ඇඹිලිපිටිය සාදයකදී පොලිසිය හා ඇතිවු ගැටුමක දී සුමිත් ප්‍රසන්න මියයෑමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.සි. ධර්මරත්නට ඇප නියම කිරීමට එරෙහිව විරෝධතා ඇත්නම් මේ මස 30 දින ඒවා ගොනු කරන ලෙස ඇඹිලිපිටිය මහාධිකරණය අද (23) රහස් පොලීසියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉන්දුක ද සිල්වා, රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, ඇඹිලිපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හේරත් සහ නීතිපතිවරයා යන වගඋත්තරකරුවන්ට නියම කළේය.
හිටපු සහකාර පොලිස් අධිකාරීට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඇඹිලිපිටිය මහාධිකරණයට ඇප ඇයදුම් පත‍්‍රයක් පසුගිය පෙබරවාරි 17 ඉදිරිපත් කැරිණි. එම ඇප අයදුම් පත‍්‍රය පිළිගත් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි එන්. අබේරත්න මහත්මිය වගඋත්තරකරුවන්ට අද (23) මහාධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියම කැර තිබුණි.
ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් ඇඹිලිපිටිය මහාධිකරණයේ රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥවරයාද, සෙසු වගඋත්තරකරුවන් ද, අද ඇඹිලිපිටිය මහාධිකරණය හමුවේ පෙනි සිටි නමුත් විනිසුරුවරිය නිවාඩු යාම නිසා අධිකරණයේ තෝල්ක මුදලි විසින් වගඋත්තරකරුවන්ගේ පැමිණිම සටහන් කොට විනිසුරුවරියගේ නියෝගය දැනුම් දෙමින් මේ මස 30 දින මහාධිකරණයේ පෙනී සිට එදිනට විරෝධතා ගොනුකරන ලෙස දන්වනු ලැබීය.
හිටපු සහකාර පොලිස් අධිකාරී ඩි.ඩබ්.සි. ධර්මරත්න රහස් පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන පෙබරවාරි 03 දින රිමාන්ඩ් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
669
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඹිලිපිටිය ඒඑස්පීට එරෙහි විරෝධතා ඉල්ලයි