ඇවන්ට්ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් මින් මද වේලාවකට පෙර සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු හා මේජර් ජනරල් පාලිත ප්‍රනාන්දු අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.
ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක හා ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සැප්තැම්බර් 1 වැනිදා නොතීසි නිකුත් කැර තිබිණි.
ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නිල නිවසට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මේවා දැකලා දැකලා දැන් එපාවෙලා (නි)
මේගොල්ලො මේවා කරනකොට කළේ පූසා කුම්බලා මාලු කනවා වගේ තමයි. කවදාවත් හිතුවේ නැහැ බඹරේ අනිත් පැත්තටත් මෙහෙම කැරකෙයි කියලා. (නි)
දැන් මේවත් දේශපාලන පලිගැනීම්?(අ)
උම්බලකඩ කෑවනම් දිරවපන් බළලෝ කියන්නේ මේවට තමයි (අ)