IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ඇහැළේපොළ වලව්ව අගමැතිට පෙනේවා‘

ඉපැරණි මහනුවර යුගයට අයත් ඇහැලේපොළ වලව්ව දශක ගණනාවක් ගරා වැටෙමින් පවතී. කෑගල්ල රෝයල් ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක වන මහේෂිකා  කන්දෙගෙදර මහත්මිය ඒ බව සනාථ කරන ඡයාරූප කිහිපයක් අපට එවා තිබේ.

තම මවට අයත් නර්තන ආයතනයේ දරු දැරියන් පිරිසක් මෙවර අසල පෙරහැරේ නර්තනයට සහභාගී කරවීමට ගිය විට ඔවුන්ගේ ගිමන්හල වශයෙන් වෙන්කොට ඇත්තේ මෙම පෞරාණික වලව්ව බව ඇය කියන්නීය.

‘ඇත්තෙන්ම දුකයි මේ වගේ දේවල් විනාශ වෙලා යන එක ගැන. අපේ දරු දැරියන්ට ඉතිහාසය පෙන්වන්න නම් මේ වගේ වටිනා දේවල් අපි රැක ගන්න ඕනෑ. අග්‍රාමාත්‍ය වරයා ඊයේ කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි බලන්න ගියා කියලා මම මාධ්‍යයෙන් දැක්කා. මේ වගේ වටිනා දේවල් ගැනත් එතුමාගේ ඇස ගැටෙයි කියලා මම හිතනවා.‘

image-9068dbce5df86f6991c1b6c06e4ce90b1ae9f87586fc806b7550555b4198a575-V image-92457673f5eac655c66a86ce04b645fbf18d3498f6a01b2ddd0d9a4f1afc8ac5-V image-e30f63a0011e7cb1551205e8ebb778450142de88de271e4af9074ec75b428759-V

 



අදහස් (0)

‘ඇහැළේපොළ වලව්ව අගමැතිට පෙනේවා‘

තිලංක Monday, 31 August 2015 04:42 PM

ගුරුතුමියට ස්තූතියි! (නි)

:       0       0

පහන් Monday, 31 August 2015 07:01 PM

ලංකාදීප පුවත්පතේ මීට කලින් මේ වලව්ව පිළිබඳ විස්තරයක් ගියා නේද? මද්දුම බණ්ඩාර පුංචි වීරයා කෙළිදෙලෙන් දුවපැන ඇවිදපු වලව්ව නේද මේ? (නි)

:       0       0

වසන්ජය Monday, 31 August 2015 09:14 PM

මහේෂිකා මහත්මිය කාලෝචිත වැඩක් කර තිබෙනවා. මෙවැනි ගොඩනැගිලි තවත් තිබෙනවා. මඩුවන්වල වලව්වත් සුරැකිය යුතුයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 31 August 2015 09:30 PM

මේකෙත් නිධන් ඇති කියලා හිතන අපේ අයියලා එහෙමත් නැතිවෙන්න බැහැ. නරකද පොලිස් ආරක්ෂාව දුන්නොත්? (නි)

:       0       0

මල්හාර් Monday, 31 August 2015 10:02 PM

මම මුලින්ම ස්තුති කරනවා ඔය ගුරුතුමියට.ඔය වගේ අපේ රටේ උරුම දේවල් අපේ මිනිසුන්ට පෙන්නුම් කළාට. අපේ මිනිසුන්ට දැන් ඇහැට පෙනෙන්නේ ෆේස්බුක් විතරයි. ඊටවැඩිය දෙයක් මේ ලෝකේ අපේ මිනිසුන්ට නැහැ. (නි)

:       0       0

චින්තක Tuesday, 01 September 2015 12:07 PM

මේ වගේ වටිනා දේවල් රැකගන්න කරන උත්සාහය, දැනුවත් කිරීම් ගොඩක් අගය කරනවා. ඒවගේම මේක දැක්කහම හිතුනා, මේ වගේ වටිනා දේවල් මේ විදිහට විනාශ වෙලා යන්න ඉඩහැරලා තිබෙන එකයි, මේ වගේ දේවල් පවා 'වගකිවයුත්තන්ට පෙනේවා' කියන්න තරම් තත්වයට අපේ රට පත්වීමයි කියන දෙකම බරපතල ඛේදවාචක නේද කියලා. (නි)

:       0       0

චිත්‍රාංග Tuesday, 01 September 2015 12:30 PM

අගය කළයුතු උත්සාහයක් (නි)

:       0       0

සැන්ඩ්‍රා Tuesday, 01 September 2015 02:04 AM

සුනන්දට පිස්සුද? (නි)

:       0       0

පුෂ්පා Monday, 31 August 2015 10:34 AM

මේ මහත්මිය ඉතා ම හොඳ වැඩක් කර තිබෙන්නේ. ගුරුවරියකට අවශ්‍ය දැක්ම ඔබට තිබෙනවා. ස්තුතියි. (ම)

:       0       0

බණ්ඩාර Monday, 31 August 2015 10:36 AM

මෙය පෙන්වාදුන් මහත්මියට ගොඩක් ස්තුතියි අගමැතිතුමනි කරනවානම් මෙන්න වැඩ (ම)

:       0       0

කරුණාරත්න Tuesday, 01 September 2015 03:20 AM

මේ පිළිබඳව බලධාරින්ගේ ඉක්මන් අවධානය යොමුවිය යුතුයි (නි)

:       0       0

ධම්ම Monday, 31 August 2015 10:45 AM

ඉතිහාසය කන්නද කියලා අහපු පාලකයින් හිටි රටක් මේක කාට කාටත් දැන් අමතක වුණාට (ම)

:       0       0

විපුල Tuesday, 01 September 2015 03:41 AM

අපි හැමෝටම මතක සතියයි. (ම)

:       0       0

අනුර විතානගේ Tuesday, 01 September 2015 04:19 AM

මෙය තව දුරටත් රජයට අයිති දෙයක් නොවේ ,දේශපාලකයන් මෙය අයිිති කරගෙන හමාරය (ම)

:       0       0

උපාලි Monday, 31 August 2015 11:21 AM

අපේ අගමැති තුමා මෙය ගැන සලකා බලන බව අනිවාර්යි (ම)

:       0       0

අනුර Tuesday, 01 September 2015 04:22 AM

සෙනරත්, සිරකරුවන් මෙම ස්ථානයේ රැ‍ඳෙව්වේ නැහැ. ඒ මීට එහා පැත්තේ තිබෙන ගොඩනැගිල්ලේ. (නි)

:       0       0

දර්ශ Monday, 31 August 2015 11:41 AM

ඔය සුද්දාටත් කලින් හදපු සිංහල රදල වලව් රැක ගත්තොත් මේ රට සිංහල රටක් කියල කියන්න වෙනවා. ඒ නිසා සුද්දෝ හදපුව විතරයි රකින්න ඕනි . එත කොට මේ රට යටත් විජිතයක් කියල ඔප්පුවෙනවා.. නැගිටින්න දෙන්නෙම නැහැ ..(ම)

:       0       0

පසාන් Monday, 31 August 2015 12:08 PM

අගමැතිතුමනි මෙය අපේ උරුමයකි , මෙය රැක ගත යුතු දෙයකි .මෙතුමියට ස්තුතියි . මට පුළුවන් දෙයක් කිරීමට කැමැතියි. (ම)

:       0       0

කුමාරි Tuesday, 01 September 2015 04:43 AM

මේ සියවස් ගණනක් පැරණි ගොඩනැගිල්ලක්. එය සංරක්ෂණය අසීරු කටයුත්තක්. දැනට එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නාවික හමුදාවෙන් බලා කියා ගන්නවා.මෙතන ප්‍රශ්නය තිබෙන්නේ අවශ්‍යතාව නෙමෙයි, මුදල් සපයා ගැනීමයි, අවශ්‍ය නඩත්තු කටයුතු සඳහා. (නි)

:       0       0

සුනන්ද Monday, 31 August 2015 12:17 PM

මහින්ද රජතුමාට මේක පෙනුනේ නැත්තේ එයා දකුණේ නිසාද (බ)

:       0       0

සිංහයෝ Monday, 31 August 2015 01:43 PM

ජනාධිපතිට මේක පෙන්නන්න අකමැතිද (අ)

:       0       0

රොහාන් Monday, 31 August 2015 01:43 PM

මහින්ද රජ තුමා බැලුවේ නැත්තේ එක ඇතුලේ නිධන් වස්තු නැතුව වෙන්න ඇති නාමල් බේබිට ගන්න. (අ)

:       0       0

සෙනරත් Monday, 31 August 2015 01:57 PM

සුනන්ද, මීට පෙර මෙම නිවාස සිරකරුවන් රඳවා තැබීමට භාවිත කළ ස්ථානයක්. මහින්ද රජතුමා තමයි එතනින් සිරකරුවන් ඉවත් කර එය ජාතික වස්තුවක් ලෙස ආරක්ෂා කිරීමට ක්‍රියා කළේ. දර්ශ ලිය ඇත්තේද වැදගත් අදහසකි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site