IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්

(ඩී.ජී.සුගතපාල, චන්ද්‍රසිරි ගුණසේකර සහ ජේ.කේ.ඒල්.චාමින්ද )

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාස 15 ක බලය හිමිකරගෙන ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.

ඉතිරි කොට්ඨාස දෙකේ බලය සමගි ජනබලවේගය හිමිකරගෙන තිබේ. පිටුවල හා අවිත්තාව යන කොට්ඨාස සමගි ජනබලවේගය දිනා ගත් කොට්ඨාස වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු කොට්ඨාශ ගණන 17 කි.

සභාවේ මුළු සභිකයන් ගණන 28 ක් වන අතර මින් 11 දෙනකු සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගැනීමට නියමිතය.

මධ්‍යස්ථාන 48කදි ඡන්ද විමසිම සිදු කරනු ලැබු අතර ලියා පදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 55643කි.

ඇල්පිටිය ප්‍රදේශට  යහපත් කාලගුණ තත්වයක් පැවැති අතර  හදිසි ගංවතුර තත්වයක් හෝ ආපදා තත්වයක් ඇති වුවහොත් ඡන්ද පෙට්ටි සහ නිළධාරින් ප්‍රවාහනය කිරිම සඳහා බෝට්ටු සේවාවක්ද සහන සේවා කණ්ඩායම්ද සුදානම්කර තිබිණි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධින කණ්ඩායම් දෙකක් ඇප තැන්පත් කර තිබුණ ද නාම යෝජනා බාරදි ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ අටක් සහ එක් ස්වාධින කණ්ඩායමක් පමණි.

උදෑසන 7සිට සවස 4දක්වා පැවති ඡන්ද විමසිමේදි ඡන්ද ප්‍රකාශකර ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 63%ක් බවත් ඡන්ද විමසිම සාමකාමිව පැවති බවත් දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ.ධරමසිරි මහතා පැවසිය.

 



අදහස් (9)

ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්

SIRI Sunday, 27 October 2024 01:12 AM

අහන්න දෙයක්යැ. අනිත් කණ්ඩායම් පුංචි රැස්වීම් වලදී පවා ප්‍රචාරණ කටයුතු පැත්තක තියල ඇණකොටා ගන්න පටන් අරගෙන. අපි ආවේ තමුසෙගේ කතා අහන්න නොවේ ලොක්කගේ කතා අහන්න කියලත් කියන්න පටන් අරගෙන. සමහරු දැන් දැන් අපට කන්න බොන්න දියව්. ගෙවල්වලට යන්න බස් දියව් කියලා. එළිපිටම කෑකෝ ගහනවා ඇහෙනවා. මණ්ඩලේ හොඳටම කචල් වෙලා වගෙයි පෙනෙන්න තියෙන්නේ. මහ ඡන්දෙදි වෙන දේ ගැන කියලා වැඩක් නෑ.

:       0       0

Nandalal de Silva - France Sunday, 27 October 2024 01:30 AM

එතකොට මැදමුලන හොර රංචුවට මොනවද උනේ ? පව් අප්පා... නාකි මයිනාට හාට් ඇටෑක් හැදෙනවා නියතයි.... නාමල් නාම්බා රට යාවි .... පවුල හොයා ගෙන !!!

:       0       0

Nandalal de Silva - France Sunday, 27 October 2024 01:32 AM

මාලිමාවට අපෙන් සුබ පැතුම්

:       0       0

ramani kara tota Sunday, 27 October 2024 06:33 AM

විපක්ෂයටත් විශිෂ්ඨ ජයක් ජයවේවා.... මාලිමාව තවමත් කයිය පච කියන එක නතර කර නැති වගේ මෙයින් පේන්නේ...

:       0       0

රංජිත් Sunday, 27 October 2024 06:57 AM

අවුරුදු 76ක් කරපු උන් මේක දින්නා නම් රට හදන්න රඟන රැඟිල්ල බලාගන්න තිබුණා....

:       0       0

ජගත් ලියනගේ Sunday, 27 October 2024 07:19 AM

2024 නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන මහ ඡන්දයේ ප්‍රතිඵල, ඔය පුංචි ඡන්දයෙන් හිතා ගන්න පුලුවන්. පාර්ලිමේන්තු මැතිවරනයෙන්ද, මාලිමාව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගන්නවා ඇත. එය සක්සුදක් සේ පැහැදිලියි.

:       0       0

කස හඬ Sunday, 27 October 2024 08:13 AM

ජය නම් තමයි. හැබැයි විශිෂ්ඨ නම් නෑ වගේ. ජනාධිපතිවරණෙටත් වඩා ප්‍රතිශතය අඩුයි. 49%, 48% වෙලා තියෙන්නෙ. විපක්ශ 52%ක් දිනල තියෙන්නෙ.

:       0       0

සමන් විමල් Sunday, 27 October 2024 09:40 AM

කෝචොක් කරන්ඩ එපා මහත්තයෝ.

:       0       0

m. saman perera Sunday, 27 October 2024 12:01 PM

මිනිස්සු දන්නවා දැන් හොරු පත් කරලා රටට වෙන සෙතේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 213 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 725 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1140 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site