දෘෂ්‍යාභාධිත ප්‍රජාවගේ ගැටලු සාකච්ඡා කිරීම සදහා දෘෂ්‍යාභාධිත ජනතා සම්මේලනය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත් වූ සාකච්ඡාවට අදාල ආරධිත රාජ්‍ය නිලධාරින් කිසිවෙක් සහභාගී නොවූහ. අධ්‍යාපන අමාත්‍යංශයේ නොවිධිමත් අධ්‍යාපන අංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරින්ට නිල වශයෙන් ආරධනා කර තිබුණු අතර එහි කිසිම නියෝජිතයෙක් ඒ අවස්ථාවට සහභාගී නොවූහ.
පාසල් පාසල් පෙළපොත් නිසි ලෙස නොලැබීම, බ්බ්‍රේල් පෙළ පොත් මුද්‍රණයේ දී සීමාවන් දැමීම, දමිළ බ්‍රේල් පොත් නොමැති වීම, ප්‍රවාහණයේ දී දෘෂ්‍යාභාධිත පුද්ගයන් පිළිබදඳ රියදුරන් නීති රිතී නොදැනීම, ස්වයං රුකියා, හිංසන ක්‍රියාවන්, වෘත්තීය පුහුණු අවස්ථා වැනි කරැණු ගණනාවක් අවධාරණය කළ අතර මේ කිසිවකට පිළිතුරැ ලබා ගැනීමට ඔවුනට නොහැකි විය. ස්වයං රුකියා ණය ආධාර ලබාදීමේදී ප්‍රාදේශීය ලේකම් සහ සමාජ සේවා නිලධාරි නිර්දේශයට අමතරව ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ ද අනුමැති ගැනීමට යන බව එහි භාණ්ඩාගාරික නිශාන්ත මෙන්ඩිස් මහතා කීය. මේ තත්වය තුළින් තම පිරිස් තවත් ආභාධිත තත්ත්වට වැටෙන බව ඔහු කීය. අවශ්‍ය පහසුකම් තිබියදීත් පෙළපොත් ලබානොදීම දෘෂ්‍යාබාධිත ප්‍රජාව සමාජයෙන් වෙන් කිරීමක් බව එහි ලේකම් මැණික් ගුණරත්න මෙනවිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රාජ්‍ය නිලධාරීන් කියන්නේ මහජනතාවගේ මුදලින් ඉගෙනගෙන, විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා පාරට බැහැල උද්ගෝෂණය කර කර ඉදල යන්තම් රජයේ රැකියාවක් ලබා ගෙන මහජන්තාවගේම මුදලින් වැටුප් ලබන රටට බරක් වෙච්ච කණ්ඩායමක්. ඒ අය ගැන මේ වගේ පුවත් අසන්න ලැබීම පුදුමයක් නොවෙයි. කවදා හරි රාජ්‍ය සේවය නවත්වපු දවසට ලංකාවට සෞභාග්‍යයක් උදාවේවි.(නදී)
කොහෙද ගමක ගොල්ෆ් පිටියක් හදන්න විරුද්ද වුන නිලදරින්ව හෝටලයකට ගෙනිහිල්ල විස්තර පෙන්නලා ඉවර වුනාට පස්සේ "අපි අනුමැතිය දෙනවා " කිව්වුව වගේ (අ)
නිතරම අපෙන් දොස් අහන බටහිර රටවල මෙවැනි ආබාධිත අයට සලකන යහපත් ආකාරය ඉතාම හොඳයි. රෝද පුටුවෙන් යන කෙනෙකුට උනත් බසයේ, දුම්රියේ, මහපාරේ කරදරයක් නැතිව යන්න පුළුවන්. (ස) මේ කැත වැඩේ කල නිලදරීන්ට මෙවැනි දෘශ්‍යබදිත සමුළුවක් හෝ පුහුණුවක් සඳහා පිටරටක සංචාරයකට යන්න කිව්වා නම් පෝලිමේ එවි.
ගොළුවන්ට බිහිරන්ට ඇස් නොපෙනෙන අය ගැන කියලා පලක් වෙයිද?ඔතනට කවුරුහරි ඇමති කෙනෙක් හරි පිටරටකින් හම සුදු මිනිහෙක් හරි එනවා කියලා ප්‍රචාරයක් දැම්මා නම් නිලධාරියෝ විතරක් නෙමෙයි, ඔවුන්ගේ අඹු දරුවන්වත් පෝලිමේ එක්කාගෙන එයි. ඔන්න අපේ රටේ වර්තමානය...ඉතින් අනාගතය අනාගන්නවා හැර වෙන කුමක් කරමුද? (නි)
ඉතාමත්ම කණගාටුදායකයි මෙවැනි දේවල් අහන්නට ලැබීමත්.මේ වාගේ නිලධාරීන්ව දියුණු රටවල් වලට ගෙන ගොස් එම රටවල නිලධාරීන් ,රජය, මහජනයා, ආබාධිතයන්ට සළකන ආකාරය පෙන්වා දිය යුතුය. සියලු දේ නැතත් අපගේ ආබාධිතයන්ට මුලික අවශ්‍යතා හෝ සපයා දීමට හැකි නම් මොන තරම් පිනක්ද. එය කවදා ඉටු වේවිද? (නි)
එකම නියෝජිතයෙක්වත් සහභාගි වුණේ නැත්නම් මෙතන වෙන මොකක් හෝ ප්‍රශ්නයක් ඇති. නැත්නම් එක්කෙනෙක් හරි, නිකමටවත් ඔතනට එනවනේ. (නි)
අයියෝ! මම කොහොමද ඇස් වහගන්නේ? ඇස්.ඇස්.සී.වලට මට ඇස් 8ක්ම තියෙනවා නේ (නි)
බොහෝ නිලධාරීන් ඇස් පෙන අයටත් කොලේ වාහන එකේ මේ මිනිසුන් ගැන මොන කතා ද.. (ස)
මෙවැනි සමාජ සේවයකටත්, මේ ආබාධිතයින් මන්ත්‍රී පස්සේ යන්න ඕනෑද? ඒකටත් දේශපාලනය ගාවගන්න එක සුදුසුද? රට දේශපාලනීකරණය කළා හොඳටම ඇති. දැන් කල යුත්තේ එයින් ගැළවීමයි. (ස)
මං මේ කල්පනා කරන්නේ මේ ගොල්ලන්ට මොන සිංහලෙන්ද අමතන්න ඕනා කියලා. කීයක් හරි ගරා ගන්න පුලුවන්නම් බඩගින්නේ හරි බඩගාගෙන එනවා සිකුරුයි.(නදී)
අද රටේ නිලධාරීන් කියල ඇතැම් ආයතන වල දෙපාර්තමේන්තුවල ඉන්නේ අවංකව තමන්ගේ රාජකාරි කරන අය නොවී එව වලින් හම්බ කරගෙන රටට අගතියක් කරන අය. අපේ රට කවද මෙම දුෂ්ටයන්ගෙන් බේරා ගැනීමට පුළුවන් වෙඉද මෙමෙ අසරණ දරුවන්ට කවද සෙතක් වේවිද ප්‍රචරයටන් පින්තුර දල වැඩසටහන් ගෙන යාවි
දැන් එතකොට කවුද දෘශ්‍යාබාධිත. (ස)