නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගිනි අවි ආනයනය, වලංගු බලපත්‍ර නොමැතිව ගිනි අවි හා උණ්ඩ ළඟ තබා ගැනීම, එම වැරදි කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යටතේ ඇවන්ගාඩ් සභාපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු පස් දෙනකුට එරෙහිව නඩු පැවරීමට සාධාරණ කරුණු ඇතැයි අතිරේක සෝලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නීතිපතිට වාර්තාවක් මගින් නිර්දේශ කර ඇත.
ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංඛ සේනාධිපති, එහි අධ්‍යක්ෂ මංජුල කුමාර යාපා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී එම් එස් ජයරත්න මහත්මිය සහ රක්නා ලංකා සමාගමේ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව නඩු පැවරීම සඳහා බැලූ බැල්මට ශක්තිමත් සාක්කි ඇති බව නවරත්න මහතාගේ වාර්තාවේ දැක්වේ.
ඇවන්ගාඩ් අවි ගබඩාව සම්බන්ධයෙන් රහස් පොලිසියේ පරීක්ෂණ ගොනුව අධ්‍යයනය කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා තම නිර්දේශ සහිත වාර්තාව නීතිපතිට බාර දී ඇත.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ එම පස් දෙනාට එරෙවි නඩු පැවරිය හැකි බව බණ්ඩාර මහතා සඳහන් කරයි.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ මගින් උපයාගන්නා කළු සල්ලි නීත්‍යනුකූල කිරීම සඳහා නීත්‍යනුකූල ව්‍යපාරයන්හි යෙදීම සම්බන්ධයෙන් ද මෙම පිරිසට එරෙහිව වත්කම් සොයා ගත් ආකාරය ගැන පරීක්ෂණ පවත්වන ලෙස ද අතිරේක සොලිස්ටර් ජනරාල් නිර්දේශ කර ඇත.
මෙම පස්දෙනාට එරෙහිව ප්‍රභල සාක්කි ඇති බව තමාගේ මතය හෙයින් තම නිර්දේශ සමඟ එකඟ වන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට උපදෙස් දෙන ලෙස ද වසන්ත නවරත්න බණ්ඩාර මහතා නිදේශ කර තිබේ.
ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ නීත්‍යනුකූල නොවන බව කියන පාවෙන අවි නැව් ව්‍යපාර හා එම අවි හා උණ්ඩ ගබඩා කර ඇති ගබඩා තහනම් කර ඒවායේ භාරකාරත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවට පවරා වාණිජ නැව්වලට ආරක්ෂාව සැපයීම සඳහා අවි හා උණ්ඩ සැපයීමේ ව්‍යාපාරය දිගටම ගෙන යන ලෙස නාවික හමුදාවට පවරන ලෙස ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා නිර්දේශ කර ඇත.
ගාලු වාරායේ නැංගුරම්ලා ඇති මහනුවර නැවේ නීත්‍යනුකූල නොවන අවි හා උණ්ඩ තිබූ බව රහස් පොලිසිය දැන්වීයැයි ඔහු සඳහන් කරයි.
ඒ ගැන සෝදිසි කරද්දී ඒකේ 47, රයිෆල් හා වෙනත් යුද අවි ආයුධ 3000කට වැඩි ප්‍රමාණයක් ද, වෙඩි උණ්ඩ හත් ලක්ෂයක් ද තිබූ බවත්, නැවේ නීත්‍යනුකූල අයිතිකරු වන ලංකා ශිපිං සමාගම එම නැව ඇවන්ගාඩ් සමාගමට බදු දී ඇති බවත්, එම අවිවල අයිතිය භාරකාරත්වය හා පාලනය මුළුමනින්ම ඇවන්ගාඩ් සමාගම සතු බවත් රහස් පොලිසිය හා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව ඒවා ගණන් ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටි බවත් නවරත්න මහතා සඳහන් කර තිබේ.
(ඡායාරූප ලහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කියන්නේ මිනිස්සු විසින් හැදු දෙයක් මිසක් උඩින් වැටිච්ච දෙයක් නෙමෙයි, එක රටේ යහපතට යොදවපු බවක් දැන් පෙනෙන්න නැහැ. (ර)
මේ කරුණු ගැන මදත් සිතන්න. මෙම නැව් ආරක්ෂණ සේවය නීති විරෝධී නොවන බව පළමුවම පිළිගෙන තිබේ. එහෙයින් එය නාවුක හමුදාව යටතේ පවත්වාගෙන යාමට අවසර දී තිබේ. මෙම අවි විදේශීය නැව් වලට අයත් බැවින් ඒවා ලියාපදිංචි අවිද නැද්ද යන්න පිළිබදව සොයා බැලීමට අවශ්‍ය වී නැත. ඇවන්ගාඩ් ආයතනය මෙහි භාරකාරත්වය දැරූ අතර එය ශ්‍රී ලංකා ගොඩබිමින් බැහැරව ගාලු වරායට ආසන්නව ලංකා රජයේ මුහුදු සීමාව තුල පවත්වාගෙන ගොස් ඇත. එවකට ආණ්ඩු බලය දැරූ රජයේ ආරක්ෂක ලේකම් වරයාට මෙතරම් නීතිවිරෝධී අවි ආයුධ ප්‍රමානයක් කුමකටද? ඔවුන්ට නීත්‍යනුකූලව අවි ආයුධ ගෙන්වීමට බලයක් ද තිබුනි. අපරාධ කරන්නට නම් පාවෙන අවි ගබඩාවක්ම පවත්වාගෙන යා යුතුද? (ර)
මේක රටේ අදායම වැඩි කරගන්න කල හොද බුද්දිමත් වැඩක්.... ලැබෙන අදායම් රජයට නම් පටන් ගත් විදිය ගැන ඉස්පිලි පාපිලි හොයන්නේ මොකටද.... (ර)
නීතිය කාටත් පොදුවිය යුතුයි කියන අයගෙන් අහන්න තිබෙන්නේ, ඔය නීතිය ආණ්ඩු පක්ෂයට බලපාන්නේ නැද්ද කියලයි (නි)
එහෙනම් ඉක්මණින් මේ ගැන ක්‍රියාත්මක වෙන්නනේ තියෙන්නේ (නි)
ඇවන්ගාර්ඩ් ගැන හීනෙන් කියවනවා... ජනතාවගේ බඩගින්නත් වෑහෙනවා.... ලංකාවේ ලොකු ගැටලුව මේ වෙනවා.... (නි)
අපිට මොන මොන කතා කිවුවත් අපි දන්නවා සිද්ධවෙන දේවල් (නි)
ගෝඨාට අපි කවදත් පක්ෂයි. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ජනතාව වන අපි සැමදා ගෝඨාභයගේ පැත්තේ. (නි)
දැන් ඊළගට වෙන්නේ මොකක්ද?(හේ)
දැන් ඉතින් මොනා කරන්නද?(හේ)
එදා ෆොන්සේකාව හිරේ දාපු එකත් වැරදි, ඒ වගේම ගොඨාභයව හිර කරන්න හදන එකත් වැරදි. (හේ)
වරදක් කරලා වසන්කරන්න බැහැ. කවදාහරි නීතියෙන් දඬුවම් විඳින්න වෙනවා (නි)
එතකොට නීතිය කාටත් පොදුද? (නි)
රටේ සාමාන්‍ය ජනතාවට බොරු කරමින් කරගෙන යන දේවල් නිසා විනාශවෙන්නේ අපේ රට ජාතිය සහ රටට සේවය කළ මිනිසුන්ගේ අභිමානයයි. එම අයගේ ශක්තියයි. (නි)
හැකිවුණාට කරන්නේ නැහැනේ. (නි)
අනේ කොච්චර හොඳද මේ උදවියට ගා තිබෙන මඩ සෝදාගෙන තමන්ගේ නිර්දෝෂීබව උසාවිය ඉදිරියේ ඔප්පූ කරන්න අවස්ථාවක් ලබා දීම ගැන රජයට ගොඩක් ස්තුතියි! පගා දුන්නේ කවුද, ගත්තේ කවුද මේවා ඔක්කොම හොයලා බලලා මඩ සෝදාගමු නේද? (නි)
දැන්වත් ඔය පළිගැනීම නතර කරනවාද අපට තේරෙනවා මෙයාලා කරන්න යන දේවල් අසාද් කුමරු එන්නේ නිකන් නෙවෙයි. (බ)
මේ රටේ පාලකයන් විසින් කරන ලද අපරාධ වලට නීතිය හරියට ක්‍රියාත්මක කිරීමට නම් සුද්ද අපිට අපේ පාලනයක් කර ගන්න කියල අපිට භාර දීපු දවසේ ඉඳලම පටන් ගත යුතුය. නීතිය සැමට සැමදා සමානව ක්‍රියාත්මක කල යුතුය. යහපාලනයේ සැබෑ අරුත නිරාවරණය වන්නේ එවිටය. (රේ)
රටේ අදායම කොහොම වෙතත් එයාලගේ ආදායමනම් වැඩි කරගෙන ඇයි. ඒකනේ අද හැම කෙනාලඟම අවි ආයුධ තියෙන්නේ (රේ)
රටේ නීතිය සැමට පොදු විය යුතුය. වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා දඩුවම් කළ යුතුය. සාමාන්‍ය ජනතාවට එය ආදර්ශයක් වේවි.(ම)
මෙම ආයතනය ශ්‍රී ලාංකික සමාජය ගොඩනැඟීමට අවශ්‍ය මුදල් සමාජයට පිළිගත හැකි අයුරින් සිදුකර ඇත. සිදුව ඇති වැරදි සමාජයට එතරම් බරපතල නොවේයැයි අපේ හැඟීමයි. මොවුන්ට දඬුවම් කිරීමට අපේ මුදල් සහ කාලය නාස්ති කිරීම සමාජය දකින්නේ අනවශ්‍ය දෙයක් ලෙසටය. එහෙයින් කරුණාකර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, හොර දේශපාලුවන්, දැව ජාවාරම්කරුවන්, ඖෂධ ජාවාරම්කරුවන් වැනි සමාජය සූරාකන ලේ මාපිලුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රථමයෙන්ම කළයුතුව ඇත. (නි)
සිද්ධවෙන දේවල් ගැන මහජනතාව වශයෙන් අපිට දුකයි (නි)
කළගුණ සැළකීම කියන්නේ එකක්, දුෂිතයන්ට දඬුචම් දීම කියන්නේ තව එකක්. මට නම් මේ ලංකාවේ නොවෙයි ලෝකයේ කොහෙවත් ඉන්න දේශපාලුවන් එක් කෙනෙක්වත් ශතයකටවත් විශ්වාස නැහැ. යුද්ධය ජයගන්න " ගෝඨාභය රාජපක්ෂ " මහත්මයා දායකත්වයක් දුන් බව අපි කවුරුත් හොඳින්ම දන්නවා. නමුත් අපි කාටවත් කියන්න බැහැ " ගෝඨාභය නිසයි යුද්ධය දිනුවේ " කියලා. (නි)
හැමෝම ලියා තිබෙනවා වැරදි කළ අයට දඬුවම් දෙන්න ඕනෑ කියලා. හැබැයි යුද්ධය අවසන්කරන්න මෙතරම් මහන්සි වුණ ආරක්ෂක ලේකම්ව අත්අඩංගුවට ගන්න තමා වලිකන්නෙ. අනේ මෙහෙමත් කෙළෙහිගුණ නොදන්නා රටක අපි ඉපදුනානෙ හැබෑටම....! (නි)
අපි නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳම දේ (නි)
අනේ මෙහෙමත් නාටක!. කාට පෙනෙන්නද මේවා රඟ දක්වන්නේ!. (ම)
අපිට දැන් හැමදේම තේරෙනවා (නි)
"රතන" නිතිය කාටත් පොදුයි නේ ඉස්සර වගේ නැහැනේ නේ ඒ හින්දා මේ ගොල්ලන්ට පුළුවන් උසාවි ගිහින් තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න. (ම)
බලලා මල්ලෙන් එළියට පැන ඇත. යුද්ධයෙන් පසු එකදු බෝම්බයක් හෝ අපේ පොළොව තුළ නොපිපිරීමේ වගකීම නොපිරිහෙලා ඉටුකළ ඔහු හිරේ දැමිය යුතුමය. අවීචි මහා නරකාදියක් වූ කොළඹ ලස්සන කිරීමේ බරපතල විපාකයට ඔහු වන්දි ගෙවිය යුතුමය. අහෝ ලාංකිකයිනි! (නි)
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා මේවට? (නි)
රටේ නීතිය සැමට පොදු විය යුතුය අතර වතුර ඉල්ලුවිට , උපාධිධාරින් පාරට බැස රක්ෂා ඉල්ලුවිට, තවත් මෙවැනි ඉල්ලීම් ඉල්ලනවිට උණ්ඩයෙන් පිළිතරු දුන් සියල්ලටම තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි. එය පලි ගැනිමක් නොව, රටේ නීතියයක් ඇතිබව ජනතාවට වගේම ලොවට ද ආදර්ශයක් වේවි .(ම)
මෙයාලගෙ අරමුණ මොකක්ද කියලා අපි දන්නවා (නි)
වැරදි කළා නම් දඬුවම් දෙන්න ඕනෑ. යුද්ධය කළා කියලා ඒවාට රටේ නීතිය අමතක කරන්න බැහැනේ. එහෙම කරනවා නම් මුලින්ම සමාව දෙන්න තිබුනේ සරත් ෆොන්සේකාට. (නි)
නිදහස් වුණ කොටින්ගේ හිර ගෙවල් ටික පුරවන්නත් ඕනිනේ ..... (ම)
හැමදෙනාටම සාධාරන නීතියක් ඕන. වෙනසක් නැතුව දඩුවම් දෙන්න ඕන. මොකද හැමෝටම එක නීතියක් ඕන නැත්නම් කවදාවත් ලංකාවට දිවුණුවක් වෙන්න බෑ අනිත් රටවල් වගේ... (ර)
අමල්ගේ කතාව ඇත්ත. සරත් ෆොන්සේකාට කළේ බලවත් අසාධාරනයක්. ඔහුගේ කටට එදාත් බ්රේක් තිබුනේ නැහැ. නමුත් දැන් සිදුවන්නේ වෙනත් දෙයක් (නි)
මමත් ඔය ගෝඨාභය මහත්තයාට කරන දේවල් වලට කැමති නැහැ. ඒ මහත්තයා රටට කළ සේවය ගැන හිතලා, එයාගෙන් රටට වැඩක් ගන්න බලන්න. (නි)
නිතිය කාටත් පොදු විය යුතුයි. නමුත් ක්‍රියාත්මක වීමත් පොදු විය යුතුයි. (ර)
රසින්ත, මමත් හරියට දුක්වෙනවා මෙවන් මිනිසුන් ඉන්න සමාජයක ඉපදීම ගැන. (නි)
මේවට කලින් බලන්න ඕනෑ අර කියපු ඖෂධ පනතට මොකද වුණේ කියලා. මතට තිතට මොකද වුණේ කියලා. දුම්වැටි අවම කිරීමට දරපු කෑගැහිල්ලට මොකද වුණේ කියලා. මේ රටට ආදායමක් එන දේ නතර කරලා, රටට හානිකර දේවල් පවත්වාගෙන යන්න උත්සාහ කරනවාද කියලා. (නි)
කමක් නැහැ. මරබියෙන් පිරි විශාලා නුවරක්ව තිබුණු රටක මිනිසුන්ට හෙටක් ගැන හිතන්න මරබිය නැතිකර දුන් එකට කළගුණ සළකන්න, රට බේරාගත් ගෝඨාභය මහත්තයා සිරභාරයට ගන්නාතුරුයි අපිත් මේ බලාගෙන ඉන්නේ. මෙහෙම රටක ඉපදුනු අපි අපිටම ශාපකර ගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන්.... (නි)
සාක්කි ප්‍රබල නම් නීතියට අනුව කටයුතු කරන්නනේ තියෙන්නේ (නි)
මෙය පළිගැනීමක් නොව නීතිය ක්‍රියාත්මක කිරීමක් පමණි (නි)
වැරද්දක් කරලා නැත්නම් ඇයි බය ? පක්ෂ වැඩක් නැ රට ගැන හිතන්න. වැරදිනම් වැරදියි කියන්න බය වෙන්න ඕන නෑනේ. (ර)
අනිවාර්යෙන් පරීක්ෂණයක් කල යුතුයි. (ර)
රටේ නීතියට උඩින් කිසිවෙකු සිටිය යුතු නැත. රටක විනය රැකීමට තරාතිරම නොබලා වැරදි කරුවන්ට දඬුවම් දිය යුතුය. (ර)
යුද්ධය අවසන් කළ පළියට රටේ නීතියට පටහැනිව කටයුතු කිරීමට කාටත් අවකාශ ලබා දියයුතු නැත. යුද්ධය අවසාන කිරීමේ ගෞරවය ලබාදෙන අතරම රටේ නීතිය උල්ලංඝනය කර ඇත්නම් ඊට එරෙහිව කටයුතු කළයුතුය. නැත්නම්, යුද්ධය අවසන් කළා යැයි කියමින් ඕනෑම කෙනෙකුට ඕනෑම වැරදි වැඩක් කරන්න පුලුවන්ද? (නි)
මෙහි අදහස් දාන අය අලුත ඉපදුන අයද.? (ර)
උපාලි කොහොමද දන්නේ දැන් හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා.? (ර)
ප්‍රියන්ත, නිමල්ලලිත, ඔයාලා හීනෙන් දොඩවනවද ? මතක නැද්ද මහින්ද සහ ගෝඨාභයලා එන්න කලින් මේ රටේ නීති දෙකක් තිබු බව? (බෝම්බ, තුවක්කු නීතිය තදින් බලපැවතුනා) එය පොදු නීතියක් බවට පත්වුණේ එයාලගේ එඩිතර ක්‍රියාන්විතයෙන් පස්සේ. ගෝඨාභයලා නොහිටියා නම් ඔයාලට මේ රටේ පොදු නීතියක් ගැන හිතන්නවත් ඉඩක් නැහැ. (නි)