ඇඹිලිපිටි සිද්ධිය සම්බන්ධයෙන් අද (27) අධිකරණයේදී සාක්කියේ සඳහන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කිරීමත් සමග ඒ ආරංචිය ලැබුණු ඇඹිලිපිටිය වැසියෝ ප්‍රීතියට පත්ව රතිඤ්ඤා දල්වමින් ජයගොස නගන්නට වූහ.
පසුගිය දින කිහිපයේදී ඇඹිලිපිටි සිද්ධියට සම්බන්ධ බව කියන ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි බල කරමින් උද්ඝෝෂණ විරෝධතා කළ එහි වැසියෝ අද පස්වරුවේ වඩාත් සතුටට පත්ව ප්‍රීති ඝෝෂා කරමින් වීදි බැස සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල කරගන්න එපා ටිකක් ඉවසල ඉමු වැරදි කරුවන්ට දෙන දඩුවම මොකක්ද කියලත් බලලම සතුටු වෙමු. (බ)
වියයුත්ත වියයුතුම නොවේද? (නි)
අත්අඩංගුවට ගැනීම සියල්ලෙහි ම අවසානය නොවෙයි. දැන් තමයි අවධානයෙන් ම සිටිය යුතු වෙලාව. එක සාක්කියක් හෝ පරස්පර වුනොත් විත්තිකරුවන් නිදහස් වේවි. සාක්කි කරුවන් නීති විශාරදයින් නොවෙයි. සැකකරුවන් නීතියෙ හිල් වලින් රිංගන කප්පිත්තො. දැන් තමයි අමාරුම හරිය පටන් ගන්නේ. (බ)
වෙදගේ කොහෙද පමාවුණේ කරුණු විමසන්න කාලයක් ඕනේ. කාටත් සාධාරණ වෙන්න. මහින්ද ඔයත් හරියට බලු මැක්කා වගේ. වැරදිමයි පේන්නේ. (බ)
මේ මිනිසුන්ට සාධාරණය ඉෂ්ට වියයුතුයි. සතුටුයි අපේ අධිකරණය ගැන (නි)
මොනදේ වුණත් අර තරුණ කෙනා මෙලොව හැරගොසින් . මින් ඉදිරියට එවැනි දේවල් සිදු නොවෙන්න යාන්ත්‍රණයක් හදන්නයි ඕනේ (බ)
මහින්ද සෞදි දේශපාලනය කරගන්න එපා හැම ප්‍රශ්නයම.මහින්ද පැරදුනා.අයෙත් එන් නැහැ, මහින්ද පැරදුන එකට රට ආපස්සට අදින්න එපා.එක පුද්ගලයෙක් වෙනුවෙන් රට තුල අසමගිය ඇතිකරන්න එපා.ඔය දැන් මගේ රට මගේ ජාතිය කියල කෑගහපු ගොඩාක් අය එදා යුද්දේ තියෙන කොට හැංගිලා හිටියේ.ජිවිත නැති වුනේ අහිංසක දුප්පත් කොල්ලන්ගේ. එ්ක අපේ හරි දෙමල මිනිසුන්ගේ හරි.ලංකාවේ ඉපදුන ලාංකිකයන්ගේ ජිවිත නැති වුණේ. එ්ක හින්ද අායෙත් යුද්දයක් ඇතිකරන්න එපා. (බ)
මේක නම් හොඳ දෙයක් නොවේ. මට නම් හිතෙන්නේ අසුභ අනාගත පෙරනිමිත්තක් කියායි (නි)
අත්අඩංගුවට ගන්නේ කවුද? ඒ පොලිසියම නේද? මේක වෙනවද බලන්න මිනිසුනේ බොරු සද්ද නැතුව (නි)
එහෙනම් මනෝජ් කියන්න බලන්න හොඳ දේ මොකක්ද කියලා (නි)
මා අද එකක් කියන්නම්. මේ ඝාතකයින්ට දඩුවම් දෙයි කියල 100% ක් කියන්න බෑ. සමාජය ඒ තරම් දුෂ්ටයි. එකමුතුව තිය ගන්න. අපි හැමෝම ඔයාලත් එක්ක ඉන්නවා. මේක අපි හැමෝටම පොදු ප්‍රශ්නයක්. මොකද මේ දේ අපි හැමෝටම වෙන්න පුළුවන් අද හෙටම. (බ)
නීතියේ සාධාරණය ඉටු කරගන්න මිනිස්සුන්ට අද ජීවිත පරිත්‍යගෙන් කටයුතු කරන්න සිදුවෙලා. මෙහි වගකීම සම්පුර්ණයෙන්ම බාරගත යුත්තේ රජය. මේ සිදුවිමෙන් රජයේ දුර්වලතාවය මනාවට පිළිබිඹු වෙනවා (ම)
අරක්කු හිගමනේ ගොස් මිනීමැරීම ගැන චෝදනා ඇති ඕනෙම නිලධාරියකුට නිතිය ක්‍රියාත්මක විය යුතුය. එහි තර්කයක් නැත. ඒවගේම ඇඹිලිපිටි වැසියෝ ද ඔය කියනා තරම්ම හික්මීමක්,ඉතා හොද හැසිරීමක ඇති අය නොවේ (බ)
ප්‍රමාදවී හෝ බිරිඳගේ සාක්කිය පිළිගත් නඩුකාර උතුමාට අපේ ප්‍රණාමය (ම)
ප්‍රීතිවුණා වගේම සාමයත් රැකගන්න එක මහජනයා සතු වගකීමක්. (නි)
අනේ පින්සිද්ධ වෙනවා දන්නා කෙනෙක් කියනවද අර මාධ්‍ය ප්‍රකාශක උතුමා කොහෙද කියල . අායුබෝන් නොදැක්ක නිසා ඇහුවේ , ඇහුවට තරහ ගන්න එපා හොඳේ (බ)
මේ සිද්ධිය ගැන වචනයක් කතා නොකළ අගමැති,හිමි නමගේ ප්‍රශ්නයේදී ඉක්මන් වාර්තා ඉල්ලාසිටියා.මේකද වෙනස. (බ)
හිතවත් අැඹිලිපිටියේ ජනතාවෙනි කල්පනාවෙන් ඉන්න ඔය ආණ්‌ඩුව විශ්වාස නොකරන්න. (බ)
සාධාරණය යුක්තිය හරියටම ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා. එදා හටගත් වේදනාව වගේම අද සතුටක් දැනෙනවා වෙන්න පුළුවන් ඉවසීමෙන් කටයුතු කරන්න (ම)