IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇල්ලුවේ පිරිමි, ගැහැණුන් නොවේ

ඉතාලියේ පිරෙන්සි දිස්ත්‍රික්කයට අයත් රිප්රෙඩ් නගරයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය චීන සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ ඉතාලි පොලිසිය එහි හිමිකාර චීන ජාතික කාන්තාව (36) අත්අඩංගුවට ගත්තේය. මෙයට පෙර ද පිරෙන්සි දිස්ත්‍රික්කයට අයත් පිරෙන්සුවොලක් නගරයේ නිවසක් වැටලු ඉතාලි  පොලිසිය දකුණු අප්‍රිකා කාන්තාවන්  තිදෙනකු අත්අඩංගුවට ගෙන එම නිවස සතියකට යුරෝ 300ක රුපියල් 48000කට ඔවුන්ට කුලියට දුන් නිවස හිමිකාර ශ්‍රී ලාංකිකයෝ පිරිමි තිදෙනා ද අත්අඩංගුවට ගනු ලැබූහ. මොවුන් ශ්‍රී ලාංකික ගහැණුන් යැයි කලින් පුවතේ සඳහන් වූයේ  ප්‍රමාද දෝෂයකිනි. ඒ ගැන අපි බලවත් කනගාටුව පළ කරන්නෙමු. මේ වරද පෙන්වා දුන් ඉතාලි පාඨකයනට ද අපේ ස්තුතිය හිමිවෙයි.



අදහස් (0)

ඇල්ලුවේ පිරිමි, ගැහැණුන් නොවේ

ලාල් ගලබඩ...ඉතාලියේ... ලෙක්‌කෝ නගරයේ සිට... Wednesday, 23 May 2012 10:51 AM

පාටකයිනි,පුවත් පත් වාර්තා කෙසේ ඵලවූවත් සහෝදර පාඨකයින් හට නිවැරදි තාවයෙන් දන්නා දේ ඒ අයුරින් ලබාදී දැනුවත් කිරීමට අපද නිතරම උත්සාහ ගන්නෙමු.එයයි රටේ අනන්‍යතාවය රැක දීම,ස්‌තුතියි.

:       0       0

තිලංක Wednesday, 23 May 2012 10:52 AM

පුවතක් පල කිරීමේදී මීට වඩා සැලකිලිමත් වීම අනිවර්යයෙන්ම කලයුතුයි.

:       0       0

ප්‍රසන්න Wednesday, 23 May 2012 10:53 AM

අනේ අපේ ගෑණුන්ට වෙච්ච නින්දාවක්.ඒක තමයි මම කිවුවේ ඔක්කොටම කලින් මේවා මෙහෙයවන පිරිමි ගැන හොයලා බලන්න කියලා.

:       0       0

හපනා Wednesday, 23 May 2012 10:59 AM

පුවතක් පලකීරීමෙදී මීට වඩා බොහෝ සැලකිලිමත් විය යුතුයි.

:       0       0

සුභාෂිනී Wednesday, 23 May 2012 11:04 AM

දෙවියන්ගේ නාමෙට වරදක් නිවැරදි ‍වුණු එක හොඳයි...නැත්නම් ඉතින් දරුවන්ගේ බඩ වියත රැකගන්න, පවුල් ගොඩ ගන්න රට ගිය අයගේ සනුහරේම ඉවරයි..

:       0       0

ලාල් ගලබඩ...ඉතාලියේ... ලෙක්‌කෝ නගරයේ සිට... Wednesday, 23 May 2012 11:04 AM

ලංකාදීප එසැණ පුවත් සේවය මෙය නිවැරදි කර ඉදිරිපත් කිරීම ගැන අපගේ ස්‌තුතිය පුදකරමු.නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට දායක වූ අජිත් හෙට්‌ටිආරච්චි මහතාටත්,එම නගරයෙන් අපට තොරතුරු දුන් හිතවතුටද අපේ බලවත් ප්‍රනාමය මෙලෙස පදන්නෙමු,ස්‌තුතියි.

:       0       0

සිල්වා Wednesday, 23 May 2012 11:12 AM

කපුටෝ...........

:       0       0

කිරිමාටින් Wednesday, 23 May 2012 11:16 AM

ඒක තමයි ...මම බැලුව ඒත් අපේ ගෑණු ඔයවගේ දේ කරයිද කියල පිටට ගහිල්ල ....

:       0       0

නීතිය Wednesday, 23 May 2012 11:16 AM

ඔය සිද්ධිය ඉතාලියේ අය කිවුව නිසා හොදයි.නැත්නම් මේ සිද්ධිය ඇත්තක් වෙලා ජංජාලයයි නේද වෙන්නේ?

:       0       0

ලාංකිකයා Wednesday, 23 May 2012 11:25 AM

ඒක තමයි පිරිමි මේව කරල අන්තිමේ ගෑණුන්ට බනිනව....

:       0       0

ජයාන් Wednesday, 23 May 2012 11:26 AM

ඉතාලියෙ නැතිව ඇති කුවෙට් වල නම් එහෙමම තමයි...

:       0       0

අලිබබා Wednesday, 23 May 2012 11:55 AM

එහෙම දෙයක් නැත්නමි ලොක් දාන්න ඕන්නෑ.

:       0       0

දිනේශ් Wednesday, 23 May 2012 12:04 PM

මේකෙ මෙහෙම උනාට ගැහැණු ඔහොම දේ කරනව මෙහේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 260 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site