ඉපැරණි මහනුවර යුගයට අයත් ඇහැලේපොළ වලව්ව දශක ගණනාවක් ගරා වැටෙමින් පවතී. කෑගල්ල රෝයල් ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක වන මහේෂිකා කන්දෙගෙදර මහත්මිය ඒ බව සනාථ කරන ඡයාරූප කිහිපයක් අපට එවා තිබේ.
තම මවට අයත් නර්තන ආයතනයේ දරු දැරියන් පිරිසක් මෙවර අසල පෙරහැරේ නර්තනයට සහභාගී කරවීමට ගිය විට ඔවුන්ගේ ගිමන්හල වශයෙන් වෙන්කොට ඇත්තේ මෙම පෞරාණික වලව්ව බව ඇය කියන්නීය.
‘ඇත්තෙන්ම දුකයි මේ වගේ දේවල් විනාශ වෙලා යන එක ගැන. අපේ දරු දැරියන්ට ඉතිහාසය පෙන්වන්න නම් මේ වගේ වටිනා දේවල් අපි රැක ගන්න ඕනෑ. අග්‍රාමාත්‍ය වරයා ඊයේ කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි බලන්න ගියා කියලා මම මාධ්‍යයෙන් දැක්කා. මේ වගේ වටිනා දේවල් ගැනත් එතුමාගේ ඇස ගැටෙයි කියලා මම හිතනවා.‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුතුමියට ස්තූතියි! (නි)
ලංකාදීප පුවත්පතේ මීට කලින් මේ වලව්ව පිළිබඳ විස්තරයක් ගියා නේද? මද්දුම බණ්ඩාර පුංචි වීරයා කෙළිදෙලෙන් දුවපැන ඇවිදපු වලව්ව නේද මේ? (නි)
මහේෂිකා මහත්මිය කාලෝචිත වැඩක් කර තිබෙනවා. මෙවැනි ගොඩනැගිලි තවත් තිබෙනවා. මඩුවන්වල වලව්වත් සුරැකිය යුතුයි (නි)
මේකෙත් නිධන් ඇති කියලා හිතන අපේ අයියලා එහෙමත් නැතිවෙන්න බැහැ. නරකද පොලිස් ආරක්ෂාව දුන්නොත්? (නි)
මම මුලින්ම ස්තුති කරනවා ඔය ගුරුතුමියට.ඔය වගේ අපේ රටේ උරුම දේවල් අපේ මිනිසුන්ට පෙන්නුම් කළාට. අපේ මිනිසුන්ට දැන් ඇහැට පෙනෙන්නේ ෆේස්බුක් විතරයි. ඊටවැඩිය දෙයක් මේ ලෝකේ අපේ මිනිසුන්ට නැහැ. (නි)
මේ වගේ වටිනා දේවල් රැකගන්න කරන උත්සාහය, දැනුවත් කිරීම් ගොඩක් අගය කරනවා. ඒවගේම මේක දැක්කහම හිතුනා, මේ වගේ වටිනා දේවල් මේ විදිහට විනාශ වෙලා යන්න ඉඩහැරලා තිබෙන එකයි, මේ වගේ දේවල් පවා 'වගකිවයුත්තන්ට පෙනේවා' කියන්න තරම් තත්වයට අපේ රට පත්වීමයි කියන දෙකම බරපතල ඛේදවාචක නේද කියලා. (නි)
අගය කළයුතු උත්සාහයක් (නි)
සුනන්දට පිස්සුද? (නි)
මේ මහත්මිය ඉතා ම හොඳ වැඩක් කර තිබෙන්නේ. ගුරුවරියකට අවශ්‍ය දැක්ම ඔබට තිබෙනවා. ස්තුතියි. (ම)
මෙය පෙන්වාදුන් මහත්මියට ගොඩක් ස්තුතියි අගමැතිතුමනි කරනවානම් මෙන්න වැඩ (ම)
මේ පිළිබඳව බලධාරින්ගේ ඉක්මන් අවධානය යොමුවිය යුතුයි (නි)
ඉතිහාසය කන්නද කියලා අහපු පාලකයින් හිටි රටක් මේක කාට කාටත් දැන් අමතක වුණාට (ම)
අපි හැමෝටම මතක සතියයි. (ම)
මෙය තව දුරටත් රජයට අයිති දෙයක් නොවේ ,දේශපාලකයන් මෙය අයිිති කරගෙන හමාරය (ම)
අපේ අගමැති තුමා මෙය ගැන සලකා බලන බව අනිවාර්යි (ම)
සෙනරත්, සිරකරුවන් මෙම ස්ථානයේ රැඳෙව්වේ නැහැ. ඒ මීට එහා පැත්තේ තිබෙන ගොඩනැගිල්ලේ. (නි)
ඔය සුද්දාටත් කලින් හදපු සිංහල රදල වලව් රැක ගත්තොත් මේ රට සිංහල රටක් කියල කියන්න වෙනවා. ඒ නිසා සුද්දෝ හදපුව විතරයි රකින්න ඕනි . එත කොට මේ රට යටත් විජිතයක් කියල ඔප්පුවෙනවා.. නැගිටින්න දෙන්නෙම නැහැ ..(ම)
අගමැතිතුමනි මෙය අපේ උරුමයකි , මෙය රැක ගත යුතු දෙයකි .මෙතුමියට ස්තුතියි . මට පුළුවන් දෙයක් කිරීමට කැමැතියි. (ම)
මේ සියවස් ගණනක් පැරණි ගොඩනැගිල්ලක්. එය සංරක්ෂණය අසීරු කටයුත්තක්. දැනට එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නාවික හමුදාවෙන් බලා කියා ගන්නවා.මෙතන ප්‍රශ්නය තිබෙන්නේ අවශ්‍යතාව නෙමෙයි, මුදල් සපයා ගැනීමයි, අවශ්‍ය නඩත්තු කටයුතු සඳහා. (නි)
මහින්ද රජතුමාට මේක පෙනුනේ නැත්තේ එයා දකුණේ නිසාද (බ)
ජනාධිපතිට මේක පෙන්නන්න අකමැතිද (අ)
මහින්ද රජ තුමා බැලුවේ නැත්තේ එක ඇතුලේ නිධන් වස්තු නැතුව වෙන්න ඇති නාමල් බේබිට ගන්න. (අ)
සුනන්ද, මීට පෙර මෙම නිවාස සිරකරුවන් රඳවා තැබීමට භාවිත කළ ස්ථානයක්. මහින්ද රජතුමා තමයි එතනින් සිරකරුවන් ඉවත් කර එය ජාතික වස්තුවක් ලෙස ආරක්ෂා කිරීමට ක්‍රියා කළේ. දර්ශ ලිය ඇත්තේද වැදගත් අදහසකි. (අ)