IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


සීඅයිඩී වෙසින් කෝ‍ටි හතරක කප්පම් ඉල්ලලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරියආරච්චි)

රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන කාන්තාවක ඇතුළු සිවුදෙනකු කොල්ලුපිටිය ප්‍රදේශයේ බැංකුවක් අසලදී  වැටලීමක් කර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අනෙක් තිදෙනා දෙමඩගොඩ කොළඹ 12 විල්සන් මාවතේ සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

රහස් පොලිස් නිලධාරිනියක සහ නිලධාරින් ලෙස පෙනී සිටි සිවු දෙනකු මීට දින කිහිපයකට ඉහතදී කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසක තිබූ එක්කෝටි විසි ලක්ෂයක මුදලක් සහ ඇමෙරිකන් ඩොලර් 3500ක් නීති විරෝධී ලෙස උපයා ගත් බව කියමින් ඔවුන්ගේ බාරයට ගෙන රැගෙන ගොස් ඇත.

මීට අමතරව එම නිවෙසේ සිටි ඉන්දියන් ජාතිකයකු සතු විදෙස් ගමන් බලපත්‍රය ද රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි මෙම අය විසින් රැගෙන ගොස් ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඊට විරුද්ධව ක්‍රියාමාර්ග නොගෙන උදව් කිරීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇත.

එම මුදල කෝටි තුනහමාරක් දක්වා අඩු කරගෙන එම මුදලින් රුපියල් කෝටියක මුදලක් කොල්ලුපිටිය ප්‍රදේශයේ බැංකුවක් අසලදී එම ව්‍යාපාරිකයාගෙන් ලබාගත් බව කියන අවස්ථාවේ වැටලීමක් සිදු කර මෙම සිව් දෙනා අත්අඩංගුවට ගත් බව කොමිසම පවසයි.

 



අදහස් (0)

සීඅයිඩී වෙසින් කෝ‍ටි හතරක කප්පම් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික පරිවර්තන පනත හෙට මැතිසබයට
2024 මැයි මස 21 54 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ( 22) ඉදිරිපත් කිරීමට නියමිතය


අනුරගේ පිළිතුරට සජිත්ගෙන් හාහුවක් නෑ
2024 මැයි මස 21 274 0

ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් පේමදාස මහතාට කළ ආරාධනයට


’’ලංකාදීප’’ මාධ්‍යවේදී ළහිරුට ‘රූප’ සම්මානයක්
2024 මැයි මස 21 80 0

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ නාට්‍ය හා රංග කළා සහ ප්‍රතිබ්ම්බ කළා අධ්‍යයන අංශය සංවිධානය කළ ‘රූප 2023’ ඡායාරූප තරගාවලියේ විවෘත අංශයේ ඡායා


ගුරුවරයාගෙන් පහර කෑ සිසුවිය රෝහලේ
2024 මැයි මස 21 292 0

පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහරදීමෙන් ඊයේ (20) දා පුලස්තිගම රෝහලට


බන්ධනාගාර වර්ජනය අවසන්
2024 මැයි මස 21 168 0

බන්ධනාගාර නිලධාරීන් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් දින දෙකක් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) පස්වරුවේ අවසන් කළ බව


මතීෂ පතිරණ ලක්‍ෂ 360කට අළෙවි වෙයි
2024 මැයි මස 21 703 0

කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 851 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2397 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2055 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site