සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයේදී සොයාගත් සාක්කි මත ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී ධර්මරත්න අද (2) අත්අඩංගුවට ගත් බවත් ඔහු බදාදා (3) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියයි.
පොලිස් ආරංචි පවසනුයේ ප්‍රසන්නගේ බිරිය ශෂිකා නිශාමනී ගේ සාක්කිය තහවුරු කෙරෙන තවත් සාක්කියක් රහස් පොලිසියට ලැබී ඇති බවයි. ප්‍රසන්න උඩු මහළින් තල්ලු කළැයි එම සාක්කි දෙකෙන්ම කියවෙන බවත් ඒ අනුව එය මිනීමැරීමේ චෝදනාව ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් බවත් රහස් පොලිස් ආරංචි පවසයි.
මූලස්ථාන පොලිස් පරීක්ෂකට එවැනි චෝදනාවක් ගොනු කිරීමට සාක්කි නැති හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන නැතැයිද පොලිස් ආරංචි පවසයි. පසුගිය 4 වැනිදා මැන්ඩිස් ගොඩනැගිල්ලේ සාදය පවතිද්දී එහි ගිය පොලිසියේ ක්‍රියා කලාපය යටපත් කිරීමේ අරමුණින් සාමූහිකව ක්‍රියා කර ඇති බව පෙනේ යැයිද පොලිස් ස්ථානාධිපතිට එවැනි චෝදනාවක් ඉදිරිපත්වී ඇතැයිද දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පසුගිය 16 වැනිදා පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් පවත්වා පිටු 11ක වාර්තාවක් පොලිස්පතිට එවා තිබිණි.
ඔහු පැහැදිලිවම සඳහන් කර ඇත්තේ සත්‍ය තත්ත්වය විකෘති කිරීමට හෝ වසන් කිරීමට ජංගම සංචාර නිලධරයන්ද ආධාර කණ්ඩායමේ පොලිස් නිලධරයන්ද ඇඹිලිපිටි පොලිසියේ දුරකථන ක්‍රියාකරුද යන සියලු දෙනා පොදු අදහසක් මත ක්‍රියා කර ඇති බවයි. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නම් විමර්ශන අවසානයේදී නීතිපති උපදෙස් පැතිය යුතු තත්ත්වයක් මතුවී ඇතැයිද ඔහුගේ වාර්තාවේ දැක්වේ.
ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න නාරාහේන්පිට පොලිස් ගරාජයේදී අද (2) අත්අඩංගුවට ගැනිණි.
(ධර්මරත්න සහකාර පොලිස් අධිකාරී වීමට කලින් ගත් ඡායාරූපයකි)
ඡායාරූප සැපයුම - නලින් ජයවීර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත ඔබ එතන හිටියද? මීට වසර ගණනාවකට පෙර තම මෙහෙකාර දැරිය දූෂණය කළා කියා සහකාර පොලිස් අධිකාරිවරයෙක් හිරේ යැව්වා .ඔහු හිරේම මියගියා. පසු කලෙක එම දරුවා කිව්වා මාව දූෂණය කළේ මගේ පියා කියා. ස.පො.අධි. වරයාගේ බිරිද, දරුවන් සමාජයට කෙසේ මුහුණ දෙන්න ඇතිද? (බ)
දැන් නිතිය තදයි....(බ)
මේක ඇත්ත නෙමේ. මෙතුමල අවංක නිලධාරීන්.කෙනෙක් මරල සල්ලි ගන්න අය නෙවේ. එස්ටීඑෆ් එක ට ලංකාවේ හිටපු හොදම 8 දෙනාගෙන් එක්කෙනෙක් මෙයා. (බ)
විශ්වාස කරන්න පුලුවන්ද? ...මට නම් හිතා ගන්නවත් බැහැ. බලමු මොකද වෙන්නේ කියලා .... (ම)
ආනන්ද දන්නවද පොලිස් විශේෂ කාර්ය බලකාය නිර්මාණය කළේ 1983 ජේ.ආර්.ජයවර්දන මහතා ගේ පුතා වන රවී ජයවර්ධන මහතා විශේෂයෙන් තෝරාගත් නිලධාරීන් 83 දෙනෙකුගෙන්. මුල්ම මුලස්ථානය හැටියට පාවිච්චි කළේ දැනට ඔඩෙල් බිල්ඩිම තියන තැන. 1983 දී ස.පො.අ.ධර්මරත්න මහතා අවුරුදු හයක ළමයෙක්. කණගාටුයි තමයි අපිටත් හොද දක්ෂ නිලධාරියෙකුට මෙහෙම වුනාම. එක නිලධාරියෙක් කරපු වැරද්දක් නිසා සේරම අහුවුණා. හරියට පුටුවේ ඉන්න මකුණෝ වගේ එකයි කන්නේ සේරම මරනවා. (බ)
පහුවෙලා හරි මුව අත්අඩංගුවට ගත්ත එක ලොකු දෙයක් (බ)
කොපමණ දුරට සාධාරනව නීතිය ක්‍රියත්මක වෙවිද ? එ් පිලිබදව අපි බලන් ඉන්නවා.(කෞ)
මහින්ද සෞදි පොලිස්පතිතුමා ස්තුති නෙවෙයි. එයත් ඇතුලට ගන්න ඕන මෙච්චර කල් ගත්තට. එයා හැම ප්‍රසිද්ද සිද්දියක දී නිදිනේ.(කෞ)
සෙබස්තියන්, කෙළෙසන්න තරම් පොලිසියට ගෞරවයක් ඉතුරුවෙලා තිබුනද? (කෞ)
මෙයා කවුද, වැඩ කළේ කොහොමද කියලා ඇඹිලිපිටියේම මිනිසුන්ගෙන් අහලා බලන්න. දක්ෂ නිලධාරින් බොරු චෝදනා වලට අහුකරලා එළවා ගන්න එක එදත් වුණා. අදත් වෙනවා. ලංකාවේ මිනිහෙකුට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. ලංකාවට කවදාවත් හරියන්නේ නැත්තෙත් ඕකයි. (නි)
මට නම් දුකයි මේ පොලිස් මහත්තයා ගැන. මොකක්හරි තියෙනවා මෙතන (නි)
ඇසළට සිංහල තේරෙන්නේ නැහැ. ආයෙත් කියවන්න ආනන්ද ලියලා තියෙන දේ (නි)
කෙළින් වැඩකරන නිලධාරීන්ට පොලිසියේ ඇතුළෙන් හා පිටින් හැමදාම කරදර. හොරු නම් රැකෙනවා (නි)
කෝලිත, නොදන්නා දේවල් කතාකරලා අනාගන්න එපා. ඔබ ඇත්ත දන්නවා නම් ලෝකෙටම එළිකරන්න. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ.... (නි)
ඇසළට ඔක්කොම පෙනෙන්නේ අනෙක් පැත්තට ජනවාරි 8න් පස්සේ (නි)
මිනීමැරීමට දඬුවම මරණය වියයුතුය (නි)
ජෙප්පොත් වැඩේ අත අරින්නේ නැති බව දැනිලද කොහෙද අකමැත්තෙන් හරි අත්අඩංගුවට අරගන්න ඇත්තේ. (බ)
නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ පෙනුනට මදි, ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. (බ)
අපරාදේ පොලිසියේ ඉහළට යන්න තිබුන මනුස්සයෙක් බලයෙන් මත්වෙලා, බලයෙන් උන්මාද වෙලා ඔක්කොම නැතිකර ගත්තා. මට මහින්ද මහත්තයාට වෙච්ච දේ මතක් වෙනවා (නි)
මෙතුමාටත් අර හිරුනිකා මන්ත්‍රී තුමියට වගේ පැයකින් ඇප ලබා දෙවි නේද ? මෙයාල සේරම නීතියට උඩින් ඉන්න නීතිය දන්නා සහ නීතිය රකින ඇති විශේෂ බලයක් හිමි පුද්ගල කොට්ටාසක්නේ (බ)
නීතිය හරිහැටි ක්‍රියාත්මක වුනොත් ඒ ගෞරවය පොලිසියටයි, අධිකරණයටයි, ජනමාධ්‍ය වලටයි හිමිවේවි. නොවුනොත් අපකීර්තිය පොලිසියටයි, අධිකරණයටයි, රජයටයි බැරිවේවි. ඉහළ උසාවියට පෙත්සම් නොකරන්න මේ දේ සිදු නොවෙන්නත් ඉඩ තිබුන. කොහොමත් කවුරුත් විමසිලිමත් විය යුතුයි. (බ)
උදුල් ප්‍රේමරත්නට ගොඩක් පින් , එතුමා තමා මේකට ගොඩක් මහන්සි වුණේ (බ)
‘බෙටර් ලේට් දෑන් නෙවර්‘කියලා ඉංග්‍රීසි කියමනක් තියනවානේ (බ)
ඉතාමත් සතුටුදායක පුවතක් එකක්... පොලිසියේ ගෞරවය කෙළසූ මෙවැනි නිලදාරින්ට උපරිම දඬුවම දෙන්න. (ම)
මෙයාවත් කඩුවෙල හරි හෝමාගම උසාවියටම ඉදිරි පත් කරයිද බලමු. කොළඹ මෙච්චර උසාවි තියෙද්දී. මෙයාව ඉදිද්රිපත් කරන්නේ කොලොන්නාවේ උසාවියට බොරුද බලන්න. (බ)
මේවා හරිම ප්‍රමාද මොකෝ.? (ර)
ඔබලාට මාගේ ප්රෙනමය. (ර)
මේ අපරාධයට මුල අරක්කු බෝතලයකට නම් එය දුන්නනම් මුළු මගුල් ගෙදරම පිගන් ටික ඒඑස්පී ඇතුළු පිරිස සෝදලා දෙනවා ස්ථිරයි මෙහෙම පොලිසි තියෙන්නේ ලංකාවේ ම වෙන්න ඇති (බ)
රටේ නීතියට ගරු කරන ජනතාව බලාපොරොත්තුවෙන් සිටි තීන්දුවක්. ලංකාවේ බොහෝ ආණ්ඩු දුෂිතයන් බේරා ගන්න ගිහින්, ආණ්ඩුවලට බේරෙන්න බැරි උනා. ඒ පාඩම් අවබෝධ කරගෙන මේ ආණ්ඩුව මිනීමරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙයි කියල ජනතාව අවධානයෙන් යුතුව බලාගෙන සිටිනවා. (ර)
පොලිස් පතිතුමාට බොහොම ස්තුතියි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීම ගැන. (ර)
සරණපාල,කපන්න බැරි අත ඉඹිනවා මිසක් වෙන මොනව කරන්නද? (බ)
තරුපටි සමග පොලිසියේ නිල චන්ඩිය මෙයාද? (බ)
මේවා හරිම ප්‍රමාද මොකද මෙතරම් (බ)
මේ මහතා කෙලින් වැඩ කරන කෙනෙක්. මෙතෙක් කලක් ලොකු ලොකු තැන් වල ගෝල බාලයෝ ඇඹිලිපිටි නගරයේ කරගෙන ගිය කප්පම් ගැනිල්ල නතර කළේ මෙතුමයි. (බ)
මෙයාලට ඇයි මේ හැටි පරීක්ෂණ,,ඉක්මනට බන්ධනාගාරයට යවන් නැතුව (බ)
ඔලුවට පිස්තෝලේ තියල අැප ගනීද දන්නේ නෑ (බ)
අපි බලමු තීන්දුව කොහොම වෙයිද කියල මොකද නීතිපතිට පුළුවනි ගොරක දඩමස් කරන්න ඒකයි ලංකාවෙ නීතිය (බ)
සහකාර පොලිස් අධිකාරී පොලිස් විශේෂ කාර්ය බලකාය නිර්මාණය කළ ඉතා දක්ෂ නිලධාරියෙක්, 39 වැනි වියේ සිටීන මෙම නිලධාරියා තමුන්ගේ දක්ෂතාව නිසා ඉතාමත්ම කෙටි කාලයකින් උසස් වීම් ලබා ගත් නිලධාරියෙක්. කොටි කුඩා කණ්ඩායම් මෙහෙයුම් මගින් විනාශ කිරීමට මුලිකත්වය ගත්තා,නමුත් ඉතාමත්ම අවාසනාවන්ත ලෙස සිදුවූ ඇඹිලිපිටියේ සිදුවීම නිසා අද දින මෙතුමා අත්අඩංගුවට පත් වූ බව අපගේ බලවත් කනගාටුවට හේතු විය. (බ)
අනේ මේ එස්ටීඑෆ් හිටපු රණ විරුවෙක් නේද ? යහපාලනය රණවිරුවෝ අත්අඩංගුවට අරගන රට පාවල දෙනවෝ (බ)
ඇයි බදාදා වෙනකල් ඉන්නේ ? පැය දෙකෙන් ඇප අරන් දෙන්න පුළුවන්නේ ? (බ)
මෙම තල්ලු කිරීම ඇත්තෙම්ම සිදු වුණාද නැත්ද කොහොමද දන්නේ. එහෙම දෙයක් සිදුවී නැත්නම් මෙය මහා අපරාධයකි. (බ)
නිතිය වල් වදින්න දෙනවද? නැත්නම් ජනතා විශ්වාසය තවදුරටත් තබන්න කටයුතු කරනවද? (ම)
නඩු තීන්දු එන්න කලින් කොටදෙණියාවේ දී කොණ්ඩයට දුෂකය කියල පට්ටම් ගැසීම වැරදියි කියනවනං මේ නිලධාරියට මෙහෙම මිනීමරුවා කීම හරිද? (බ)
මොන දක්ෂයෙක් වුණත් අරක්කු බෝතල් දෙකකට ජීවීතයක් බීලීගත් පුද්ගලක් (බ)