(නිමල කොඩිතුවක්කු)
දැනට ප්‍රකාශයට පත්කර තිබෙන ආසන්නතම මැතිවරණය වන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය සඳහා සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ නායකයින්ට උපදෙස් දෙනු ලැබීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දෙනු ලැබූවේ මාලදිවයින් දෙදින නිල සංචාරය නිමකර දිවයිනට පැමිණි විගසය.
ඇල්පිටිය ප්‍රදේශීය සභා ඡන්දය සම්බන්ධයෙන් මාලදිවයිනේ සිටියදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමඟ සාකච්ඡා කළ අතර දිවයිනට පැමිණි පසු මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක සහ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමග අදහස් හුවමාරු කරගනු ලැබීය.
ජනාධිපතිවරණය කවුරුන් ඉදිරිපත් වුවත් ප්‍රථමයෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට මුහුණ දිය යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට පැහැදිලිවම දැනුම් දෙනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් සමඟ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පිළිබඳව සාකචඡා කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපයට අන්තපරාජයක් හිමිවෙනවා.. මෙයා ඉන්නකන් ආයෙත් යුන්පි එකට අඩුමගානේ තරගයක්වත් දෙන්නත් බෑ අනිත් පක්ශ වලට.. සමහරවිට යුන්පි එක තුනට වැටෙන්නත් පුලුවන්. බදු පනත් ආවේ, කාර්බන් බද්ද ආවේ, පාස්කු ප්‍රහාරය වුනෙ 2018 තිවුන ප්‍රාදේශීය සභා චන්දෙන් පස්සේනේ.. ඉතින් දැන් හිතාගන්න කොහොම ප්‍රතිඵලයක් ලැබේද කියලා. ඒකෙන් පාසසේවත් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න හාමු මහත්තයා.
ඒ. ජා. ප. යට ජය නියතයි...... අපි හැමෝම බලාගෙන ඉන්නේ ඔබ තුමන්ලා අපගේ නිවෙස්වලට සැපත්වෙනකන්. ශ්‍රී.ල.නි.ප. 68 වෙනි සංවත්සර උලෙලදී ජනාධිපති තුමන් කිව්ව ආකරයට හොදින් යට ඇඳුම් තිබේදැයි පරික්ෂා කරලම එන්න. ජය වේවා!
අපටනම් ආරංචි උනේ දැනට ජනාධිපතිවරන රේස් එක බාගයක් තනිපංගලමේ දුවල හති වැටිලා ඉන්න කෙනාට "නාමයෝජනා අවශ්‍යනම් ඇල්පිටිය දිනවල පෙන්වන්න" කීවා කියලයි. දැන් එයයි එයා වටේට ඉන්න කට්ටියයි ඒගැන අර පරණ පුරුදු අන්දමට කරු කුරු ගාමින් එම අභියෝගය බාර නොගෙන කරඅරින්න යනබවයි කියන්නේ.ඒගොල්ලෝ දැන් කියනවලු "එජාප නායක කමයි ජනාධිපති අපේක්ෂක කමයි දෙකම දුන්නොත් අපි ඇල්පිටිය දිනවල පෙන්වන්නම්" කියල. එපරිද්දෙන් මස් රාත්තලම ඉල්ලන එම පෙරමුණ "ඇල්පිටිය කියන්නේ පොහොට්ටුවට ඉතාම වාසිසහගත තත්වයක් ඇති ප්‍රදේශයක් වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණටත් ඡන්ද බෙදීයන තත්වයක් තුළ මෙය ජයගැනීම කොහොමවත් කල හැකි දෙයක් නොවන හන්දා ඔය දිරච්ච ලනු කන්න අපි සුදානම් නැහැ" කියලත් කියනවලු. පක්ෂය ඇතුලේ " ඔටුන්න හිමි කුමාරයාට ඇඳ ගෙන තමන්ගේ හිත මිතුරන් සහ සමහර පාක්ෂිකයින් ගොනාට ඇන්දුවාට තමන්ගේ ආසනයෙන් පිට පක්ෂය ප්‍රවර්ධනය කරවීමේ කිසිදු සංවිධාන කටයුත්තකට සහභාගී වී නැති කෙනෙක් ඇල්පිටිය තියා මොන චන්දයක්වත් දිනන්නේ කොහොමද" කියා විමසන අයත් එජාපයේ ඉන්නවාලු.
ජනාධිපතිවරණය සහ මැතිවරණය එකම දිනයක ලබන වසරේ සිට පැවැත්වීමට හැකිනම් කෝටි ගණනක් මුදල් ඉතිරි කිරීමට හැකියාව ඇත. මැතිවරණ වෙන වෙනම පැවැත්වීමේදී වැයවන කෝටි ගණනක් මුදල් මෙන්ම අපතේ යන කාලය සහ මුදල් ගණනය කල නොහැක. එක මැතිවරණයකින් "අැමෙරිකාවේ මෙන් " එකම දිනයක පැවැත්වීමට ලංකාවත් කටයුතු කල යුතුය.