
(ටී.කේ.ජී.කපිල )
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා අද(10 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සැපත් වූවාය .
ඇය මෙම සංචාරය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් තෝරා ගෙන තිබූ අතර අද (10) පස්වරු 01.06 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
එතුමිය සමග ඇයගේ වල්ලභ කුමරු ඇතුළු 07 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටියහ .
මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය අලි සබ්‍රි , සීතා අරඹෙපොළ , ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ මීගමුව හරිස්චන්ද්‍ර , නිවුස්ටෙඩ් බාළිකා , විජයරත්නම් සහ අල් හිල්ලාල් ජාතික පාසැල් වල කුඩා සිසුන් පිරිසක් සහ උඩරට - පහතරට විවිධ නැටුම් අංග නියෝජනය කරමින් විශාල නැටුම් ශිල්පීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා අංගය වෙත පැමිණ සිටියහ .
ගුවන් යානයෙන් බැස ගත් ඈන් කුමරිය රතු පළස දිගේ පැමිණ , ගුවන් තොටුපොළ රන් සමරු සටහන් පොතේ හි සටහනක් තබා ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත සම්ප්‍රාප්ත වූවාය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීතා ගිහිල්ලා තියෙන්නේ කූඩේ අල්ලන්නද?
මරු
වික්ටෝරියා ජලාශේ වගේ තවත් ජලාශයකට ස්පොට් එකක් දෙයිද ?
ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු .ප්‍රීතියෙන් මෙහි රැඳී සිටින්න
සුද්දා ලංකාවට නොඑන්න තවමත් අපිව පාලනය කරන්නේ වඩුගයෝ.
කරුණාකර මෙහි පලවන පින්තූරය දෙසට නෙත් යොමු කරන්න .ලොව පිළිගත් ධනයක් හා බලයක් හිමි උදවුය තමන්ගේ ගමන් මලු රැගෙන ගුවන් යානයෙන් බසින හැටි .අපේ රටේ හොරු ටිකත් ගුවන් යානයෙන් බහින්නේ මෙහෙමලු නේද ?