‘තර්ජනය ගර්ජනය කරලා ගහලා දේශප්‍රේමී කලාකරුවන් නවත්වන්න බෑ,ජීවත් වෙන්න තියෙන්නේ කෙටි කාලයයි.රට වෙනුවෙන් යමක් කරන්න තියෙනවා නම් ජිවීතයට වඩා අපිට ඒක වටිනවා.‘ යැයි ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා බෙන්තරදී පැවැති එක්සත් ජාතික පක්ෂ රැස්වීමකදී පැවසීය.
සෝමරත්න මහතා මෙසේද කීහ.
‘අපේ තරුණ කලාකරුවන් පිරිසකට කුරුණෑගලදී පහරදීලා තියෙනවා. ඇයි මේ කුලප්පුවක්.ඇයි මේ තරම් බය.මේ වගේ දේවල් කළා කියලා අපි නවත්වන්න බෑ.ජනපතිතුමා යුද්ධය ජයග්‍රහණය කළා .අපි ඒ ගෞරවය හැමදාම එතුමාට ලබා දෙනවා .එයට ගෞරව නොකරන්න තරම් අපි කුහක වෙලා නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ ජිවිතේ රට වෙනුවෙන් පුදන්න යන්න එපා .අපරාදේ (දිල්)
මමත් ජනාධිපති මහින්දට ගරු කරනවා.ඉවසුවා ඇති (දිල්)
අපි නම් කාලගුණ සලකන්නේ අරලියගහ මැදුරට එක්ක ගිහිල්ල කන්න දීලා, ආඩම්බරෙන් ගෙදර එල්ලා ගන්න ෆොටෝ එකකුත් ගහල දීපු නිසා(දිල්)
බටන්ගල, යුතුකම් ඉටුකරන්න නෙවෙයි ඡන්දෙ දෙන්න ඕනා රටට අපිට වෙන්න යන්නේ මොකද්ද කියල දැනගෙන ඡන්දෙ දෙන්න ඕනා. (ර)
කාට ඡන්දෙ දුන්නත්, කවුරු රට පාලනය කලත්, මටනම් වැඩක් නැහැ, රටටත් ජනතාවටත් සෙතක් සැලසෙන්නේ නැත්තම්. (ර)
රනිල් මෛත්‍රී ගිවිසුමට තිස්ස අත්තනායක මැති තුමාගෙන් රුපියල් කෝටි 250ක් වන්දි ඉල්ලනවා නම්, මෛත්‍රිපාල සිරිසේන මහතා රටින් පිටත්ව ගිය විට කදී ඔහුගේ අත්සණ ස්කෑන් කර ලබා ගන්නා බව ඔහුම කියද්දී ඔහු රටින් පිටත්ව ගිය විට කදී ඔහුගේ දෙවැනියා නොවේද අත්සන් කල යුත්තේ. ඒ වට පමණක් මුනිවත රකින අය අති ගරැ මහින්ද ජනාධිපති තුමාගේ බොරු දේවල් නම් උලුප්පලා පෙන්නයි(නදී)
100% හරි. (ර)
ඔබ තුමාගේ කතාව තරයේ හෙලා දකින අතර එදා බටලන්දේ වදකාගාර වල දුක් අදෝනා මුලු රටේම බීසනයේ බීජ ගිල ගනිද්දී ඒ කිසිම හඩක් ඔබලට නෑසුනේ මන්ද...? ඔබ දැන ගන්න ඒදා ඒ තිබූ කේදවාචකයේ බිය අද තිබේද. (නදී)
ඔයාගේ චිත්‍රපටියේ පිටපත් ගණන 40 ක් කරගන්න දුන්න නම් අද ඔයා කොහෙද ඉන්නේ කියල අපි දන්නවා. (දිල්)
මේ ගහන ගැහිල්ලෙන් තේරෙන්නෙ එක දෙයයි.හොඳටම බය වෙලා.(දිල්)
සෝමරත්න දිසානායක කලාකරුවාණනි ඔබට ජාතියේ ආචාරය !(නදී)
යුධ ජයග්‍රහණය අයිති ජනාදිපති තුමාට පමණක් නොවේ, එය මෙහෙයවපු ආරක්ෂක ලේකම්, ජෙනරල් සරත් පොන්සේකා සහ විශේෂයෙන් ජිවිත පුජා කරපු සහ අදත් අත පය නැතුව අන්ධව ජිවත් වන රන විරුවන් සියල්ලත් යුද්ධය කිරීමට බල කරපු ජේ වී පි එක සහ හෙළ උරුමය යන සුයලු දෙනාට මෙය තනියම ජනාදිපති තුමාට අයිති දෙයක් නොවේ. (නදී)
ප්‍රසන්න මං හිතනවා කිසියම් රටක දේශපාලන නායකත්වය පල්වෙවී ඉදිරියට යන්න වැරදි උත්සාහයක් ගන්නවා නම් එ්ක නවත්තන්න ඕන මොනම විදියකින් හරි.(නදී)
ජනාධිපති තුමා ඇවිල්ල කාටවත් ගල් ගැහව්වේ නැහැනේ. මේ රට දෙකට කඩන්න, රට අවුල් කරන්න කුලප්පුවෙන් දගලන අයට තමයි මිනිස්සු ගල් ගහන්නේ. (නදී)
"ජනපතිතුමා යුද්ධය ජයග්‍රහණය කළා .අපි ඒ ගෞරවය හැමදාම එතුමාට ලබා දෙනවා .එයට ගෞරව නොකරන්න තරම් අපි කුහක වෙලා නෑ." සෝමරත්න ඔයා හරි ඒකට හරියන්න දෙපාරක් දුන්න නේද? හොඳටම ඇති. (දී)