ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ තුවක්කු 56ක බලපත්‍ර දීර්ඝ කිරීම මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර මහතා ප්‍රතික්ෂේප කළේය.
එම සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණය ඇතුළු රහස් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන හෙයින් රහස් පොලිසියෙන් නිර්දේශයක් රැගෙන එන ලෙස එම සමාගමට දන්වා ඇති බව ද දැනගන්නට ඇත.
එම තුවක්කුවලට දෙසැම්බර අග දක්වා බලපත්‍ර ඇති බවත්, ඉන් පසු 2016ට බලපත්‍ර නිකුත් නොකළහොත් ළඟම ඇති පොලිසියට එම අවි බාර දීමට සිදුවන බවත් පොලිස් ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දැන් රටේ ජනතාවට කිරියෙන් පැණියෙන් උතුරනවා. ඇවන්ගාඩ් ගැන අහලම දැන් බඩත් පිරිලා. මේ රටේ වෙන ප්‍රශ්න මොකුත් ඇත්තෙම නැහැනේ දැන් (නි)
රටක ආයුධ ගත් කල්ලි නීතියට අනුවත් රටේ ආරක්ෂාවටත් අනතුරක්. (ම)
දැන් ඉතින් මොනා කරන්නද?(හේ)
අපරාදේ! රටටත් විශාල විදේශ විනිමයක් ගෙනා, රජයටත් විශාල ආදායමක් ලබාදුන්, විශ්‍රාමික හමුදා සෙබළුන්ටත් ගෞරවාන්විත රැකියාවක් සහ හොඳ ආදායමක් ලබාදුන් ඉතාම ලාබදායී සමාගමකට කළ විනාශයක්? දැන් කාටත් සතුටු ඇති. (නි)
ඒත් සමහරු කියන විදියට ඇවන්ගාඩ් එකේ වැරැද්දක් නැහැනේ. එහෙනම් ඇයි දෙන්න බැරි? (නි)
ඔය තියෙන්නේ! ඕකේ වංචාවක් වෙලා තිබෙනවා නම් ඒක හොයන එක වෙනම දෙයක්. (නි)