ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් සමග ඇතිවූ ගැටුමකින් පසු මිය ගිය තරුණාගේ මරණ පරීක්ෂණයේ සාක්කි විභාගය ඇඹිලිපිටි මහේස්ත්‍රාත් උසාවියේදී  වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ගේ සටහන් උසාවි සැරයන් විසින් උදුරාගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේය.

අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට යොමු කළ ලිපියේ පිටපත් අගවිනිසුරු, පොලිස් කොමිසමේ සභාපති සහ මානව හිමිකම් කොමිසමේ සභාපතිටද යොමු කර ඇත.

මෙවැනි සිදුවීම් යළි නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා ඇත.