පසුගිය 4 වැනිදා ඇඹිලිපිටිය ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවති සාදයේදී පොලිසිය මුලින් කර ඇතැයි කියන ප්‍රකාශ පරස්පර විරෝධී බව අභ්‍යන්තර පරීක්ෂණයකින් සොයා ගෙන ඇතැයි දැනගන්නට ඇත.
පොලිසිය එම නිවසට දෙපාරක් ගිය බවටත් මහජනයාගෙන් 119ට ලැබුණු පැමිණිලි අනුව එහි ගිය බවටත් පොලිසියට පහර දුන් බවටත් පොලිසිය මුලින් කළ ප්‍රකාශ මෙම අභ්‍යන්තර පරීක්ෂණය නිසා තදබල ලෙස බිඳ වැටී ඇතැයි වාර්තාවේ.
ඇඹිලිපිටි පොලිසිය මුලින්ම එහි ගොස් ඇත්තේ පසුගිය 4 වැනිදා රාත්‍රී 11.40 ට බවත් මැදියම් රැය පසුවී 12.04ට සාදයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් එහි ගිය පොලිස් සැරයන්වරයකු දෙවැනි ප්‍රකාශයෙන් කියා ඇතැයි එම අභ්‍යන්තර පරීක්ෂණයෙන් සොයාගෙන ඇත. පොලිසියේ උසස් නිලධරයකුගේ අණක් අනුව එම හතරදෙනා එහි යවා ඇති බව පෙනේ යැයිද පොලිසියට පහර දුන්නැයි කියන කථාවේ සත්‍යතාවයක් නැති බව පෙනේ යැයිද එම අභ්‍යන්තර තොරතුරු පවසයි.
පසුගිය 5 වැනිදා අලුයම 12.14 ට පමණ එහි සිටි පොලිස් නිලධරයකුගෙන් පොලිසියට ඇමතුමක් ලැබී ඇතැයිද ඒ අනුව අතිරේක පිරිස් යවා ඇත්තේ ඉන් පසුව යයිද දැන් සොයාගෙන ඇත. එම සාදයෙන් හිරිහැර වෙතියි පිටස්තර කිසිවකු පොලිසියට ඇමතුමක් දී නැති බවත් පොලිසියේ දෙදෙනකු පමණක් පොලිසියට එවැනි ඇමතුම් දී ඇති බවත් මෙම පරීක්ෂණයෙන් සොයාගත් බවද දැනගන්නට ඇත.
මෙම අලුත් තොරතුරු රජයේ නීතිපතිට ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා උඩ ඉන්න දෙවියොම බලාගන්න ඕනෑ (නි)
සචිත් අහන එකම තමයි මටත් අහන්න තියෙන්නේ (නි)
මේ තරමින් හරි පීඩිත පාර්ශවයට සාධාරණයක් ඉටුවුණේ ජනමාධ්‍ය නිසා. නැත්නම් මේක මිනියත් එක්කම පොළොව යට වැළලිලා. (නි)
රටේම බොරුව රජ කරලා තියෙන්නේ හොරකම බොරුව වංචාව කව්ද ඇත්ත කියන්නේ කියල හොයාගන්න බෑ මෙහෙම රටක් (බ)
තවත් දේවල් ළඟදීම කනපිට පෙරළෙයි වගේ (නි)
මේ මනුස්සයා ඔහුගේ රාජකාරිය හදවතින්ම කරන්න ගිහින් තමයි මෙහෙම වුණේ. ඔය වගේම දෙයක් කලින් හිටිය මාධ්‍ය ප්‍රකාශකටත් වුණා රතුපස්වලදී. බුද්ධාගමේ කියලා තියන විදියට ඇතුළත ගිනි පිටට නොදෙන්න කියන දේ මට පෙනෙන විදියට පොලිසිය හරියටම කරනවා. අනික ලංකාවේ මිනිස්සු හැමෝම බලා ඉන්නේ කාටහරි වරදිනකන් ඇඟිල්ල දික්කරලා කුහක සතුටක් ගන්න. (නි)
ඇඹිලිපිටියේ මේ සිද්ධිය දුරදිග ගෙනනොගොස් ඉක්මණින් සාධාරණව විසඳීම අවශ්‍යයි (නි)
පොලිසිවල ඇතැම් අයගෙ වැඩ ඔහොම තමයි.ඔහොම යං (බ)
වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න මේ සාක්කි හොඳටම ප්‍රමාණවත් නේද? (නි)
මෙවන් සාපරාදී ක්‍රියා වලට නිසි දඬුවම් නොකලොත්නම් ..... අනේ මන්දා ! (කෞ)
මේ සිද්දියේදී ජනාදිපති,අගමැති, නිහඬව සිටින්නේ ඇයි'? (කෞ)
මාධ්‍ය නැත්නම් මේ රටේ වෙන දේවල් අපි දැනගන්නේ කොහොමද? (නි)
අපි නොදන්න පොලිසිය! (නි)
මොනවා වුණත් අන්තිමේදී වටිනා ජීවිතයක් නැතිවුණා (නි)
අපි පොඩි කාලේ මට මතකයි සතාසිවම් නඩුවේ වන්ගෙඩියයි මෝල් ගහයි වැරදි කාරයෝ වුනා.මෙයත් ඒ වගේ වෙයිද ? (බ)
අයහ පාලනය රාජපක්ෂ රෙජිමිය නැමැතී කාසියේ අනිත් පැත්ත (අ)
එහෙනම් මාධ්‍ය ප්‍රකාශක කිවේ 119 වලට අපු ඇමතුමක් හන්ද ගියේ කියල. (කෞ)
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා පුද්ගලිකවම මේ සිදුවීම ගැන කාරුණික අවධානය යොමුකරන්න. යහපාලනයට පටහැනි තීන්දුවකට යන්න හදන්නේ. පොලිසියේ හොරු ටික එළවන්න . නැත්නම් මහජනතාව අනතුරේ. (නි)
මෙය අපේ ලෝකෙන් උතුම්ම රටේ ශ්‍රී ලංකා පොලිසියේ පළමු මිනිස් බිල්ලවත්, අවසාන මිනිස් බිල්ලවත් නොවෙයි. උගත්, බුද්ධිමත්, වැදගත්, මිනිසුන්ට මිනිසුන්ට මෙන් ඇමතීමට දන්නා, විනීත, හොරකම් මැරකම් නොකරන, තරුණ, ශක්තිමත්, දැනට පොලිසියේ සිටිනා දුෂිතයින්ගෙන් තොර, රටට මෙන්ම රටවැසියන්ටත් ආදරය කරන, දේශපාලුවන් ඉදිරියේ නොනැමෙන කොන්දක් ඇති, වාසනාවන්ත මහත්වරුන් මහත්මීන් යොදාගෙන නව ශ්‍රී ලංකා පොලිසියක් අලුතෙන්ම රටට හඳුන්වාදෙන තෙක් මේ පොලිස් සංස්කෘතිය රට බියවද්දමින් තම රාජකාරිය කරගෙන යාවි. එයයි අපේ අවාසනාව. (නි)
මේක හෙට අපිට වෙන්නත් පුළුවන් (නි)
පොලිස් කොමිෂමේ පැන්ෂන් ගිය, වැඩ කල්දාන පරිපාලන නිලධාරීන් ටික සහ පොලිස් නිලධාරීන් ඉවත් කිරීම සාධාරණයි (නි)
මහින්ද සෞදි, මෙවැනි සිද්ධි වලදී ජනාදිපති, අගමති නිහඬව සිටින තරමට හොඳයි. ස්වාධීන පොලිස් කොමිසමක් පිහිටවා තිබෙනවා. ඔවුන් කාරණා විභාගකර බැලිය යුතුයි. කිසිම දේශපාලකයෙකුගේ අතපෙවීමකින් තොරව. නැත්නම් අපේ රටේ නිලධාරීන් කවදද දේශපාලකයෙකුගේ අණ කිරීමකින් තොරව යුක්තිය ඉෂ්ට කරන්න ඉගෙනගන්නේ. (නි)
ජනාදිපතිට ගෑනු ඇදුමක් විස්කර තරම් පුරවැසියෙක් විසිකරන එක වැදගත් නෑ වගේ (කෞ)
දැන් මඩු වලිගයෙන් තලන්නේ කාටද එතකොට? (නි)
අන්තිමට මැරුණු පුද්ගලායා වැරදි කාරයා වේවි . (ර)
කනපිට පෙරලෙනවා කියන්නෙ ඇත්ත එලිවෙන එකටද.? (ර)
හොඳමදේ නම් මුල ඉදන්ම පොලිසියේ ඉන්න අයගේ සුදුසුකම් හොයලා බලලා බඳවාගෙන තියෙන විදිය හොයලා බලන එකයි. නුසුදුසු අය ඉන්නවනම් ඒ අය විශ්‍රාම යවා සුදුසු අය බඳවාගන්න එකයි. (ර)
එහෙනම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ආවයි කිව්ව ඇමතුම් ටික..?? අනේ මන්දා, මගේ ඔළුවට මොනවා හිතෙනවද කියලා (නි)
කෝ මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා....? 119 ට ඇමතුම දුන්නේ පොලිසියමද....?? (නි)
කොහොමහරි මියගිය අයට සාධාරණයක් වෙනවා නම් හොඳයි (නි)
අර මාධ්‍ය ප්‍රකාශකතුමා දැන් මොකද දන්නේ නැහැ කියන්නේ? (නි)
දසක දෙකක කාලයතුල. පොලිසිය කරන අසාදාරන වැඩ වලට වන්දි ගෙවන්නේ අහිංසක ජිවිත වලින් මේ ගෙන කතා කිරීම නොව මෙවෙනි දේවල් නොවන්න කටයුතු කිරීමයි පාලකයෝ බුද්ධිමත් නම් කරන්න ඕනේ. (ර)
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුව විශේෂ ප්‍රකාශ කරයි. (නි)
අනේ ඒ මාධ්‍ය ප්‍රකාශකතුමාම තමයි කිව්වේ පොලිසිය කියන්නේ වැදගත් වැඩක් කරන තැනක්, නිල ඇඳුම දැක්කම මිනිසුන්ට ඒකේ වැදගත්කමක් මුසු ගාම්භීරබවක් දැනෙන්න ඕනෑ. ඒක නිසා "දඩයම් බට්ටා" වෙළඳ දැන්වීම තහනම් කළා කියලා. අනේ අපෝ! දැන් එතුමාට මොනවා හිතෙනවාද දන්නෙ නැහැ ඇඹිලිපිටි උසාවි ගියාම...... (නි)
අනේ මන්දා මේවා! (නි)
රවී, කඩේ යන එක නවත්තලා මොළේ ඇති වැඩක් කරන්න. (නි)
මෙහිදී මාධ්‍ය ප්‍රකාශක හැසුරුණු ආකාරය හා රජයේ දේශපාලකයින් පොලීසිය වෙනුවෙන කරුණු දැක්වීම ඉතාමත් බැරෑරුම් තත්වයකට මඟපාදන වගයි මගේ අදහසයි. මෙය මෑත ඉතිහාසයේ කිහිප වතාවක් පිටපිටම සිදුවෙමින් පවතී. පොලිසියේ මේ හැසිරීම පොලිස් කොමිසම ස්ථාපනය කිරීම සම්බන්ධව පොලීසියේ ඉහළ නිලධාරීන් විසින් ඉස්මතුකරන විරෝධතාචයක් සේ මම දකිමි. ජනාධිපති හා අගමැති සත්‍යවාදී යහපාලනයක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, මේ පිළිබඳව ඉතා ඉක්මනින් හා ප්‍රායෝගිකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. (නි)
අද ලංකාවේ පොලිසිය නීච වෙලා, පොලිසියේ සිටිනා අවිනීත ක්‍රියා කරන කොටසක් නිසා. මේ අතර අවංක නිහතමානි පොලිස් නිලධාරීන් කොටසක් ඉන්නා බවද කිවයුතුමය (නි)
මහින්ද සෞදි, ලියන්න කලින් කල්පනා කරලා බලන්න මොළය තිබෙනවා නම්. (නි)
අනේ මන්දා මේකේ අවසානයක් කවදා දකින්න ලැබෙයිද කියලා (නි)
මේකට නියම දඬුවම් නොදුන්නොත් මේ ආණ්ඩුවේ අවසානය ළඟදීම දකින්නට පුළුවන් වේවි (නි)
පොලිසිය ලයිසන් පාතාලයක් වෙලාද? හැබැයි දැන් තත්වය දරුණුයි. (නි)
සිවිල් ජනතාව නැඟීසිටින්න පෙර පාලකයන් පියවරක් ගතයුතුයි. අපි භීෂණ වලින් හෙම්බත්වෙලා ඉන්නේ. ආයෙත් නම් ඒ වගේ තැනකට අපිව පත්කරන්න එපා. (නි)
කනපිට පෙරලුනා කිව්වහම මම හිතුවේ මියගිය පුද්ගලයා තමා විහින්ම මරාගත්තා කියලා. මේක වුණේ කොහොමද කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇරෙන්න අනිත් හැමෝම මුල ඉඳලාම දැනගෙන හිටියානේ . ඉතින් කනපිට පෙරලුනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ කතාව මිසක් ඇත්ත සිද්ධිය නොවෙයි (නි)
පොලිස් කොමිසම ගැන විශ්වාසයක් නැහැ. ඒ ඔක්කොම එකයි. මේ පොලිසිය ප්‍රතිසංවිධානය කළයුතු කාළයයි. දැක්කනේ මාධ්‍ය ප්‍රකාශක හැසිරුනු ආකාරය. බුද්ධිමත් වෙන්න. (නි)