ඇහැළියගොඩ ධර්මපාල විදුහලේ ගුරුවරුන් පනස් තුන්දෙනකු ලෙඩ නිවාඩු දමා වැඩට නොපැමිණි බව ලංකා ගුරු සංගමය කියයි.
පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිනිය පසුගිය ජුලී 9 වැනිදා පැමිණි උත්සවයක සිංහ කොඩිය උඩ නොයෑම සම්බන්ධයෙන් ගුරුවරුන් තිදෙනකු මාරු කැර විදුහල්පතිට හා නියෝජ්‍ය විදුහල්පතිට අවවාද කිරිමට එරෙහිව මෙම පිවර ගෙන ඇත.
මේ පාසලේ ගුරුවරු අනු නව දෙනකු සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා කොච්චර දේවල් තියෙනවද හොයන්න? (දී)
මේ දෙසපලකයෝ මේ රට වනසනවා.
ජාතික කොඩිය නිවැරදි ලෙස ගැටගසා ඉහලට එසවීම සියලුම බාල දක්ෂයින් සහ ශිෂ්‍ය භට බලකායට සම්බන්ධ සිසුන් පාසලේදී ඉගෙන ගනිති. ගුරු වරුන් අනු නව දෙනෙක් අතරේ මෙය ඉගෙන ගත් කිසි කෙනෙක් සිටියේ නැද්ද? නැත්නම් දන්නා කෙනෙකුට එය කරන්නට නොදී කවුරු හරි කෙනෙක් පණ්ඩිත වැඩ කරන්නට ගොස් අනා ගත්තාද? යම් කිසි දෙයක් සිදුව ඇති බැවින් යම් දඬුවමක්ද ලබා දීම වරදක් ලෙස නොපෙනේ. (දී)
ජයම්පති, කාට කතිරේ ගැහුවත් ඔච්චර තමයි. (නදී)
අත් වැරදීම් කාටද නොවන්නේ. ඔය කියන නෝනා සියයට සීයක්ම නිවැරදිද? (ස)
මෙය අත් වැරැද්දක් බව බැලූ බැල්මට පෙනේ. අවවාද කර අවසන් කරන්නට තිබුණු දෙයක් දේශපාලනය නිසා මාරු කිරීම වැරදි පූර්වාදර්ශයක් (ස)
කොහොම වුණත් ඔය විදුහ්පති කොන්ද පණ තිබෙන කෙනෙක් බව දන්නවා. ඒ වගේම ළග තිබෙන ජාතික පාසලේ ව්දුහල්පතිතුමත් කෙළින් වැඩ කරලා දක්ෂකම් පෙන්වපු කෙනෙක්. එතුමාවත් මාරුකරලාලු. පෙනෙනවද විදුලි සැර? (නි)
තම පාසලේ උත්සවයකට ජාතික කොඩිය හරියාකාරව දාගන්න බැරි ගුරුවරු , ගැන කුමන කතාද? ලෙඩ නිවාඩු දාපු ගුරු හොරුවත් වෙනත් පාසලකට මාරු නොකරන්න . මොකද ඒ ළමුන්වත් අසරණ වෙන නිසා .ඔබතුමිය ගත් තිරණය මුලු අධාපන ක්‍ෂේත්‍රයටම හොද පාඩමක්. (ස)
ඔව් සමන්ත, ඒක ඇත්ත.(නදී)
කොන්දේ කැක්කුමට පිටට බෙහෙත් කිරීම (දී)
කාත් එක්ක නොහද නෝක්කඩු තිබුනත් ජාතික කොඩිය යනු අපේ හදවතයි.එයට අගරු කිරීම බරපතල වරදකි.දඩුවම ගෑන දුක් නොවි අසරණ දරුවන් ගෑන සිතා බලනවානම් තමා හොද.මන්ද අපේ පුංචි රටේ අනාගතය ඒදරුවන්ය. ගරුකලයුතු ගුරු චින්තනය එලෙස වීනම් . ඔබ කිසි දිනක එකට ගිලන් නොවෙත්වයි ...ප්‍රාර්ථනා කරමි!!! (දී)
හරි හොඳයි. ලබන පාරත් පැනලම ගිහින් කතිරේ ගහලා එන්න
සිංහ කොඩිය උඩ ගිය නැත්නම් ගුරුවරු මාරු කරන්නත් පුලුවන්ද? අනේ මේ සිද්ධිය ටිකක් පැහැදිලි කරල කියන්න දන්න කෙනෙක්.. ඔතන මොකක් හරි සැගවුනු කතාවක් ඇති... (දී)