( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් කිහිපයකට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් නැවත අපනයනය කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.
ඒ අනුව ලබන ජුලි මාසය අවසානය හෝ අගෝස්තු මාසය වනවිට කොවිඩ් මර්දන එන්නත් එම රටවලට නැවත අපනයනය කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව බව ඉන්දියාව් පළවන හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඊයේ වාර්තා කළේය.
ඉන්දියාව විසින් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත රටවල් කිහිපයකට ලබාදුන් අතර එම එන්නත නිෂ්පාදනය කළ සීරම් ආයතනය ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් හා කොවිඩ් ආසාදිත රෝගීන් සදහා කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනය නවතා දැමුණි.
කෙසේ වුවද කොවිඩ් මර්දන එන්නත් අපනයනය මේ වනවිට නතර කර ඇති ඉන්දියාව යළි එම කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනවද ලණුව..?
ආපහු මේ අයගෙන් ගන්න නම් එපා. අර දෙවනි මාත්‍රාව අපි ෆයිසර් ගන්නම්...
අනේ...!!! එපා. ඒත් අපේ ආණ්ඩුවට නම් ඉතින් විලිලැජ්ජාවක් නැතිනිසා ගනීවි සමහර විට...
රෝගීන්ට ඇති වන අතුරු ආබාධ හේතුවෙන් යුරෝපයේ රටවල් කීපයක් ඇස්ට්‍රා සෙනිකා ඉන්දියාවෙන් ගෙන්වීම තහනම් කර ඇත. ආයෙත් අපට එවන්න හදන්නේ ඒකයි.
මන් 2019 ඉදලා දිගටම ඉගුරු කොත්තමල්ලි බොනවා දවසට දෙපාරක් . වැක්සින් එකට වඩා හොදයි