ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රිමාන්ඩ් කළ සැකකරුවන් තංගල්ල හා කුරුවිට බන්ධනාගාරවල සිටින බවත් එහෙයින් ඔහුගේ ආරක්ෂාව ගැන අධිකරණය දැඩි අවධානය යොමු කරන බවත් ඔහුගේ නීතිඥවරු කීහ.
ඔහු යැවෙන සිරගෙදර කුමක්දැයි තීරණය කිරීම බන්ධනාගාර කොමසාරිස් සතු කාර්යයක් බවත් අධිකරණයේදී මතු කළ ප්‍රශ්න ඔහුගේ අවධානයට යොමු කරන බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
සුමිත් ප්‍රසන්න මිය ගිය ස්ථානයේ සීසීටීවී ආරක්ෂක කැමරා, ඡායාරූප හා වීඩියෝ කොළඹ විශ්ව විද්‍යාලයට යවා වාර්තාවක් ලබාගැනීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.
ප්‍රසන්න මිය ගිය ස්ථානයේ තිබී සොයාගත් නඩු භාණ්ඩ 17 ක් රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය. පොලිසිය අධිකරණය අවට ආරක්ෂාව තර කර තිබිණි. සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න මාධ්‍ය ඡායාරූප ශිල්පීන් මගහැර වෙනත් දොරටුවකින් අධිකරණයට ඇතුළු විය.
මේ අතර ප්‍රසන්නගේ මරණ පරීක්ෂණය අද සවස කැඳවීමට නියමිතය.
ඡායාරූප - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහන හරියට හරි. (නි)
මෙම මිනි මරුමට හේතු වෙලා තියෙන්නේ පොලිස් කාරයන්ට අරක්කු නොදීම ......හේතුව හොයන්නේ නැතුව අහිංසක මිනුස්සුන්ව මරණ එකද මෙයාගේ වගකීම???? මේකද ඇඹිලිපිටියේ දුප්පත් මිනිස්සුන්ට මෙයා කරපු සේවය???? (කෞ)
රිමාන්ඩ් එකේදි හොඳ පාඩම් ඉගෙනගනීවි (නි)
නීතිය කාටත් පොදුයි (බ)
මෙච්චර දවසක් අත්අඩංගුවට ගන්න කියල කෑ ගැහුවා. අත් අඩංගුවට ගත්තට පස්සේ කියනව අහිංසකයිලු. අනේ මන්ද ලංකාවේ මිනිස්සු (බ)
නීතිය හරියට රකින්න උත්සාහ කළ නිලධාරීන් හිරේ වැටෙනකොට උදම් අනන මිනිස්සු රටේ ජාතික ධනය හොරාකාපු අය හිරේ දැම්මහම මැරෙන්න හදනවා (නි)
ඇඹිලිපිටියේ නීතිගරුක මිනිසුනට ඔහු කළ සේවය තව බොහෝ කලකට අමතක නොවනු ඇත. සිද්ධියේ උණුසුම අඩු වූ පසු ඔහු සිටි ස්ථානය පිළිබඳ තවත් සාක්ෂි ඉදිරිපත් වනු ඇත.(ම)
කරන කලට පවු මිහිරිය මී සේ (නි)
මොනතරම් අහිංසකයෙක් වුනත් පොලිස් කෝට් එක දාගත්තම හිතන්නේ ලෝකෙටම ලොක්කා තමන් කියලනේ. (බ)
සියලු රටවැසියන්ට ආදර්ශයක් (ම)
අහිංසක තමයි අංගුලි මාල වුනේ ...(හේ)
ඔබ තුමා හොද දක්ෂ නිලධාරියෙක් නිසා ඉහල පොලිස් නිලධාරීන් ඔබ තුමාව බේරා ගන්න බැලුවා. නමුත් චෝදනාව බරපතලයි. මම හිතන්නේ කරපු අය දැන් නිදහස්ද...........ඔබ තුමා හිරේ....(බ)
අලියාගෙ තරම අලියා දන්නෙ නැති එකනේ (ම)
නීතිය හරියට රකින්න උත්සාහ කළ නිසාද සනත් එම නිලදරීන්ව උසාවියෙන් හිරගෙදරට යවන්නේ? විකාර කියන්න එපා (ම)
ඇටිකෙසෙල් කෑවානම් උගුඩුව වැඩේ ඉන්න. (ම)
මෙයා එහෙම කළා කියල ඔප්පු වුනොත්, මෙයාවත් උඩ සිට බිමට දාල මරන්න ඕන. (බ)
මුහුණ අහිංසක පෙනුමින් ෙපනුම වුණාට , චෝදනාව උඩ තට්ටුවෙන් බිමට හෙලා මිනිසෙක් මරණයට පත්කිරීම.(ම)
නීතිය හරියට රකින්නේ මිනිස්සු මරලද ???? මෙයා වැඩ කරපු ඇඹිලිපිටියේ පොලිස් කාරයෝ මොකද එහෙනම් අරක්කු හිඟා කන්නේ ?? මෙයාගේ කිසිම නායකත්ව යක් පෙනෙන්න නැහැ ......(ම)
නුවන්ගේ කතාවට මමත් එකග වෙනවා...පසිදු එහෙම නීතියක් මේ ලෝකේ නැති නිසා තමා වැරැද්ද,, රටවැසියන්ට ආදර්ශයක් වෙන්න මෙයාව එල්ලන්න ඕන,,,(බ)
මෙයා ඇඹිලිපිටියට කරපු සේවය දන්නේ ඇඹිලිපිටියේ දුප්පත් මිනිස්සු එක වෙනම දෙයක්. එයා (හේ)
බාහිර පෙනුමෙන් මනින්න අමාරුයි..එත් නීතිය සාධාරණ වෙන්න ඕනෑ (ම)
දරු පව්ලක් අනාථ කරපු මේ පොලිස් කාරයන් එල්ලුම් ගසට යවන්න ඕනේ (බ)
ඉතාම තරුණ නිලධාරියෙක් වගේ පේන්නේ නමුත් මේ වගේ තනතුරක කෙනෙක් පහත් දේවල් කරන එක තමා හොඳ නැත්තේ (බ)
පොලිසිය කෙරෙහි මෙවන් කැළලක් මිනිස් සිත් තුළ ඇති කරන මෙවන් අයට දැඩි දඩුවම් දිය යුතුය (ම)
මනුෂයෙකුට තවත් මනුෂයකු ඝාතනය කිරීමට කිසිම අයිතියක් නැත. නඩුවේ තීන්දුව දෙන්නත් පෙරම පොලිසියේ මහත් හොරුන් මේක කළා කියල දැනටමත් ඔප්පු වෙලා ඉවරයි. අපේ රටේ නිතිය හොඳි. එක ක්‍රියාත්මක කරන අය තම නරක. කෙතරම් දක්ෂ වුණත් පලක් නැත. (ම)
අපරාදේ පොලිසියේ ඉහළට යන්න තිබුන මනුස්සයෙක් බලයෙන් මත්වෙලා, බලයෙන් උන්මාද වෙලා ඔක්කොම නැතිකර ගත්තා. (ම)
නිලධාරියෙක් විදියට මෙය බොහොම හොද කෙනෙක්ලු. කොහොම වුණත් අවාසනාවන්ත සිදුවීමක්. (ම)
රුවන් නිතිය ඔච්චර සමනනම් ඇයි මෙච්චර කරදර වුනේ මෙයාව අත්අඩංගුවට ගන්න? (ම)
නීතියෙන් දඬුවම් දෙමු. (ර)
බක තපස් (කෞ)
අහිංසක,හොඳ නිලධාරියෙක්. ටිකක් හොයලා බලලා අදහස් දාන්න. හොඳින් රාජකාරිය කරලා හිරේ යන්න වෙනවා නම් ඒකත් හිතන්න වෙනවා (නි)
මේක සමස්ත පොලිසියටම දුන් නියම පණිවිඩයක්. පොලිසියේ සිටින මිනිසත් බව හඳුනන නීතිගරුක නිලධාරීන් දැන් මෙවැන්නන් පොලිසියෙන් එළවා දැමීමට කටයුතු කිරීම මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම සේවයක් (නි)
දඩුවම නිතිය හරිම ප්‍රමාදයි (ම)
අපරාදේ තමන්ගේ වටිනා අනාගතය! (නි)
හරිම අහිංසක පෙනුමක් තියෙන්නේ ? (ම)
නීතිය සැමට සමාන බව දැන්නම් මනාව පැහැදිලි වෙනවා.(ම)
නුවන් ,එහෙම නීතියක් මේ ලෝකයේ කොහෙවත් නැහැ.(හේ)
කොයි පොලිස් කාරයත් නිල ඇඳුම නැතුව ඉන්න කොට හරිම අහිංසකයි , ඕක දාගත්තට පස්සෙනේ උස්නේ ගහන්නේ (බ)
බයවෙන්න එපා. ඔබතුමා නිදහස් වෙනවා (නි)
මේ අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)
හරිම ඇල්මැරුණ විදිහට තමා ක්‍රියාව ඒ මොකද වෙනස එ්කද (බ)
මෙතුමා ඇඹිලිපිටියට කරපු සේවය දන්නේ ඇඹිලිපිටියේ දුප්පත් මිනිස්සු විතරයි සල්ලි කාරයොන්ට ඕනි විදිහට රාජකාරි නොකරපු එක තමයි මෙතුමා කරපු ලොකුම වරද (ම)
හරිම අහිංසක පෙනුමක් තියෙන්නේ ,,නමුත් තරුණයෙක් උඩ තට්ටුවෙන් පහළට විසි කරලා ... (ම)
අපරාදේ පොලිසියේ ඉහළට යන්න තිබුන මනුස්සයෙක්. බලයෙන් මත්වෙලා, බලයෙන් උන්මාද වෙලා ඔක්කොම නැතිකර ගත්තා නේද? (නි)
මෙතුමා දක්ෂ නිලධාරියෙක්..(ම)
මම මෙයා එක්ක වැඩ කරලා තියෙනවා. 1996 දී විශේෂ කාර්ය බලකායට එකතුවුණේ. නරක කෙනෙක් නම් නොවේ. එහෙත් නිලය නිසා ටිකක් ආඩම්බර ගතියක් නම් තිබුනා. කොහොම වුණත් කණගාටුවක් දැනුනා. වැරැද්දක් කළා නම් දඬුවම් ලැබිය යුතුමයි (නි)
නීතිය රකින අය මෙහෙම නම් අනෙක් අය කොහොම ඇද්ද? (නි)
පටි ගන්න ද කොහෙද අදහස් දමපු පොලිස් පොඩ්ඩෝ කීප දෙනෙකුත් ඉන්න බව පේනවා...!!! රාළහාමි... ඔයගොල්ලොන්ගේ ගුටි කාලා මරන්න නෙමේ මිනිස්සු ඉන්නේ.. කොටි ගහන කොට ඔය ගොල්ලෝ වැසිකිලි වලවල් වල හැංඟෙන්නේ...!!! (බ)
සිදු වූ අවාසනාවන්ත සිදුවීම ගැන කණගාටුවක් ඇති වුණත්,පෙනුමෙන් නම් හරිම අහිංසක පාටක් තමයි දකින්න තිබෙන්නේ." (ම)
රුවන්, නීතිය සැමට සමාන බව දැන් නම් මනාව පැහැදිලි වෙනවා කීමට ඉක්මන් නොවන්න. උසාවියට ගල් ගහපු අය තවම නිදැල්ලේ (නි)
බුදුන්ගේ කාලේ බුදුන් වැඩ සිටි ආරාමේ පිටුපස ඌරෝ මරණ තැනක් තිබුනා, තණ්හා රති රඟා වගේ අය හිටියා, අම්ම්බපාලි කියලා ගණිකාවන් හිටියා. එහෙත් කවුරුත් උද්ඝෝෂණ කරන්න ගියේ නැහැ. එවැනි දේවල් මර්දනය කිරීම පාලකයන්ගේ යුතුකම්. දැන්වත් ශාසනය රැකගත යුතුයි. (නි)
පොලිස් නිලධාරීන් විසින් දතයුතු කාරණයක් නම් ඔබ තරම් පෝෂ්‍ය ආහාර ලැබී පෝෂණය වූ මිනිසුන් නෙමෙයි අහිංසක ජනතාව. ඔබ ගසන පහරකට ඔබ නොහිතන අන්දමට මෙම මිනිසුන් මිය යා හැකියි. අංගවිකල විය හැකියි. අවසානයේදී වෙන්නේ තරු ගැළවිලා එම අපරාධ වලට ඔබටම පටිසන් දෙන එකයි. අප ඉන්නා රටවල පොලිස් නිලධාරීන් සාමාන්‍ය ජනයාට කතා කරන්නෙත් ඉතා කාරුණිකවයි (නි)