IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇයි මහත්තයෝ හෙල්මට්

2016-03-18-ent-17

දකුණු පළාතේ එක්තරා නගරයකට කිලෝමීටර් 20ක් පමණ අභ්‍යන්තරයෙ ටෙලි නාට්‍යයක රෑප ගතකිරීමක් සිදු වෙනවා. නළු නිළියන් සම්බන්ධීකරණ කටයුතු ඉතා ප්‍රවේසමෙන් කරගෙන තියෙන්නෙ මේ දර්ශන තලයට කොළඹ සිට එනව නම් පැය 4ක් 5ක් යන නිසා.

ඔන්න තමාගේ දර්ශන ටික දහවල් ආහාරයට කලින් නිම කළ නව පරපුරේ රංගන ශිල්පියෙකුට කොළඹට හදිසියේම එන්න වුවමනා වුණාලු. එක් අයෙකු වෙනුවෙන් කොළඹට වාහනයක් නිකරුණේ මුදල් නාස්තියක් බව හිතපු නිෂ්පාදන කළමනාකරු ඒ තරුණ නළුවාට කතා කරලා ප්‍රධාන පාරට මෝටර් සයිකලයකින් යවා එතනින් බස් රථයකින් කොළඹ යන්න එකඟ කර ගත්තලු.

නිෂ්පාදන අංශයේ කෙනෙක් මේ නළුවත් දාගෙන මෝටර් සයිකලෙන් ප්‍රධාන පාරට දානවත් එක්ක කොළඹ බස් එකක් යනවලු. හෝන් ගහලා, ලයිට් දාලා ටික දුරක් එළවගෙන ගොස් බස් එක අල්ලගෙන නළුවව ඒකට නැග්ගුවලු.

වාඩිවෙන්න සීට් නැති වුණාට තුන් හතර දෙනෙකුට වඩා හිටගෙන ඉඳලත් නැහැ. ඔන්න බස් එකේ වාඩිවෙලා හිටපු දෙන්නෙක් තුන්දෙනෙක් මේ නළුවා දිහා බලාගෙන හිනාවෙනවා.

"මගේ රසිකයො වෙන්නැති," කියලා හිතපු ඔහු ඒ අයට සිනහවෙන්ම ප්‍රතිචාර දක්වලා තියෙනවා. තවත් කට්ටියක් ඔහු එක්ක හිනාවෙනවා. හිටගෙන ආවත් ඔහුත් වටපිට බලලා හිනාවෙනවලු. බස් රථය ටික දුරක් ගියාට පස්සෙ, ඒකෙන් බහින්න හදන කෙනෙක් මේ නළුවගෙ පිටට තට්ටු කරල කියපු දෙයින් ඔහුගේ මුළු ඇඟම සීතල වෙලා මුහුණ රතු වෙලා ගියාලු.

"මහත්තයා ඇයි බස් එකේ යන්න හෙල්මට් දාගෙන ආවෙ?" බස් එක අල්ලන්න ආපු හදිස්සියට මොහු හෙල්මට් එකත් එක්කමයි නැඟලා තියෙන්නෙ.
 

DESHAYA



අදහස් (0)

ඇයි මහත්තයෝ හෙල්මට්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site