ඇඹිලිපිටිය නගරයේ පසුගිය 4 වැනිදා සාදයකදී පොලීසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පීඩාවට පත්වූවෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(02) මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ගොනු කළහ.
ඒ අනුව මෙම ගැටුමේදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ තම සැමියා කෘෘර ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මීට අමතරව මෙම සිදුවීමේදී පොලිස් ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ ලසන්ත හා වසන්ත යන දෙදෙනා වෙනුවෙන් ලක්ෂ 30 බැගින් වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද, එසේම සාදය පැවති නිවසට හා ගොඩනැගිල්ලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන්ද තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බවත් නීතිඥවරයා සඳහන් කළේය.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, නීතිපතිවරයා, සහකාර පොලිස් අධිකාරි බී.ඩබ්.සී ධර්මරත්න, මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ආර් ජිනේන්ද්‍ර ඩයස්, රාජපක්ෂ(පො.ප), ජිනදාස(පො.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වන්දියත් මහජන මුදල් වලින් නොව ඔවුන්ගේ පොද්ගලික මුදල් වලින් අයකරගත යුතුයි.(කෞ)
කරලා තියෙන අපරාදෙට කෝටි 10 ගෙවන්න ඕන (බ)
රොහාන් කියන එකනම් ඇත්තම ඇත්තයි. මිනිස්කම මනින්නේ මුදලින් නම් මුදලට මිනිස් ජීවිත නැතිකළාට කමක් නැද්ද? මගේ අදහසත් මනුෂ්‍ය ජීවිතයක වටිනාකම මුදලින් ගණින්න බැහැ. බුදු බණේ තියෙන්නේ මනුෂ්‍ය ජිවිතයක් ලබාගැනීමට තිබෙන අමාරුකම ගැන නේද? (නි)
පිය සෙනෙහස මුදලට තක්සේරු කරපු සියලු දෙනාටම ගොඩක් ස්තුති අද අපේ රට යන්නේ කොහාටද කියල මෙය කියවන සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ, මවකගේ සහ පියකුගේ සෙනෙහස මුදලින් තක්සේරු කරන්න බැහැ, ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ දේවල් කියවන ලැබීමත් අභාගයක් කොට සලකමි. (බ)
අනිවාර්යෙන්ම තම සැමියා නැති බිරිඳට දරුවන් රැකබලාගැනීම සදහා වන්දියක් ලබාදිය යුතුය (ම)
මිය ගිය පුද්ගලයා වෙනුවෙන් කෝටියක වන්දියක් කියන්නේ ගොඩක් සුළු වන්දියක් නේ. අඩුම ගැනේ කෝටි පහක් වත් ඉල්ලන්න ඕනේ මේ වගේ මිනීමැරුම් වලට අලාභ ලෙස. දරුවන් දෙදෙනෙක්ට පියෙක් නැතිවීම කෙතරම් නම් සොචනිය දෙයක්ද? (ම)