ඇඹිලිපිටිය නගරයේ සාදයකදී පොලිසිය හා ඇතිවු ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන (29) එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට පක්‍ෂව සාක්කි දුන් දමිත් දේශාන් අබේවික‍්‍රමට එරෙහි කොල්ලකෑම් දහයක් සම්බන්ධ නඩු ඇත.
ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනක කැකිරිදෙණිය මහතා ඔහු රිමාන්ඩ් කළේය.
2015 සහ 2016 දී ඔහු මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා ඇතැයි උසාවි ආරංචි කියයි.
වසරවල සිදුකර ඇතිබව පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසීය.
ජයවර්ධන ගේ මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් ඔහු කීවේ ප්‍රසන්න ජයවර්ධන සාදය පැවති නිවසේ ඉහළ මාලයෙන් බිමට පනිනවා තමන් දුටු බවයි. එසේ සාක්කි දීමෙන් මාස දෙකකට පමණ පසුව 2016 මාර්තු මාසයේ දින දෙකකදී ගිනි අවි සහ තියුණු ආයුධ පෙන්වා රන් ආභරණ සහ මුදල් කොල්ල කා ඇතිබවට පැමිණිලි දෙකක් ලැබී ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. ඇඹිලිපිටිය නගරය, වැව්අතුරපාර, වැවගම, චන්‍ද්‍රීකාවැව ආදී ප‍්‍රදේශවලදී මොහු මෙම කොල්ලකෑම සිදුකර ඇතිබවද, අධිකරණයේදී කියැවිණි.
සැකකරු අධිකරණය මගහරිමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත බවද පොලිසිය මහේස්ත‍්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇඹිලිපිටි සාක්කිකරුට එරෙහි කොල්ලකෑම් නඩු 10ක්
සෑම් Thursday, 07 April 2016 07:40 AM
දැන් දැන් බලලා මල්ලෙන් එලියට පනිනවා . මෙයාගේ නඩු ඉල්ලා අස්කරන්නම් හරි සාක්කි පරස්පරව ඉදිරිපත් කරලා බේරා ගන්නම් කියාපු නිසා වෙන්න ඇති බොරු සාක්කි දුන්නේ.(ම)
නිහාල් Thursday, 07 April 2016 08:23 AM
රටකට ගිය කලක්! (නි)