. ගොඩට ගන්නට උත්සාහ කලත්  එය අපහසු විය.පසුව ගිනි නිවන හමුදාවට දැන්වීය.ගිනි නිවන හමුදා භටයෝ  පැමිණ කඹ දාමා අමාරුවෙන්  අමාරුවෙන් ඔහු එළියට ගත්හ.

 



අදහස් (0)

ඉක්මන් කොට වේ

අනුර Friday, 17 May 2013 02:56 PM

බීපු රඟේ මතක් වෙන්න ඇති නේද? (ස)

:       0       0

සිරිපාල Thursday, 16 May 2013 09:01 PM

කතාවනම් 100% අත්ත

:       0       0

නසාර් Friday, 17 May 2013 10:40 AM

කොන්ඩේ බැදපු චීන්නු හොද මොලකාරයෝ. පාරේ ගියොත් දඩ ගෙවන්න වෙන නිසාත් ආත්ම ගරුත්වය රැක ගැනීමත් උදෙසාත් තමයි එහෙම ගිහින් තියෙන්නේ (නි)

:       0       0

රනිල් Friday, 17 May 2013 10:54 AM

සහතික ඇත්ත

:       0       0

ශිවන්ත Thursday, 16 May 2013 10:06 PM

ලංකාවේ දැවෙන ප්‍රශ්න වලට ජනයා තනි තනිවම මුහුණ දෙනවා.

:       0       0

අමල් Monday, 20 May 2013 12:34 PM

කොහොමද ඉන්න ලස්සන.. (ස)

:       0       0

මධූෂා Saturday, 18 May 2013 12:16 PM

හෙට මැරුණත් හිත සතුටින් අද ජොලි කරලා.... (නි)

:       0       0

හේරත් Thursday, 16 May 2013 11:42 PM

අනේ මම බිව්වේ නැහැ අනේ. ඒත් මම ඊයේ රෑ ඉඳල තියෙන්නේ දෙබොක්කාවක. නෝනා දැකලා මාව බේරගත්තා.ඔන්න බොන්න කියලා වයින් ඉස්පිරිත්තු බෝතලයකුත් ගෙනත් දුන්නා.මොකද කියන්නේ? (නි)

:       0       0

රන්ජනී Friday, 17 May 2013 12:14 PM

දෙබෝක්කාවට වැටුන නිසා ජීවිතේ බේරුනා නැත්නම් මහ මග මරුවට බිලි වෙන්න තිබුනා. (ස)

:       0       0

ලංකාසිරි Friday, 17 May 2013 12:41 AM

ආදෙක් හිටියා නම් ගිනි නිවන හමුදාවත් දෙබොක්කාවෙම හිටීවි (නි)

:       0       0

දිසානායක Friday, 17 May 2013 12:26 PM

අදහසක් එන්නෙම නැහැ මට නම්. (නි)

:       0       0

ජනක Friday, 17 May 2013 01:30 AM

හරි ලොකු දෙයක් වගේ නේද අපිට? (නි)

:       0       0

අසන්ත Friday, 17 May 2013 12:41 PM

අයියෝ සල්ලි

:       0       0

ගුණසිරි Wednesday, 22 May 2013 01:40 AM

අපේ ගමේ පුසෙකුට මේ වැඩේ උනා. වහලවල් උඩින් ෂෝර්ට් කට් දාන්න යනකොට. ගමේ කොල්ලෝ එකතු වෙලා ලනු දාල හරිම අමාරුවෙන් තමා උඩට ගත්තේ.(නදී)

:       0       0

සෑම් Friday, 17 May 2013 04:56 PM

බලන්නකො ගිනි නිවන බටයන්ගේ ඇඟ උඩ ජොලියේ යන හැටි. මටත් හිතයි බීලා එයාලට කෝල් කරන්න. (නි)

:       0       0

උපාලි Friday, 17 May 2013 04:42 AM

මිනිහට කිසිම කරදරයක් වෙලා නැහැනේ. පදමට බිව්වා. දෙබුක්කාවේදී කිසිම තුවාලයක් වුණේ නැහැ. හොඳට නිදා ගත්තා. ගාම්භීර විදිහට හමුදා මෙහෙයුමකින් නිදහස් කර ගත්තා. බේබද්දෙකුට මීට වඩා සැපක් තියෙනවද? (නි)

:       0       0

අනුර පින්තතුර යවන්න Friday, 17 May 2013 06:46 AM

මාර නිවුස් එකක් නේද ?

:       0       0

ප්‍රියන්ත Friday, 17 May 2013 07:43 AM

ඉක්මන පාඩුයි කියුවවාඅ

:       0       0

රසාදරී මාලදිවයින Wednesday, 22 May 2013 07:31 AM

ගිනි නිවන හමුදාවට කරන්න තියෙන වැඩ! (නි)

:       0       0

ඉෂාර Friday, 17 May 2013 08:15 AM

මේ වගේ ඒවා අර දෙයියෝ සාක්කි තීරුවට දාන්න එපැයි. (නි)

:       0       0

සනත් Friday, 17 May 2013 06:18 PM

හෙමින් උස්සලා ගන්න. එයාගේ ජොලිය නැතිවෙන්න පුළුවන් (නි)

:       0       0

සන්ජීව Friday, 17 May 2013 08:28 AM

ඉතින් අපට මොකද ? (ස)

:       0       0

වජිර Friday, 17 May 2013 06:36 PM

ඒ කියන්නේ හිමින් යන එක දුරයිද

:       0       0

අසේල Thursday, 16 May 2013 07:19 PM

මේක අපිට නම් ලොකු දෙයක් වගේ... (නි)

:       0       0

මහසෙන් Friday, 17 May 2013 09:33 AM

දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේකද? (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 May 2013 07:40 PM

හොඳ වෙලාවට දෙබොක්කාවෙ ආඳෙක් හිටියෙ නැත්තෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site