ගාලු වරායේ පාවෙන නැවේ අවි ගබඩාව සම්බන්ධ සැකකරුවකුවන ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සේවා සමාගමේ සභාපති බ්‍රිගේඩියර් එච්.එන්.යාපා සේනාධිපති ව්‍යපාරික කටයුතු සඳහා යළි නයිජීරියාවට යාමට විරෝධය දක්වන බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය නීතිපති උපදෙස් පතා ඇතැයිද අවි නැවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් නැති නිසා ඔහුගේ ඉල්ලීමට විරුද්ධ වන්නේ යැයිද රහස් පොලිසිය කියා සිටී.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ දුමින්ද වීරසූරිය මහතා පැවසූයේ ඔහු නයිජීරියාවට ගිය ගමනේ ව්‍යාපාරික කටයුතු අවසන් කිරීමට නොහැකිවූ නමුත් උසාවියට ගරු කරමින් ඔහු යළිත් සියරට පැමිණි බවයි.
විදේශ අමාත්‍යංශය හා ආරක්ෂක ලේකම් සමඟ සාකච්ඡා කර එහි ප්‍රතිඵලය අධිකරණයට දන්වන්නැයි මහේස්ත්‍රාත් සේනාධිපතිට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නේද නයිජීරියාවේ ත්‍රස්ථවාදී සංවිධාන වලට ආයුධ සැපයූවේ.. (නදී)
මුන් ඔක්කොම එකතු වෙලා ලෝකයේ දරුණුම ත්රස්ත සංවිදාන වලට අවි/කුඩු විකුණලා මේ කැත කරන්නේ ලංකාවේ නාමයයි. (බ)
නිපුන්, තිලක් ඩුබායි මොලේ උඩ ඉදගෙනද කතා කරන්නේ, ඔහෙලා වගේ මෝඩ යක්කු හින්දා තමයි මේ රට කවදාකවත් දියුණු කරන්න බැරි. දන්නේ නැත්තම් හොයලා බලනවා ඕක මේ ත්‍රස්තවාදීන්ට ආයුද දෙන්න හදපු එකක් නෙවෙයි රටට ආදායමක් ගෙන්න හදපු එකක්. තාක්ෂණික දෝෂ ඇති, එව්වා තමයි නිතිය මගින් නිරාකරණය කරගන්න ඕන. (නදී)
මේ දවස්වල බෝම්බ පිපිරෙන එකත් මිට වඩා හොයා බලන්න (නදී)
නයිජීරියාවේ,ඇල්ජීරියාවේ යන්නේ රටට ලොකු ගෞරවයක් ගෙනත් දෙන්න වෙන්න ඇති මගේ හිතේ.(නදී)
මේ අය එහෙම කරලා නැහැ. මේ අය නීත්‍යානුකුල රජයන් සමග පමණයි ගනුදෙනු කරන්නේ. ලංකාවට මාසෙකට ඩොලර් මිලියන 50 එනවා මේ අය නිසා. අද ලෝකේ තියන ලොකුම පෞද්ගලික නාවුක ආරක්ෂක සංවිධානය තමයි මෙය. අපි හැමෝටම මේ සංවිදානය ගැන ආඩම්බර වෙන්න පුළුවන්. (නදී)
පුංචි බණ්ඩා බන්දුල පෙරේරාට ජයවේවා.(නදී)
සුමිත් දවල්ද...? (නදී)
මනුස්සයෙක් විදහට ඉපදෙන්න පිං කරලත් මනුස්සකමේ අගය වටහා නොගෙන තිරිසන්නු විදිහට හැසිරෙන මිනිස්සු ගැන බොහොම කලකිරෙනවා. පාට කන්නාඩි ගලවලා තමන්ගේ යුතුකම, අවංකකම, තම පවුලට, රටට, ජාතියට ඉටුකරන්න. බොරුවට නොව පන නැහුනත් ඇත්ත වෙනුවෙන් කතාකරන්න දේශපාලන වේදිකාවේ ඉන්න ප්‍රබූන් යයි කියාගන්න අයට වඩා අපේ පාසලේ ගුරුවරයා වීරයෙක්. දේශපාලන පක්ෂ දේශපාලකයෝ බොහොමයක් ඔවුන්ගේ පැවැත්ම ගැන පමණයි හිතන්නේ රටට ජාතියට ආදරේට ඔවුන් පෙනිසිටිනවා වෙනුවට ඔවුන්ට මුදල් වැඩිපුර ලැබෙන අය වෙනුවෙන් තමයි වැඩිපුරම පෙනීසිටින්නේ. (ර)