
නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ කුනාර් පළාතේ, අසාදාබාද් නගරයේ පාසල් ගොඩනැගිල්ලක් පිපිරීමකින් විනාශ විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමට හසුවීමෙන් 10 දෙනකු මියගිය බවත් 110 ක් තුවාල ලැබූ බවත්ය.
පාසල් ගොඩනැගිල්ල අසල ගබඩාවක පුපුරන ද්‍රව්‍ය තිබූ බවත්, පුපුරා ගියේ ඒවා බවත් පසුව අනාවරණය විය. මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් බහුතරය පාසලේ සිටි කුඩා දරුවන් බව ද පැවැසෙයි.
පාසලට යාබදව පතල් සමාගම්වලට අයත් පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩාවක් පිහිටි බවත්, නොසැලකිලිමත්කම හේතුවෙන් පිපිරීම සිදුවුණු බවත් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd