ඇඹිලිපිටියේ ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් පැවති උද්ඝොෂණයෙන් පසුව කොළඹට මාරු කළ අඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න පොලිස් මූලස්ථානයේ සිට නාරාහේන්පිට පොලිස් ගරාජයට මාරු කළ ඇතැයි පොලිස් ආරංචි කියයි. ඔහුද ඇඹිලිපිටිය් හිටපු ස්ථානාධිපති ද පොලිසියේ 22 නෙකුද අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග කර ඇතැයි ඇඹිලිපිටියේ නීතීඥවරු පිරිසක් කියති. ඇඹිලිපිටිය හිටපු ස්ථානාධිපතිද කොළඹ පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානයට මාරු කරනු ලැබ සිටියි. සහකාර පොලිස් අධිකාරී පොලිස් ගරාජයට මාරු කර ඇත්දැයි විමසූ විට පොලිස් ආරංචි පැවසූයේ පොලිස් මූලස්ථානයට මාරු කරන කෙනෙකු වෙනත් ඕනෑම තැනකට මාරු කිරීමට හැකි බවයි. ඇඹිලිපිටියේ නීතීඥ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නට යන බවද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කොමිසම බම්බු ගහනවද. කෝ අර පුරවැසි බලයේ එවුන් (බ)
මේක අර තනපට ප්‍රශ්නය තරම් ලොකු ප්‍රශ්නයක් නොවේ. (නි)
සිවුරු දමාගත් පළියට ජාතිය ආගම ගැන වැරදි අරුත් දී ජාතිවාදී ආගම්වාදී අදහස් වපුරන අය සිල්වත් මහණුන් නොවේ. මෙවැනි සිදුවීම් ඉතිහාසයේ සිට සිදුවනවා. මේවාට නියම බෞද්ධයන් කුපිත වියයුතු නැහැ (නි)
චන්දන,රටක් බේරගන්න කැපවුණ අපේ හාමුදුරුවො කිවුව එක පොඩ්ඩක් අපැහැදිලියි නේද? (නි)
මේ ධර්මද්වීපයේ පොලිසියෙන් මීටවැඩි දෙයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද? (නි)
වෙනදා වගේ තානාපතිකමකට මාරුකරලා නැහැනේ? (නි)
අපිට ඕනේ යහපාලනයක්. (නි)
අඩුපාඩු හදාගන්න, රෙපෙයාර් කරවාගන්න, හොඳ මුහුණත් තහඩුවක් ගස්සාගන්න, පාට ගාලා පරණ විකෘති තැන් වහගන්න, මගේ කාර් එකත් දැම්මා ගමේ ගරාජ් එකට. අලුත්ම එකක් වගේ එතනින් පිටවේවි ළඟදීම !!!!! (නි)
මේ පොලිසි නඩත්තු කරන්න තවත් අපේ මහජන මුදල් යොදවන්න එපා (නි)
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්! (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
වැරදි කළා නම් දැන් විඳවන්නකෝ (නි)
බොරුව බොහොම තාවකාලිකයි. පැහැදිලිවම මෙරටේ නීති දෙකක් තිබෙන බව බොහොම පැහැදිලියි. එහෙත් රටක නීතියේ ආධිපත්‍යය යනු රටේ දියුණුවේ මාවතයි. (නි)
අයියෝ ඒකෙත් හැටි? (නි)
අගමැති නම් කියලා තිබුනේ දැන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා කියලා. (නි)
අධිකරණයටත් ඉහළින් ඉන්න සමහරු දැන් මොකද මේ ගැන කියන්නේ? (නි)
රටක් බේර ගන්න කැප වුන අපේ හාමුදුරුවො නම් වැලිකඩ බන්ධනාගාර රෝහලේ (කෞ)
මෙය අධිකරණ තීන්දුවක් නොසළකා හැරීමෙන් අධිකරණයට කල අපහාසයකි. බරපතල වරදකි. මෙවැනි ක්‍රියා වලින් පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය නැත්තටම නැතිවීම වැළැක්විය නොහැක. (නි)
මේවාට ලියන්න සිංහල භාෂාවේ වචන මදි. කෝ දැන් ඔය නීතිගරුක,කොඳු නාරටිය කෙළින් තියන පොලිස් ලොක්කෝ? (නි)
මේ සිද්ධිය ගැන සොයා බලන්න ඕනෑ. මම වසර 15 ඇඹිලිපිටියේ වැඩකළේ. බොහොමයක් මිනිස්සු එහෙ කරන්නේ හොඳ වැඩ නෙමෙයි (නි)
ගරාජයට නොවෙයි මාරුකරන්න වටින්නේ! (නි)
නිමල් ලලිත් අහනදේම තමයි අපිටත් අහන්න තියෙන්නේ (නි)
අනේ මගේ කට චන්දන! (නි)
පොලිසිය තරහ කරගෙන කොහොමද යහපාලනයක් ගෙනියන්නේ? ඔය පක්ෂ දෙකම පවතින්නේ පොලිසිය මත මිසක් ජනතාව මත නොවේ (නි)
" රටක, නීතිය, සාමය හා සාධාරණය පතන රටවැසියන් වශයෙන්, අපි ලජ්ජාවිය යුතුයි.." ඊට වැඩි යමක් බලාපොරොත්තුවීමට තරම් හැදියාවක් ඇති පාලකයන්න දැනට දශක තුන හතරකට කලින් නම් ශ්‍රී ලංකාවේ ජිවත් වුණත් අද මේ ධර්මද්වීපයේ එවැනි අය සෙවීම යනු විහිළුවකි. (නි)
චන්දන ගමගේ මම හිතන්නේ ඔයට වැරදිලා මම දන්නා විදියට අධිකරණයට අපහාස කරපු කෙනෙක් නම් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඉන්නව. (කෞ)
මේ ගැන කතා කරන මාධ්‍යවේදීන්ට අගමැතිතුමා දෝෂාරෝපණය කරනවා. ඒ විතරක් නොවේ පොලිසිය බාර ඇමතිවරයා කියන්නේ මාධ්‍යය මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවගේ ඔලුව අවුල් කරනවා කියලා. එක එක පුද්ගලයන්ට එක එක නීති. කෝ මේ පුරවැසිබලය කට්ටිය (බ)
බලදාරයිනි,මෙය මිනීමැරුමක් නේද?රටේ නීතියට මොකද වෙලා තියෙන්නේ.පොලිසියට නීතියක් නැද්ද?(කෞ)
නියමයිනේ. උසස්වීමක් එක්ක එහෙම නෙමෙයි නේද? (නි)
හොරකම් කලාම ලබන ආත්මේ බල්ලෝ,කපුටෝ,වෙනවනම් .මිනීමැරුම් සම්බන්දව හැන්ගෙන උදවිය මොක්කු වෙලාද පුනර් ජීවනය වෙන්නේ. (කෞ)
පොලිසිය දැන්නම් මහජන විශ්වාසය හොඳටම නැතිකරගෙන (නි)
චන්දන ඔබ හරි. අති විශිෂ්ට යහපාලනය. ඥානසාර හාමුදුරුවන්ට දොස් තැබූ බහු වාදීන් සහ දේශපාලන ගැතියන් මේ ගැන කියන්නේ කුමක්ද?(කෞ)
අගමැතිතුමාට මේ ගැනත් ප්‍රකාශයක් කරන්න බැරිද.(කෞ)
ඇයි වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න පරක්කු??? (කෞ)
නීතිය උන්ගේ, පොලිසිය ඉත්තොන්ගේ, කොහොමද යහපාලනය? හෝමාගමට 100%, ඇඹිලිපිටියට 0%. කොළඹට කිරි, ගමට කැකිරි කිව්වේ නිකම්ම නෙවෙයි. මදැයි පොලිස් කොමිසමක් දැම්ම.(කෞ)
මේවට තමය කියන්නේ බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ (කෞ)
පිස්සුද මෙයාලව අල්ලන්න එපා .මරුනේ එක්කෙනෙක් විතරනේ.යහපාලනයට හොද මදි.පොලිස් මැරයෝ අල්ලන එක.(කෞ) .
රාජකීය පොලිස් විහිළු , මේවට හිනා යන්නෙත් නැහැනේ හලෝ , රටකට යන කලක් , කාගේ කෙරුවාවත් එකම තමා,(කෞ)
මෙයාලව ඇල්ලුවහම කොහොමද පාලකයින්ට ඕනේ කුණු වැඩටික කරගන්නේ.මේ ගොල්ලන්ව අත්අඩංගුවට නොගැනීම උසාවියට අපහාස කිරීමක් නෙවිද..?මහේස්ත්‍රාත් තුමා ඔලුවට වෙඩි තියාගනීද දන්නේ නැහැ.අවධානයෙන්......(කෞ)