ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන පසුගිය ජනවාරි 4 වැනිදා ගොඩනැගිල්ලකින් වැටී මිය යාම සම්බන්ධ මරණ පරීක්ෂණය අද (3) අවසන් කළ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබන 1 වැනිදා ඉදිරිපත් කරන ලෙස රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධරයාට නියෝග කළේය.
අද සිව්දෙනෙක් සාක්කි දුන්හ. මිය ගිය ජයවර්ධනගේ මස්සිනා කෙනකු වන ජී.කේ.විමලසිරි පැවසූයේ සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න, මරණකරු දෙවැනි මහළින් තල්ලු කරනු තමා දුටු බවයි. පොලිසිය එහි පැමිණ සාදයට හවුල්වූ අයට පහර දෙද්දී තමා මේසයක් යට සැඟවී සිටි බවද ඔහු කීවේය.
ජයවර්ධනගේ මව ජී.කේ.ගුණවතී, ව්‍යාපාරික සංජීව රාජපක්ෂ, සර්ටීස් ආයතනයේ ආර්.බී.ජී ජයන්තද සාක්කි දුන්හ. නීතිඥ විජිත පුංචිහේවා මහතාගේ උපදෙස් මත ජයවර්ධන ගේ බිරිය ශෂිකා නිශාමනී රණසිංහගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසූයේ මරණකරුගේ බිරිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනතුරු සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට නොගත් බවයි.
ලබන නඩු වාරයට පෙර මේ සිද්ධියට හවුල් ඇඹිලිපිටි පොලිසියේ මූලස්ථාන පරීක්ෂක හා සෙසු පොලිස් සාමාජිකයන් අත්අඩංගුවට ගන්නැයිද ඔහු කියා සිටියේය. රහස් පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.
රජයේ නීතිඥ දිලීප පීරිස් මහතාද අධිකරණයට සහාය විය.
නීතිවේදී විජිත පුංචිහේවා මහතා අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මරණකරුගේ බිරියට හා දරුවාට මරණ තර්ජන එල්ල කළැයි කියන මාධ්‍යවේදිනියක ද වන ව්‍යාපාරික කාන්තාවක බව කියන තැනැත්තිය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සහගහන අපරාද මේ අහිංසක දරුවට ඒ අසරණ තරුණ බිරිදට ඔවුන්ගේ අනාගතයට වග කියන්නේ කවුද? (හේ)
මරණ තර්ජන එල්ල කළ මාධ්‍යවේදිනියකද වන ව්‍යාපාරික කාන්තාවකගේ විස්තරත් වහා හෙළි කරන්න. (නි)
මෙයට මැදිහත්ව සිටින හාමුදුරුවන්ගේ නම මුළු රටටම හෙළි කළයුතුය. (නි)
උසාවි තීන්දුව කැලේට විසිකරලා නොදුටුසේ කටයුතු කරන පොලිසියක් ඉන්න රටක..ප්‍රදේශයේ ප්‍රසිද්ධ මහා නායක හිමිනමක් අමු අමුවේ පොලිසියට කඩේ වඩිනකොට මේ අහිංසක කාන්තාවට මොන ආරක්ශාවක්ද....? ළගදීම ආගිය අතක් නැහැ කියල අහන්න නොලැබුනොත් පුදුමයි. (බ)
මේ දරුවන් ආයේ පොලිසියේ අය කවදාවත් විශ්වාස කරයිද? (නි)
පරදින්නේ පොලිසිය නොවේ. සමාජයයි. වගකිව යුත්තෝ පොලිසිය මෙහෙම හැසිරෙන්නේ මොකද කියලත් සොයලා ප්‍රතිකර්ම යෙදුවේ නැත්නම් මුළු රටම ප්‍රපාතයට යයි. මොනවා වුනත් අපට පොලිසිය නැතුව බෑ. (හේ)
මේවට තියෙන්න ඕන සෞදි නීතිය මුන්ව ප්‍රසිද්ධියේ එල්ලන්න ඕන,,,දැන් උපාසක පාට්,,(බ)
සාක්කි කාරයෝ ටික අවසන් කිරීමේ මෙහෙයුමත් ළගදීම....(බ)
අන්න ඒ ගැනිට හොඳ චරිත සහතිකයක් දෙන්න පාර්ලිමේන්තුවේදී. එයා වසලයෙක් නෙමෙයි. බැමිනියක්. (අ)
ස්වාධීන පොලිස් කොමිසම ගෙනෙමුද? (නි)
කොහොම වුණත් පරීක්ෂණ කටයුතු අවුරුදු ගණන් කල් නොයවා ඉක්මනින් අවසාන කිරීම ගැන අප ස්තුති කළයුතු වෙන අතරම නඩු විභාගයද ඉතාම ඉක්මනින් අවසන් කර චුදිතයන්ට නියම දඬුවම් ලබාදෙන්නේ නම් අපේ රටේ අධිකරණ පද්ධතියේ සාධාරණත්වය ගැන සතුටුවිය හැක (නි)
උසාවි නියෝග අනුව පොලිසිය ක්‍රියාකළේ නැත්තේ මොකද කියලා පොලිස් කොමිසම මහජනයාට ප්‍රකාශ කළයුතුය. (නි)
කොටි හෙන්චයියලාගේ සාක්කි අනුව අර රණවිරුවාට මරණ දඬුවම නියම කිරීම පූර්වාදර්ශයට ගන්නවා නම් මේ සාක්කි හොඳටම ඇති නේද මේ ගැන තීන්දුවක් ගන්න? (නි)
මගේ සහෝදරයෙකුට මේ දේ කළා නම් මම කරන දේ මට මෙතන ලියන්න අමාරුයි (නි)