තමන්ගේත් තම දියණිගේත් ජීවිතවලට හානියක් කරතැයි බියක් ඇතිවි තිබෙන බව ඇඹිලිපිටිය නව නගරයේ සාදයක ගැටුමින් මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනි මුණසිංහ මහත්මිය අද (2) මාධ්‍යයට ප‍්‍රකාශයක් කරමින් පැවසුවාය.
ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් සහ හිමිනමකගෙන් තමන්ට බලපෑම් එල්ල වෙතැයි ඇය පවසන්නීය.
‘මේ සිද්ධියට මාධ්‍යවේදීන් ඇතුළු අය එකතුවෙලා ඇඹිලිපිටියට ලොකු කලූ පැල්ලමක් ඇතිකර තිබෙන බවත් ඒ දේවල් නවත්වන්න මට පුළුවන් කියලාත් කිව්වා. වෙච්ච දේවල්වලට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් කිව්වා. එයාට නායක හාමුදුරුනමක් ඉන්නවා කිව්වා හාමුදුරුවෝ ඉස්සරහට වෙන හැම දෙයක්ම බලා ගනියි කියලා කිව්වා. මෙතනින් එහාට ගෙනියන්න එපා කියලා කිව්වා. එයාලා උදව් කරන්න වගේ ඇවිත් පෞද්ගලික තරහවල් පිරිමහ ගන්න හදන්නේ කියලා කිව්වා. ඔයාගේ අසරණ කමින් ඒ අය ප‍්‍රයෝජන ගන්නයි හදන්නේ කියලා කිව්වා. එයා ලොකු තනතුරු ගණනාවක් දරනවා කිව්වා. මාධ්‍යවේදිනියකුත් කිව්වා. එයා හඳුනන නායක හාමුදුරු නමක් ඉන්නවා කිව්වා. ඒ හාමුදරුවන්ගේ පදනමක් තියනවා කිව්වා. ඒ පදනමින් මට සල්ලි දෙන්නම් කිව්වා. රහසක් විදියට තියාගන්න කියලා කිව්වා. හාමුදුරුවෝ මා ගැන බලාගනියි කිව්වා. නඩු කියලා වැඩක් නෑ කියලා කිව්වා. දැන් මට ලොකු බයක් දැනෙනවා. මගේ දරුවා පාසල් යවන්නත් බයයි. මටයි දරුවටයි මොනවා හරි කරයි කියලා බයක් දැනෙනවා.’’ යැයි ශෂිකා නිෂාමනී මහත්මිය පැවසුවා ය.
සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් හා මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි නිතීඥ විජිත ජී පුංචිහේවා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ ශෂිකා නිෂාමනී මහත්මිය ඒ ගැන තමන්ට දැනුම් දී ඇතිබවයි. මරණ පරීක්‍ෂණය 03දා පැවැත්වෙන නිසා රජයේ අධිනිතීඥවරයාට දිව්රුම් පෙත්සමක් මගින් කරුණු දක්වා සුදුසු පියවරක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ තිලක්-ඩුබායි, හොරු ගැන සුරඟන කතා කියල දේශපාලකයන්ට කඩේ යනවා මිසක් මේවා ගැන නිශ්ශබ්දයි. (බ)
ඔය කියන හාමුදුරුවෝ කවුද කියලා මට නම් හිතාගන්න පුලුවන් (නි)
වන්දියක් ගන්නවා නම් උසාවියත් දැනුවත් කරලා ගන්න. නීතියට අනුව පොලීසිය වැඩ කළයුතුයි. (නි)
වැටක් ගැහුවා කුබුර බේරගන්න, එත් වැටම කුබුරේ ගොයම් කනවා. (ර)
ඔය අර හිමි හා චන්දිම නෝනා (බ)
මෙන්න නියමම මනුස්සකම. හාමුදුරු කෙනුකුයි, තව ගැහැණු කෙනුකුයි එකතුවෙලා මේ අසරණ වෙච්ච අම්මාටයි දරුවාටයි උදවු කරන්න හදනවා. (නි)
ස්වාමින් වහන්සේලා කාන්තාවන් සම්බන්ධ කරගෙන මොනාද මේ කරන ගනුදෙනු. ටිකක් හොයල බලන්න වෙයි වගේ. සිවුරටත් නිගරුවක්. (ම)
පව් අර අසරණ අම්මා. කොහොම ඉවසගෙන ඉන්නවද මන්දා. නීතියෙන් එයාට පිහිටක් ලැබේවා.! (ර)
අනේ මන්දා මොනවා වෙයිද කියලා මටත් බයයි (නි)
දෙවරක් හිතන්න නෝනා (නි)
කවුද මේ හාමුදුරුවෝ සහ කාන්තාව කියලා දැනගන්න කැමතියි. (නි)
ඔය හාමුදුරු නම මොකක්හරි සංවිධානයක කෙනෙක් වෙන්න ඕනෑ (නි)
සමහරු අර අහිංසක කාන්තාව ඉදිරියෙන් තියාගෙන මාධ්‍ය සංදර්ශන පවත්වනවා නිතරම. අපිට හරිම කණගාටුයි. (නි)
විපත,පාඩුව සිදුවෙලා තිබෙන්නේ ඔවුන්ට. ඇයගේ කට වසා ඇයට උදව් කිරීමට උත්සාහ කරනවා නම් එය ඉතාමත් වැරදි උත්සාහයක්. දැන් කළයුත්තේ මේ හාමුදුරුවන්ගේ උත්සාහය ගැන සොයා බැලීමයි. කළු පැල්ලම ඇතිවී ඇත්තේ පොලිස් යන නාමය හැදීමට මුල්වූ අකුරු වලින් පටන් ගන්න වචන වල තේරුම හරියට නොදන්නා පොලිසියට. (නි)
සංඝාධිකරණයක් හදලා මේ වගේ හාමුදුරුවරුන්ට පාඩමක් ඉගැන්විය යුතුයි (නි)
තමන් බලවත් කියලා හිතාගෙන ඉන්න ගිහි පැවිදි හැමෝම දැනගන්න ඕනෑ තමන්ගෙ අකටයුතුකම් හැම දෙයක්ම හැමදාම වහගන්න බැරි බව. ඒ වගේ අය මට්ටු වෙන්නෙ බොහෝවිට කවුරුත් ගණන් නොගන්න අහිංසකයෙක්ගෙන්. හිටපු ජනාධිපති ඒකට හොඳම නිදර්ශනයක්. (නි)
පළමුව කට වහගෙන සල්ලි ගන්න .පසුව කට අරින්න .සල්ලි තියාගන්න (ම)
මේ හැමදේම ටික දවසයි (නි)