ඇඹිලිපිටිය නගරයේ පසුගිය 4 වැනිදා සාදයකදී පොලීසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පීඩාවට පත්වූවෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(02) මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ගොනු කළහ.
ඒ අනුව මෙම ගැටුමේදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ තම සැමියා කෘෘර ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මීට අමතරව මෙම සිදුවීමේදී පොලිස් ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ ලසන්ත හා වසන්ත යන දෙදෙනා වෙනුවෙන් ලක්ෂ 30 බැගින් වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද, එසේම සාදය පැවති නිවසට හා ගොඩනැගිල්ලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන්ද තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බවත් නීතිඥවරයා සඳහන් කළේය.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, නීතිපතිවරයා, සහකාර පොලිස් අධිකාරි බී.ඩබ්.සී ධර්මරත්න, මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ආර් ජිනේන්ද්‍ර ඩයස්, රාජපක්ෂ(පො.ප), ජිනදාස(පො.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඹිලිපිටියෙන් අයිතිවාසිකම් පෙත්සම් 4ක්
මනෝ Tuesday, 02 February 2016 11:03 AM
ඔය වන්දියත් මහජන මුදල් වලින් නොව ඔවුන්ගේ පොද්ගලික මුදල් වලින් අයකරගත යුතුයි.(කෞ)
නිශාන්ත Tuesday, 02 February 2016 12:07 PM
කරලා තියෙන අපරාදෙට කෝටි 10 ගෙවන්න ඕන (බ)
ජනහිත Tuesday, 02 February 2016 10:53 PM
රොහාන් කියන එකනම් ඇත්තම ඇත්තයි. මිනිස්කම මනින්නේ මුදලින් නම් මුදලට මිනිස් ජීවිත නැතිකළාට කමක් නැද්ද? මගේ අදහසත් මනුෂ්‍ය ජීවිතයක වටිනාකම මුදලින් ගණින්න බැහැ. බුදු බණේ තියෙන්නේ මනුෂ්‍ය ජිවිතයක් ලබාගැනීමට තිබෙන අමාරුකම ගැන නේද? (නි)
රොහාන් Tuesday, 02 February 2016 12:55 PM
පිය සෙනෙහස මුදලට තක්සේරු කරපු සියලු දෙනාටම ගොඩක් ස්තුති අද අපේ රට යන්නේ කොහාටද කියල මෙය කියවන සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ, මවකගේ සහ පියකුගේ සෙනෙහස මුදලින් තක්සේරු කරන්න බැහැ, ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ දේවල් කියවන ලැබීමත් අභාගයක් කොට සලකමි. (බ)
සුරන් Tuesday, 02 February 2016 09:50 AM
අනිවාර්යෙන්ම තම සැමියා නැති බිරිඳට දරුවන් රැකබලාගැනීම සදහා වන්දියක් ලබාදිය යුතුය (ම)
දිනේෂ් Tuesday, 02 February 2016 10:00 AM
මිය ගිය පුද්ගලයා වෙනුවෙන් කෝටියක වන්දියක් කියන්නේ ගොඩක් සුළු වන්දියක් නේ. අඩුම ගැනේ කෝටි පහක් වත් ඉල්ලන්න ඕනේ මේ වගේ මිනීමැරුම් වලට අලාභ ලෙස. දරුවන් දෙදෙනෙක්ට පියෙක් නැතිවීම කෙතරම් නම් සොචනිය දෙයක්ද? (ම)