පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මිනිය අද (15) උදෑසන ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා ඉදිරියේ ගොඩට ගැනිණ.
සිරුර ගොඩගත් පොලිසිය සුමිත්ගේ සිරුර එම්බාම් කිරීමෙන් පසු වෙනම වළ දැමූ බව කියන කොටස් සොයා පොලිසිය ඇඹිලිපිටිය සොහොනේ කොහොඹ ගසක් යට හාරාගෙන යයි.
නෑයන්ගේ ප්‍රකාශ අනුව කොහොඹ ගස යට මෙම හෑරීම සිදු කෙරේ. ඔහුගේ සිරුර ගොඩගැනීමට දෙපැයක් පමණ ගතවිය. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙක් ද ප්‍රසන්නගේ මව, සොහොයුරා හා නැන්දම්මාද පැමිණ සිටියහ.
පොලිසිය ගොඩගත් සිරුර ඔවුහු හඳුනාගත්හ. ඉන්පසුව අධිකරණ වෛද්‍ය නිලධරයන් සාදය පැවැති මෙන්ඩිස් ගොඩනැගිල්ල බැලීමට ගියහ.
ප‍්‍රදේශයට පොලිස් ආරක්ෂාව ද යොදා ඇත.
සුමිත් ප්‍රසන්නගේ මෑණියන් සිරුර දෙස බලා සිටින අයුරු
ජායාරූප හා විඩියෝ - ළහිරු හර්ෂණ











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය තරුණයාට සාධාරණයක් ඉටුවෙනවා නම් අපිට ඒ ඇති (නි)
මිනිය ගොඩ ගත්තට ප්‍රශ්නයක් නෑ. තාජුඩීන්ගේ වගේ මිනියේ මිනියේ කොටස් නැති කරන්න දෙන්න එපා පර්යේෂණාගාරවලදී (ම)
බෙන්තර මල්ලි ට අමතක වෙලාද? යහපාලනය රජයන ආණ්ඩුවක් නේ තියෙන්නේ. (බ)
සාමාවෙන්න විපුල අයියේ අමතක වුනා (බ)
මේ විදියට ඉස්සරහටත් දිගටම වුණොත් හොඳම ක්‍රමය තමයි දේහය වළලන්නේ නැතුව ගෙදර තියාගන්න එක නඩුව අවසන් වෙනතුරු (නි)
අපරාධයක් වූ පසු එයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ අයගේ වේදනාවද, ඔවුන්ට යුක්තියද යන කාරණා දෙකම ගැන සිතා මින් ඉදිරියට මෙවැනි ඝාතනයන්ගේ පරීක්ෂණ අවසන් වනතෙක් දේහය වළ නොදැමීමට පියවර ගතයුතු යැයි මම තීරණය කළෙමි. (නි)
නීතියේ ආකාරයට කටයුතු කළයුතු වුවත් මේ දේහය ගොඩගැනීම ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට මහත් වූ හිත් වේදනාවකි (නි)
කොහොමද යහපාලනේ වැඩ. දැන් ඕක පොලිසියේ වැරැද්දක් නෙමෙයි කියලා පෙන්වන්නද ගොඩ ගත්තේ? (නි)
ඔන්න වැඩ. බලාගන්න යහපාලනේ වෙනස! (නි)
මියගිය මිනිසාගේ දේහයටත් අවමන් කරයි. හම්බන්තොට අතුරු මැතිවරණයකදී වෙඩි වැදි මිය ගිය දෙදෙනා ගැන මොනවද කියන්නේ. එක්තරා දිනක හිටපු අගවිනුසරුවරයකු කියා තිබුනා සාක්ෂි පරස්පරතාවයක් නිසා එම නඩුව අහක ගිය බව.(බ)
යහපාලනේ තවත් එක විහිලු කතාවක් මින් ඇරඹේ (බ)
දැන් අපේ රට සංවර්ධනය කරා යන බව අපිට දැනෙමින් තිබෙනවා (නි)
ජීවිත දහස් ගණන් මහපාරේ මියැදෙනවා. මෙහේ මියගිය අය ගොඩ ගන්නවා. සැබෑම වෙනසක් (නි)
මැරිලත් මිනිසුන්ට නිදහසක් නැති හැටි? මෙහෙම වැඩමයි මෙයාලා කරන්නේ (නි)
මිනී ගොඩ දදා මිනියට අවනම්බු කරන්න එපා. අපි ඒකට විරුද්ධයි (නි)
මොනවද මේ වෙන්නේ?? මෙය මියගිය අයට කරන කරදරයක් නොවේද? (නි)