ඇස්බැස්ටස් ස්වසන රෝග සහ පෙනහලු ආශ්‍රිත පිළිකා ඇතිවීමට ප්‍රබල හේතුවක් බවට පර්යේෂණ මගින් සනාථ කරගත් බවත් එම නිසා ඇස්බැස්ටස් භාවිතයෙන් ඉවත් කිරීම කාලෝචිත බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසීය.
යුරෝපයේ සෑම රටක්ම ඇස්බැස්ටස් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද භාවිත කරයි. ඊට හේතුව මිනිසාට ඇති වන බලවත් සෞඛ්‍යමය තර්ජනය බවටත් වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සඳහන් කරයි.
ඇස්බැස්ටස් තන්තු මඟින් පෙනහළු ආශ්‍රිත රෝග ඇතිවන බවට සැකයකින් තොරව පර්යේෂණ මඟින් සනාථ කර ඇත. ඊට අමතරව දිගු කාලීන වශයෙන් පෙනහළු ආශ්‍රිත පිළිකා සෑදීමට එය හේතුවන බවටත් පර්යේෂණ සනාථ කර ඇත.
ඇස්බැස්ටස් සෙවිලි තහඩු ලෙස පරිහරණය කර ඇති බොහෝ දෙනකුට එක්වරම විකල්පයකට යාම අසීරුය. එම නිසා විකල්ප ක්‍රමවේදයකට පිවිසෙන තුරු සෑම සෙවිලි තහඩුවකම තීන්ත ආලේප කිරීම යෝග්‍ය වෙයි. එය තාවකාලික පිළියමක් පමණක් බවටත් සැළකිය යුතුය.
ඉදිකිරීම් අංශයේ නිරතව ඇස්බැස්ටස් ආශ්‍රිත කටයුතුවල යෙදෙන සෑම තරාතිරකම සේවකයින් තම නාසය හා මුඛය හොඳින් ආවරණය කරගෙන එම කර්තව්‍යෙය් නිරතවීම අත්‍යවශ්‍ය මෙන්ම වැදගත් බවත් වෛද්‍ය වරුණ ගුණතිලක පෙන්වාදෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මොනෝ සෝඩියම් ග්ලුටමේට් " විවිධ නම් වලින් ලංකාවට ගෙනෙනවා.ආහාර සායම් වර්ගත් එහෙමයි. ලෝකයේ තහනම් වල්නාශකත් මෙහාට එනවා. (පොළොවේ සාරවත්බවට අවශ්‍ය ගැඩවිල් පනුවන් දැන් වඳවෙලා ඉවරයි) (නි)
ඔස්ට්‍රලියාව ඇස්බැස්ටෝස් පාවිච්චිය නතර කර දැන් බොහෝ කල්. එහි ඇස්බැස්ටෝස් තියෙන ගොඩනැගිල්ලක් අයින්කරනකොට එය ගොඩනැගිල්ලට ඉහලට යනතෙක් සම්පූර්ණයෙන්ම වසා එය අයින් කරන බවත් ඊට පසු එය ප්‍රවාහනය කරන විට ලොරි සම්පූර්ණයෙන්ම වසා කිසිම දෙයක් පිටවීමට ඉඩ නොතබා ප්‍රවාහනය කරන බව ඕනෑම කෙනෙකුට දැකිය හැක. ඔවුන් ඇස්බැස්ටෝස් වලට එපමණ බයක් පෙන්නුම් කරනුයේ එහි ඇති භයානක කම දන්නා නිසයි . ඔවුන් එය එතරම් භය එයින් පිලිකා හැදෙන එක නවතාලන්නයි. එබැවින් අපේ ලංකාවෙත් ඇස්බැස්ටෝස් නීතියෙන්ම තහනම් කලොත් අපෙරටෙත් පිලිකා රෝගය අඩුකර ගත හැකි බව රජයට තේරුම් ගත හැක. (අ)
මම පදිංචි රටේ ඇස්බැස්ටස් තහනම් කරලා තියෙන්නේ 1975දී. (නි)
මේ රටෙන් ඇස්බැස්ටස් ඉවත් කර දමමු.(හේ)
අස්බස්ටෝ, අජිනමොටෝ යුරෝපයේ තහනම් කරලා දසක ගානක් වෙනවා. අජිනමොටෝ දාන බත් කඩ අදුන ගන්න පහසුයි නිතර පිපාසය. (ර)
මේක ගැන බලධාරින්ගේ අවධානය වහාම යොමුවිය යුතුයි. ඔස්ට්‍රලියාවෙත් ඇස්බැස්ටොස් තහනම්. පෙනහළු වල රෝගයක් හැදෙනවා. ඇස්බැස්ටොස් කැඩුනම එන කුඩු ඉතාම නරකයි. (ර)
මෙම වෛද්‍ය වරයාට අපේ ප්‍රණාමය. නමුත් මේකට ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍යයි. අපේ රටේ මොනම දේකටවත් නැති එකක් ඕකට විතරක් තියේවිද කියන එක නං ප්‍රශ්නයක් තමයි. (ර)
ලංකාව ඇස්බැස්ටස් භාවිතය නතර කිරීමට උත්සහා ගැනීම ඉතා කාලෝචිත දෙයක්.ඕස්ට්‍රේලියාවේ ඇස්බැස්ටස් භාවිතය සම්පුර්ණයෙන් නතර කරනු ලැබුවේ 2005 වසරේදීයි.ලෝකයේ රටවල් අතර වෙළද පලට ඇස්බැස්ටස් නිෂ්පාදන නිකුත් කරන රටවල් දෙකක් හැටියට ඉන්දියාව සහ කැනඩාව [දැනටත්] හැදින්විය හැකිය.ඒ වාගේම වාහන වල බ්රේක් පද්දතිය සදහාද [ බ්රේක් ලයිනර් සහ පෑඩ්ස් ] විශාල වශයෙන් ඇස්බැස්ටස් භාවිතා කරනු ලබයි.ඕස්ට්‍රේලියානුවන් කොතරම් බියක් ඇස්බැස්ටස් සදහා දක්වනු දැයි කිවහොත්, විශේෂ ආරක්‍ෂිත ඇදුමක් පැළද ගෙන සහ මුව ආවරණ පැළදගෙන මිස, එවන් ස්ථානයක අසලකටවත් නොයයි.(හේ)
ප්‍රංශයේ මෙවැනි ඇස්බැස්ටෝස් භාවිත කර හදපු ගොඩනැගිලි කඩා ඉවත් කරලා ගොඩක් කල්. ඒ නිසා පිළිකා වැළදුණු අයට වන්දි ගෙවීමට පවා අධිකරණ තීන්දු දුන්න. ලංකාවේ අපේ ගම්වල ය තවමත් මේවා වහල වලට යොදා ගන්නවා. හරිම කණගාටුයි. (අ)
ඇස්බැස්ටස් පිළිකා ගැන මා සිංහලෙන් ග්‍රන්ථයක් ලියා ඇත. එය පළකිරීමට ඔබගේ සහාය අවශ්‍යයි (නි)
ඕස්ට්‍රලියාවේ පමණක් නොවෙයි බොහෝ රටවල අස්බැටස් භාවිතය පමණක් නොවෙයි ළඟ තබා ගැනීමත් නීති විරෝධියි. අපේ රටේ පාලකයින් හා බලධාරීන් පිටරටවල යහපත් දේවල් නොවෙයි එහාට එපා වෙච්ච දේවල් වලට යසට ඉඩ දෙනවා..ඊට පස්සේ ඒවායින් සිදුවන ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන්න කෝටි ගණන් වියදම් කරනවා. (හේ)