වීරකැටියේ දුර ගමනක් යන්නට ආ බව කියන මගියකුගේ ගමන් මල්ලේ තීබී ගිනි අවියක් පත්තුවීමෙන් ඇඹිලිපිටියේ රෙදි සාප්පුවක වීදුරු කැඩී වහලද හෙල්ලී ඇතැයි නගර වාසීහු කියති.
කෙනකු ඇගේ හැපීමෙන් මල්ලක තූ තුවක්කු අතට ගත් බව කියති.
ඔහු කියා ඇත්තේ ‘මා ළඟ බඩු තියනවා. ගහන්න හදන්න එපා. ඕනෑනම් පොලිසියට භාර දෙන්න.‘ යනුවෙනි.
සැකකරු පොලිසියට භාර දුන් බව නගර වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මෙයා අපේ පක්ෂයේ කෙනෙක් වෙන්න ඇති. එහෙම නම් පොලිසියේ මහත්වරුනි ,මෙයාව ආරක්ෂා සහිතව ගෙදරට ඇරලවන්න.(නදී)
කොන්ත්‍රාත් මිනී මැරුමකට ආපු කෙනෙක් වෙන්නැති පොලිසියෙන් කොහොමටත් එලියෙනේ.(නදී)
ගුටි නොකා පොලිසියට බාර වුණා නම් මිනිහ දිනුම්. දැන් (මහ) ඇමති කෙනෙක් හරි පලා බබෙක් හරි ඇවිල්ලා පොලිසියට ටොක්කකුත් ඇනලා අරන් යයි. මේ වගේ දේවල් වෙලා තියෙන්නේ ඕනෑ තරම්, අපේ ලෝකෙන් උතුම් රටේ.තව ඉස්සරහටත් වේවි ඕනෑ තරම්. (නි)
ඇඹිලිපිටියේ මිනිස්සු වෙන්න ඇති ඒ කලේ අරයව ගඟට දැම්මේ.(නදී)
මොකටද කලබල වෙන්නේ? මෙයා වීරකැටියේ නේ. (නි)
ගුනේ අයියාගේ කතාවේ හැටියට මිනුවන්ගොඩ මිනිස්සු නම් වාසනාවන්තයි.(නදී)
හා.. හා... දැන් අපි මැක්සිකෝ බ්‍රසිල් වගේම දියුණු වෙලා. ඉස්සර අපි දුර ගමන් යන්නේ බත් මුලක් නෑදායෝන්ට තෑගි අරන් .දැන් තුවකුවක් අරන්. (දී)
පොලිස්සියට බාරවුනොත් නිදහස් වෙනවා කියලා දන්නවනේ. ඒවගේද ගම්ගුටි.(නදී)
දැන් එයා ආරක්ෂිතයි.(නදී)
කාගේ හරි ජීවිතයක් බේරැන් නේද? පොලිසියට බාර දෙන්න කලින් නැගිටින්න බැරි වෙන්න කඩන්නයි තිබුනේ කොන්ද. එවිට ජීවිත කාලෙටම මතක් වෙනවා තමන් කොයි තරම් නම් අහිංසා වාදියෙක්ද? ඇයි මෙහෙම උනේ කියලා.(නදී)
ඇති බස් එකේ අය බේරිලා මෙච්චර දුරක් ආව එක ඇති නේද?(නදී)
මෙයා පොලිසියෙ එක්කෙනෙක් වෙන්න ඇති නේද?(නදී)
මිනුවන්ගොඩ පොලිසියේත් කලින් සිටියේ පගා කාක්කෝ, ගෑනු පෙරේතයෝ,පන්දම් කාරයෝ. කලින් ප්‍රශ්නයකට ඔවුන්ව මාරුකලා. ඔන්න දැන් නියම මහත්මයෙක් පොලිස් යුනිෆෝම් එකේ ගරුත්වයටම ගැලපෙන ලොක්කෙක්. ඔහුගේ බැග් එක මේසය උඩම තියාගෙන ඉන්නේ. ඕනේ වෙලාවක මාරුවක් ලැබූනෝත් යන්න බලාගෙන. පොලිස් ස්ථාන විශාල සංඛ්‍යාවක මේ වන විට ඉදලා තියෙනවා. ඔහු පොලිස්සියට පැමිණි දිනයේම ඔහුගේ ආසනයට උඩින් තිබුන පින්තුර තුන ( අගමැති ,ජනාදිපති ,මහ ඇමති ) දිහා බලල පොලිස් රාළහාමි කෙනෙකුට කතා කරලා කිව්වලු ජනාදිපති තුමාගෙයි, අගමැති තුමාගෙයි පින්තුර තියල අනික ගලවන්න මේක මෙතනට අවශ්‍ය නැහැ කියලා. රාළහාමි අදිමදි කරලා නියෝගය පිළිපදින්න. රාළහාමිට කිව්වලු පලයන් කුඩුව ඇතුලට කියල ඉබ්බා දැම්මලු. ඉන්පසු ඔහුම පුටුවට නැගල එම පින්තුරය ගලවල දැම්මලු. රාළහාමිව පසුවදා එලියට ගත්තලු. දැන් ගමේ කොල්ලෝ රෑ තිස්සේ රවුන් ගැසීම නවත්තල. මොකද කනපුරා කන්න ලැබෙනවලු.(නදී)
පොලිසියෙන් කිසිම ප්‍රස්නයක් නොවෙන බව මොහු දන්නවා. රටේ සිදුවන අපරාධ ,මිනීමැරුම් වලට මාවත සකස් කර ඇත්තේ බොහෝ දුරට දේශපාලකයන් නිසා සමහර විටෙක පොලිසිය ද අසරණ වෙනවා. නීතිය හරියට ක්‍රියාත්මක කරන පුද්ගලයා වැරදි කරු බවට පත් වේවි. ලංකාවේ පොලිස් කොමිසම අහෝසි කරලා දැන් චිකාගෝ වල වගේ කඩ වලට යන ගමනුත් තුවක්කු රැගෙන යනවා. බය නැහැ, බයත් නැහැ. නිසි රැකවරණය ඔවුන්ට නොඅඩුව. මේකද අපට උදා කර දුන් මහලොකු ආශ්චර්ය?.(නදී)