ගලේවෙල තලකිරියාගම මහා විද්‍යාලයයේ 06 වැන වසරේ පන්ති දෙකක දරුවන්ට ඩෙස්, පුටු නොමැතිවීමෙන් ඉගෙනීමට සිදුව ඇත්තේ පැදුරු ඉටිරෙදි සහ රෙදි කැබලි බිම එලා වාඩි වීමෙන් බවත් එමගින් දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් කියති.
1982න් පසු පාසලට ඩෙස් පුටු ලැබී නැති දෙමාපියන් තම වියදමින් පරණ ඩෙස් පුටු අලුත් වැඩියාකර පාවිච්චියට ගෙන ඇතැයි ද පවසති.
විද්‍යාලයයේ විදුහල්පති ඩී. ජී. විජේරත්න මහතා කියා සිටියේ දෙමාපියන් විසින් කැඩුණු ඩෙස් පුටු සාදා දෙන තුරු සිසුන්ගේ අධ්‍යාපනය නැවැත්විමට නොහැකි නිසා බිම වාඩි වී අධ්‍යයන කටයුතු කිරීමට සැලැස්වූ බවයි.
ගලේවල කලාපයේ වැඩ බලන අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය පැවසූයේ තමන්ට මේ පිළිබඳව කිසිවකු දැනුම්දීමක් සිදු නොකළ බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජිතයකු එවන බවද ඇය කීවාය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තිත්ත ඇත්ත! (නි)
මේවා දකිද්දී කිසිවක්ම ලියන්න හිතෙන්නේ නැහැ. හරිම තරහක් හිතට දැනෙන්නේ. මැති ඇමතිලාට තව බදුරහිත අධි සුඛෝපභෝගී වාහන ගෙන්වලා අනාගතය බාරගන්න ඉන්න මහජනයාට කුණු මඩ වගුරුවල ලගින්න වැඩ ටික සිද්ධකරලා... (නි)
පවු! මේ දරු පැටවු ඇල්මෙන් අකුරු කරන්නේ කොහොමද මෙවැනි පසුබිමක..? (නි)
ඇයි අර සමහරු පම්පෝරි ගහන්නේ රටේ සිදුවුණ විශාල සංවර්ධනය ගැන. (නි)
රුපවති කියන්නේ සහතික ඇත්ත. ඇත්තටම මේවා දකිද්දී ලියන්න හිතෙන්නේ නැහැ. පුදුම තරහක් හිතට එන්නේ. (කෞ)
දුප්පත් මොරමල් දුකෙන් සලිත වේ නම්..., තනන්නේ කොහොමද ශිල්ප කලා කැටයම්... (නි)
හිටපු ඒකාධිපතිට කරුණ කරලා මේ ෆොටෝ ටික තැපැල් කරලා හරි යවන්න.මොකද අපෙන් ගසා කාපු ධනස්කන්දයෙන් ඔවුන් සුපිරි ජිවිත ගොඩ නැගුවද,පිටරටවල බැංකු වල කොටි ප්‍රකෝටි ගණනින් ගොඩ ගහ ගත්තට,අපේ දරුවන්ට ඉතිරි කරලා තිබෙන්නේ අවාසනාවන්ත තත්වයක් නිසයි. (බ)
අපි නිතර නිතර කියන්නේ පසු ගිය කාලේදී රටේ සිද්ද වුන "හතර වරම් ගැහිලි" ගැන පරීක්ෂණය කරලා දැඩි දඩුවම් දෙන්න කියලයි.ඒ මුදල් වලින් රටේම පවතින මෙවැනි පාසල් සංවර්ධනය කරන්න කියලයි. (බ)
මෙවැනි පාලකයින් නම් පොල් පිත්තක් ගත්තම සියයක් විතර කපතහැකි. (බ)
දේශපාලනය කරන ඇත්තන්ට මේ වගේ දේවල් පෙනෙන්නේ කොහොමද? බලන බලන අත බඩේ රැලි බෙල්ලට එනතුරු මහත දෙහෙත අයමයි පෙනෙන්නේ. ඉතින් හිතන්නේ මුළු රටම එහෙම තමයි කියලා. අනිත් දේ තමයි අපි අපිට පුළුවන් විදියට මොවුන්ට අත හිත දෙන එක. ඒ පැතිවල ඉන්න දෙමව්පියන්ට මේවට වෙලාවක් හෝ වත්කමක් තිබෙනවා නම් ඔවුන් බලාඉන්නෙත් නැහැ. අපි රට රටවල ගියාට ලංකාවේ ඇත්ත තත්වය අමතක කරන්න නරකයි (නි)
අලුත් ජනපති වත් මේවට විසදුම් දෙන්න පරණ එක්කෙනා වගේ මුදල් නාස්ති කරන්න එපා. එසේ නොවුනොත් ලංකාව සහ අහිංසක දරුවෝ අසරනෛ (කෞ)
මේ නිලධාරීන් කියන්නේ හැම විටම දන්නේ නැහැ කියල. මාධ්‍යයට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. මේවා රටට හෙළි කර නිදා සිටින නිලධාරීන් අවදි කරනවට (බ)
මට නම් පෙනෙන හැටියට මේක ගැන පාසලේ ඉන්න බලධාරීන් හා දෙමාපියන් වගකියන්න ඕනෑ. ගලේවෙල කියන්නේ කොළඹ කුරුඳුවත්ත නෙමෙයි. මේ පළාතේ ඕනෑතරම් දැව තිබෙනවා. අනෙක මේ ඡායාරූපවල ඇති දේ දැක්කහම හොදටම පැහැදිලයි කිසිම කෙනෙකුට මේවා අලුත්වැඩියා කරන්න උවමනාවක් නැති බව. මේ සියලුම දේ යළි අලුත්වැඩියා කර පරිහරණයට ගත හැකියි. දෙමාපියන් තමන්ගේ වගකීම් ආණ්ඩුවෙන් කර දෙනතෙක් බලා නොසිට මේවා නඩත්තු කර මේ ළමයින්ට ලබාදීමට උපරිම හැකියාව ඇත. (නි)
ඩෙස්ක් පුටු හදන්න ඕනෑ දෙමවුපියෝ නෙමෙයි රජයෙන්. (නි)
අයියේ දවසකට 20000 දීල මදි (කෞ)
දිවයිනේ සියලුම පාසල්වට එක වගේ සලකනවානම් මෙවැනි අසාදාරනකම් වෙන්නේ නෑ (කෞ)
මේ ෆොටෝ ටික හිටපු ඒකාධිපතියාගේ "මන්දිරයට" යවන්න.(කෞ)
මේවට උද්ගෝෂණය කලේ නැත්තේ ඇයි දෙමව්පියනේ?අර පුටුමේස එළියේ මොකද.(කෞ)