IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි

(රසාද් රුක්මල්)

ඇල්ල  කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑසන 6.00 වනතෙක් වසා දමන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

අද (14) අලුයම කන්දක් එක්වරම වර්ෂාවත් නොමැතිව මෙසේ නායයාම ට පටන් ගෙන ඇති බවත් , විශාල ගස්කොළන් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටී මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව තිබු බවත් ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා සදහන් කලේය .

මෙම ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් පරික්ෂාවට ලක්කිරිමෙන් අනතුරුව මෙම ස්ථානය තව දුරටත් නායයාම සක්‍රිය වෙමින් පවතින බවට දැනුම් දී ඇත.

නායයාම සක්‍රිය වෙමින් පවතින මෙම ස්ථානයේ ගස්කොළන් රැසක් පස්කඳු ගල්පර්වත සමග ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ දැඩි අවධානමක් තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .

 



අදහස් (0)

ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site