දැනට පවතින ඇල්බා වට රවුම ගුවන් පාළමක් බවට පත්කිරීමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමත් සමගම බහරේනයේ කාර්යබහුල මංසන්ධියක් හරහා ගමන් කරන වාහන ලබන මාසයේ සිට වෙනත් දිශාවකට හරවා යැවීමට නියමිතය.
මෙම ස්ථානයේ බහරේනයේ පළමු මහල් තුනේ ගුවන් පාළම ඉදිකිරීමට නියමිත අතර ඊට අමතරව එස්ටික්ලාල් අධිවේගී මාර්ගය සහ ෂෙයික් ජාබර් අල් අහ්මඞ් අල් සබාහ් අධිවේගී මාර්ගය අතර අන්තර්ඡේදනය අසළ විදුලි ආලෝක සංඥා ස්ථාපිත කිරීමට ද නියමිතය.
එසේම මෙම ව්‍යාපෘතියට එක් එක් දිශාවකට මංතීරු තුන බැගින් යුතු ගුවන් පාළම ඔස්සේ මෙම ප්‍රදේශයෙන් ගමන් කරන වාහන එස්ටික්ලාල් අධිවේගී මාර්ගය සහ කිංග් හමාඞ් අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය කරනු ලබන අතර එක් දිශාවකට පමණක් ඇති ගුවන් පාළම ඔස්සේ ෂෙයික් ජාබර් අල් අහ්මඞ් අල් සබාහ් අධිවේගී මාර්ගයේ සිට කිංග් හමාඞ් අධිවේගී මාර්ගය දක්වා වාහන ධාවනය කරනු ඇත.
මෙය බහරේන ඩිනාර් මිලියන 50 ක් වැය වන ව්‍යාපෘතියේම කොටසක් වන අතර දැනට ඇති නුවායිඩ්‍රාට් වට රවුම මහල් දෙකේ අතුරුමාරුවක් බවට පරිවර්ථනය කිරීම ද ඇතුළුව සමස්ථ ව්‍යාපෘතියම නිම කිරීමට ගතවන කාලය මාස 36 කි.
කාර්යබහුල වේලාවන්හි මෙම ප්‍රදේශය හරහා දිනකට වාහන 10,000 ක් පමණ ධාවනය වන අතර ඉහත ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ දකින්නට ලැබෙන අධික රථ වාහන තදබදය සැළකිය යුතු ලෙසින් අඩු වනු ඇත.
වැඩ, නගර සභා සහ නාගරික සැලසුම් කටයුතු අමාත්‍ය එසාම් කාලාෆ් මහතා සහ තවත් නිලධාරීන් පිරිසක් පසුගියදා මෙම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
“මෙම ව්‍යාපෘතිය බහරේනයේ සිදුකරන වැදගත් වගේම විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතියක්” යැයි අමාත්‍යවරයා පැවැසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඇල්බා වටරවුම් ගුවන් පාළමේ ඉදිකිරීම් ළඟදීම ආරම්භ වන ලකුණු