IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇස් පියසේනට ගමෙන් උපහාර

වසර 75ක මාධ්‍ය මෙහෙවරෙහි යෙදී සිටි  ඇස් පියසේන (93) මහතා සිය උපන් ගම වන අලුත්ගම දර්ගානගරයේ මීගම දේවගොඩ දී උපහාර ලැබීය.

පුවත්පත් කලාවේදියකු, ගත් කතුවරයකු, පාර්ලිමේන්තු භාෂා පරිවර්ථකයකු හා චෙන්නායි නුවර ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයකු වූ පියසේන මහතා සමස්ත ඉන්දියා ගුවන්විදුලි සේවයේ ද වැඩ කළේය.

සිංහල, ඉංග්‍රීසි හා හින්දි භාෂා ප්‍රවීණත්වයක් ඇති පියසේන මහතා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී.

දේවගොඩ පුරාණ විජයාරාමයේදී පැවැති මේ උපහාර උළෙලේදී පියසේන මහතා ගමේ නෑදෑයන් හා හිතමිතුරන් ද හමු විය.

තම පොත්පත්වලින් ඉපැයූ මුදලින් රුපියල් පනස් දහසක් විහාරයේ වැඩකටයුතු වෙනුවෙන් විහාරාධිපති අනුරාධපුරයේ දේවානන්ද හිමියනට පිරිනැමීය.

 



අදහස් (0)

ඇස් පියසේනට ගමෙන් උපහාර

දයා අලහකෝන් Monday, 02 September 2013 10:15 AM

විද්වතුනි චිරන් ජයතු (දී)

:       0       0

ගාමිණී පෙලෙන්ද, තිලකා සහ දියණියන් Monday, 02 September 2013 04:44 PM

ඔබට අපගේ සුබ පැතුම්! චිරාත් කාලයක් අපගේ දෙස බසට තව තවත් සේවය කිරීමට නිරෝගී සුවය සහ ශක්තිය ලැබේවා! මෙල්බන්, ඕස්ට්‍රේලියා (ස)

:       0       0

රසික Monday, 02 September 2013 11:05 AM

අපගේ උත්තමාචාරය ඔබට (දී)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 03 September 2013 05:12 AM

ඔබ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සන්නසට ලිපියක් ලිවීමට මා තෝරාගත් එක පිළිබදව මම එදා බොහෝ සතුටට පත්වුනෙමි. ඔබ පුවත්පත් කලාවට අමතක නොවෙන නාමයකි (නි)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් ඔස්ට්‍රලියා Sunday, 01 September 2013 06:41 PM

චිරත් කාලයක් දිවි ගෙවන්න ඔස්ට්‍රලියාවේ මෙල්බන් නුවරින් සුබ පැතුම්

:       0       0

ගාමිණි Monday, 02 September 2013 05:22 PM

චිරං ජයතු! (නි)

:       0       0

දාස -ඉන්ද්‍රානි - ගන්ධාරී - මහරගම Sunday, 01 September 2013 07:29 PM

වසර 75 ක් පුරාවට පෑනෙන් අසීමිත පාඨක පිරිසකට කියවන්නට සහ හිතන්නට ඉඩ හසර හෙළි පෙහෙළි කරමින් දිවි මගේ 93 වියට සපැමිණි ජේෂ්ඨ පුවත් පත් කලාවේදියානන්හට දීර්ඝ වූ ආයු සම්පත් ප්‍රාර්ථනා කරන්නෙමු.(අ)

:       0       0

ශාන්ත සේනාධීර Monday, 02 September 2013 01:26 PM

මට පියසේන මහතා හමුවුනේ ඔහු ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය උපදේශකයකු ලෙස කටයුතු කරද්දීයි.සිළුමිණට එකල ඔහු ලියු කොලම මහත් සේ ජනප්‍රිය වුනා.ඔහු ලියු කොලම ලිපිය රැගෙන අප කතෘ මණ්ඩලයට හිමිදිරි උදයේ ඇවිත් කතා බහ කරමින් ඔහු එකල අප සමඟ සේවයකළ කතෘ සුබසිංහ මහතා පර්සි ජයමාන්න,පී.බී. ඉලංගසිංහ හා කීර්ති ගුණවර්ධනයන් සමඟ ඔහුගේ ඉන්දීයානු අත්දැකීම් අපට පවසමින් ගතකල කාලය මට සිහියට එනවා.ඔහු අපේ ප්‍රවීන ජන මාධ්‍යවේදීන් අතර ඉතා බහුල අත්දකීම් ඇති දෙස්විදෙස් වල තොරතුරු දන්නා සිංහල අප අතර දැනට ජීවත්ව සිටින විරල ගනයේ වියතෙක්.යුග පුරුෂයෙක්. වටිනා දු පුතුන් බිහිකළ පියෙක්.ඔබට චිරාත් කාලයක්‌ ආයු ලැබේවායි පතනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site