IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි

(අංජුල මහික වීරරත්න)

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.

1978 වසරේ දී මෙරට දෙවන කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස ඇරඹූ ඇඹිලිපිටිය කම්හල අකාර්යක්ෂම පරිපාලනය නිසා 2013 වසරේ දී වසා දමන්නට සිදුවිය.

අනතුරුව අනූනයින් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධ ආයතනයක් වන සීමාසහිත කොරියන් ස්පා පැකේජින් සමාගමට තිස් අවුරුදු බදු පදනමක් මත ඇඹිලිපිටිය  කඩදාසි කම්හල පැවරීමට කැබිනට් අනුමැතිය ලැබිණි.  

ඒ අනුව කඩදාසි කර්මාන්ත ශාලාවක් පටන්ගෙන මෙහෙයුම් කටයුතු කරගෙන යාම සඳහා කේ.එස්.පී.ඒ ඇඹිලිපිටිය පේපර් මිල්ස් නමින් නව සමාගමක් සංස්ථාගත කළ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග වන ගිවිසුමක් මත එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි. මෙහෙයුම් කටයුතු ඇරඹීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පැවසූයේ රජය ව්‍යාපාර කිරීමෙන් වැළකී සිටිය යුතු බව තම පෞද්ගලික විශ්වාසය බවයි.

 



අදහස් (10)

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි

හේමචන්ද්‍ර Thursday, 18 April 2024 07:36 PM

අහන්නත් සතුටුයි... ඒත් ඉතින් සේවකයින් බඳවා ගැනීමේදී දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි. සේවක සුබසාධන සංගමයක් පමණක් ඇතිකිරීම වරදක් නැහැ. කොහොම වුණත් රජය ව්‍යාපාර කිරීම රටේ දියුණුවට අහිතකර වෙන්න පුළුවන්...

:       0       6

චන්ද්‍රපාල Thursday, 18 April 2024 07:40 PM

මෙම කම්හලේ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ තනතුරක්... ඔය ස්ථානයේ වැඩසිටින නායක හාමුදුරුවන්ට හෝ උන් වහන්සේ අනුදැන වදාරන කෙනෙකුට දෙනවා නම් ඉතාමත් හොඳයි.

:       7       0

siri.weerSingheSaturday, 20 April 2024 08:47 PM

මමත් බෞද්ධයෙක් තමයි, නමුත් භික්ෂූන්වහන්සේලාව මේ කටයුතුවලට ගාවගන්න එපා..

:       0       0

Janaka Thursday, 18 April 2024 08:33 PM

බදු නිසි ආකාරයෙන් එකතු කෙරෙනවා නම් රජය ව්‍යාපාර නොකෙරුවාට කමක් නෑ. පොඩි මනුස්සයාගෙන් ගානට බදු ගන්නවා. තෝරු ටික මග හැරලා... ඉතිං... මොකද වෙන්නේ රජය ව්‍යාපාර කළාම...! 

:       0       3

Lalindra Thursday, 18 April 2024 09:43 PM

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලට කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරියට පණ දෙනවා කිව්වාම මගේ බේබදු යාලුවෙක් මතක් වුනා. එයා අරක්කු බීම සදහටම අතාරිනවා අවුරුද්දට හත් අට වතාවක්.

:       2       5

ranjith Friday, 19 April 2024 06:43 AM

පිටරැටියෝ අපේ රටේ අකාර්යක්ෂමතාව ගැන කියන්නේ මේ කරුණ නිසා කර්මාන්තශාලාවක් කරගෙන යන හැකියාවක් වනෑ මේ ආණ්ඩුවත් සමාගමකට දුන්නා නම් හරි

:       1       6

Lalla Friday, 19 April 2024 08:11 AM

දේශපාලන ඇඟිලි ගැසීම නවත්තපු දාක පෞද්ගලික අංශය රට ගොඩ ගන්නවා. මේකට වුණත් ආණ්ඩුකාරය ගෑවෙන්න ඕනද?

:       0       10

ෆ්‍රැන්සිස්කෝ Friday, 19 April 2024 12:02 PM

ඇත්තටම මේක පුද්ගලික අංශයේ කෙනෙක් කරන බවක් පේනවා. ආණ්ඩුකාරවරයා ගියේ මොකටද කියලා හිතෙනවා. ලංකාව හිඟන රටක් වීමට පුද්ගලික ව්‍යාපාර රජයට පවරාගැනීම් ප්‍රබලම හේතුවක් වුණා..

:       1       9

LallaFriday, 19 April 2024 08:03 PM

සහතික ඇත්ත. සිරිමාවෝ මරදාන හන්දියේ බුරියානි කඩයක් වූ බුහාරි හෝටලයත් ජනසතු කළා... කොහොමද දේශපාලන පළිගැනීමේ තරම... බණ්ඩාරනායක ලොක්ක තමයි රටට මේ විනාශය කරන්න මුල්වූයේ. වරාය, බස් ජනසතුවෙන් දේශීය ව්‍යාපාරික ප්‍රජාව නන්නත්තාර කළා.

:       0       0

විදුර Friday, 19 April 2024 03:13 PM

ඔහොම පණ දීපු ඒවා කීයක් තිබුණද ලන්කාවේ...?

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද වහින තැන්
2024 මැයි මස 01 27 0

බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා


ඕඅයිසීලා දාහක් ගමේම පොලිසියේ බින්න බැහැලා
2024 මැයි මස 01 113 0

දිවයින පුරා පොලිසිවල ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින පොලිස් බල ප්‍රදේශ


ක්‍රිකට් පිත්තක‍ට සිසුවකු මරලා
2024 අප්‍රේල් මස 30 1356 0

පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් එක් සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක


සීඅයිඩී වෙසින් කෝ‍ටි හතරක කප්පම් ඉල්ලලා
2024 අප්‍රේල් මස 30 251 0

රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන



ඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑ
2024 අප්‍රේල් මස 30 718 0

කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 407 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1818 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1633 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site